Categories
Buddhism

සතර අගති

ධර්ම චක්‍රයපාලකයා කවර කරුණකදී වුව අන්තගාමී වනුයේනම් එවැනි රටක/රාජ්‍යයක සාධාරණය, යුක්තිය ඉෂ්ට නොවේ. එනිසා ජනතා සුබ සිඬිය උදෙසා පාලකයා සතර අගතියෙන් වැළැකිය යුතු බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කලසේක. මේ ලිපිය මෙහි එනුයේ වත්මන් හෝ ඉපැරැණි ලොව වූ පාලක විග්‍රහයකට හෝ දේශපාලන මතවාදයකට හෝ නොව හුදෙක් ලෝක වාසීන්ගේ හිතසුව පිණිස ම ය.

ඡන්දය

Advertisement

මින් අදහස් වන්නේ යම් යම් දෑ ගැන ඇති පුද්ගල කැමැත්ත යි. ස්වතන්ත්‍රව ගන්නා තීරණ හා කළ යුතු නොකළ යුතු දෑ පිළිබඳ ගන්නා තීරණ මීට අදාල ය. එබැවින් පාලකයා යුක්තිය, සර්‍ව සාධාරණත්වය ඉටුවන පරිදි නිවැරැදි තීරණ ගැනීම අගතියෙන් වෙන් වීමෙකි.

ද්වේශය

යුතුකම්, සුදුසුකම් හා සාරධර්ම පිළිබඳ යථාවබෝධය නොමැතිව සමගිය හා සාමදානය පිටුදැක කටයුතු කිරීම ‍ද්වේශය යි. රටවැසියා හෝ නිලධාරීනට දඬුවම් කිරීම ඔවුනගේ අභිවෘඬිය උදෙසා ම සිදුකළ යුතුවේ. එසේ නොමැතිව පාලක‍යා දැඩි අන්තවාදී දූෂිත මනෝභාවයකින් හෙබි නම් හේ තුළ මධ්‍යස්ථ සිතුවිලි ඇති නොවේ. යහ පාලනයක් උදෙසා ද්වේශය පිටුදැකිය යුතුබව බුදුදහම අවධාරණය කරයි.

භය

මෙහිදී පාලකයා සෑමවිට ම මැති ඇමතීන්, සෙසු නිලධාරීන් හා ‍අන් පාලකයන් පිළිබඳ මහත් භීතියකින් පසුවීම භය නම් වේ. එහෙත් විශිෂ්ට චරිතයක් ඇති පාලකයා කිසිදු විටෙක බිය නොවේ. හෙතෙම බුඬිමත්ව ක්‍රියා කරයි. භය ඉස්මතු වනුයේ ආත්මාර්ථය නිසා ය. එබැවින් බියෙන් පෙලෙන පාලකයා ජනතාව ද නිලධාරීන් ද අයථා ලෙස පෙළීමට පත් කරන හෙයින් බුදුදහම භය අගතියක් ලෙස උගන්වයි.

මෝහය

මෝහය යනු මුළාව යි. රාජ්‍ය පාලනයේදී පාලකයාට තීක්‍ෂණ බුඬියක් තිබීම අත්‍යාවශ්‍ය ය. එබැවින් හේ මෝහය මුලිනුපුටා දැමිය යුතුය. එය සියළු වැරැදි ක්‍රියාවලට මුල්වන අකුසල මූලයක් හෙයින් එය අගතියක් ලෙස බුදුදහම උගන්වයි. පාලකයා බුඬිහීන, අඥාන මෝඩයකු නම් ඔහුට යහ පාලනයක් ගෙනයාම ඉතාමත් අපහසු ය. යුක්තිය, සාධාරණත්‍වය වටහා ගැනීමට පාලකයකු මුළාවෙන් තොරවිය යුතු ය. ඉන් අගතිගාමී නොවිය යුතු ය.

යථොක්තාකාරයෙන් සැවොම සුගතිගාමී වනු දැක්ම ලෝකවාසී සැමට මැ සන්තුෂ්ඨි දනවනු ඇත්තේ ය.

2 replies on “සතර අගති”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page