Categories
Buddhism

සප්ත අපරිහානීය ධර්ම

බුඬකාලීන වජ්ජි සමූහාණ්ඩුව ස්ථාවරව පැවැතියේ මෙම සප්ත අපරිහානීය ධර්මයන් අනුගමනය කළ හෙයිනි. ඒවා ඔවුනට හඳුන්‍වාදෙනු ලැබූයේ බුදුපියාණන් විසිනි. ධාර්මික රාජ්‍ය පාලනයකට මෙම සප්ත පරිහානීය ධර්ම පිටිවහලකි. එසේ ම වර්තමාන සමිති, සමාගම්, විනිශ්චය සමූයන් ආදියේ ද සාර්ථකත්‍වයන් උදෙසා මෙහි වන ඇතැම් කරුණු උපකාරී වනු ඇත. ඒ අපරිහානීය ධර්ම සප්තකය මෙසේ ය.

  1. නිතර නිතර රැස්වීම.
  2. සමගියෙන් රැස්ව සමගියෙන් සාකච්ඡා කොට සමගියෙන් විසිර යාම.
  3. නොපැනවූ නීති නොපැනවීම හා පැනවූ නීති කඩ නොකිරීම.
  4. වැඩිහිටියන්ට ගරු කිරීම.
  5. අවිවාහක කුල කුමරියන්ට ආරක්‍ෂාව සැලසීම.
  6. තම ජනපදයේ හා පිටත පූජනීය ස්ථානවලට ගරු කිරීම.
  7. තම ජනපදයට පැමිණෙන රහතන් වහන්සේලාට ආරක්‍ෂා, පහසුකම් සැලසීම

මෙම කරුණු හත රාජ්‍ය පාලකයා හෝ ආයතන ප්‍රධානීන් අනුගමනය කළේවී නම් එහිදී නීතිය, සාමය, සදාචාරාත්මක බව, සාධාරණත්‍වය හා ආගමික දියුණුව ද සැලැසෙනු ඇත. ඒ අනුව මෙය පාලන තන්ත්‍රයට එක් කැරැ ගැනීමෙන් දැහැමි පාලනයක් ගොඩනගාගත හැකි වේ. රටවැසියාට විශ්වාසනීයත්‍වය හා සාමය සපිරි රටක/ආයතනයක කටයතු කිරීමට හැකිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page