Categories
Current Affairs

විරෝධතා සහ අයිතිකාරයෝ

පොඩි පොඩියට පටන් ගත්තු අය දැන් ගම්වල අයිතිකාරයො වෙලා. තැනින් තැන කල්ලි ගැහිලා, පක්ෂත් බලෙන් ප්ලග් වෙලා.., අරගලයට පියවරු ගොඩායි. ආං ඒ ගැන අත්දැකීමක් ගැනයි මේ කතාව.

සාමාන්‍යයෙන් විරෝධතාවයක් කියන්නේ කට්ටියක් සංවිධානය කරපු එකක් වුණාට දැන් පොඩ්ඩක් ලංකාවෙ තත්වෙ වෙනස්. පොඩි පොඩි සෙට් එක තැනකට එකතු වෙලා තම තමන්ගෙ හැටියට වැඩේ කරගෙන යනවා. සමහර ඒවා එහෙම පුංචි පුංචි ඒවා එකතු වෙලා හැදුනු ලොකුම ඒවා. හොඳම උදාහරණෙ ගාලුමුවදොර ගෝටාගෝගම. එතනත් පුංචි පුංචියට වෙන වෙනම ව්‍යාපෘති යනවා. කොහොම හරි වැඩේ කෙරෙනවනේ. එච්චරයි. 

Advertisement

හැබැයි ඔය මානසිකත්වෙ හැමෝටම නෑ. සමහරුන්ට දැන් පටන් ගත්ත වැඩේ අමතක වෙලා. ඔන්න එක්තරා ගෝටා ගෝ ගමක් තියෙනවා “හරිය?”. ඔන්න ඒකෙ අපිට වෙච්ච සිද්ධියක් අරබයා තමයි මේක ලියවෙන්නෙ.

පාස්කු ප්‍රහාරය යෙදුනු අප්‍රේල් 21 වෙනිදා අපි ඉතින් ගියා ඉටිපන්දම් ව්‍යාපාරයක් කරන්න. ඒ කිව්වෙ පත්තු කරගෙන නිහඬව ඉඳලා ඒ මියගිය අය සිහි කරන්න. ඔය වැඩවලට අපේ වට්සැප් ගෲප් එකක් තියෙනවා. ඒකෙ ඉතින් කට්ටිය ඊට දවසකට දෙකකට වගේ කලින් ඕක කතාවෙලා වැඩේ සං ගාලා ප්ලෑන් කළා. Flyers නුත් හැදුවා, හතර අතේම Share කළා.

ඔන්න ඉතින් අපි වැඩේට ගියා එදා. බයික් එකට පෙට්‍රල් නැති හින්දා මං බස් එකේ ගියේ. ඉතින් කලින් ගිය නිසා ටවුමෙ වැඩ ටිකත් ඉවරවෙලා මං ගෝටාගෝගමෙන් බෝඩ් එකක් අල්ලං හිටියා එතන කෑ ගහපුවට සපෝට් එකත් දිදී. ටිකකින් අපේ කට්ටියත් එතෙන්ට එන්න ගත්තා.

මාත් බෝඩ් එක පැත්තකට දාලා එතන ‘සංවිධානය කරන’ වගේ සීන් එකේ හිටපු එකෙක්ව දැනුවත් කරන්න හිතාගෙන කිව්වා “මචං අපි යාළුවො සෙට් එකක් රඹුක්කන මරණයයි, පාස්කු ප්‍රහාරයයි සිහිපත් කරන්න අද ඉටිපන්දම් පත්තු කරන්න ඉන්නේ, තව ටිකකින් කට්ටිය එයි” කියලා. මේ යකා ගත් කටටම කියපි “ආ ඔව් මචං, අපි පෝස්ට් දැම්මා. අද 6.30ට පටන් ගන්නෙ”

මූ යකෝ අපේ එක ගැන අපිටම කියද්දි මට නිකං කුචි වගේ! 😂 කොහොමහරි අපේ අරමුණ ඉස්ට වෙන හින්දා මං ඉතින් අපේ අයිතිවාසිකම් කියන්න ගියේ නෑ. නම දාගන්න ඕනකමක් නැහැ‍නෙ, රට වෙනුවෙන්නෙහ්.

ඔන්න හවස් වුණා – එතන පාංසුකූලෙ දෙන සීන් එකකුත් යන්න ගියා. හාමුදුරු සෙට් එකකුත් වැඩියා. දැන් එතනට කට්ටිය රැස් වෙන නිසා ඒ වැඩේ ගැන announce කරන අතරෙ අපේ වැඩේ ගැනත් කියලා තිබ්බා නම් ආපු කට්ටිය රඳව ගන්න පුළුවන්නෙ. අපේ M කියලා මල්ලි කෙනෙක් එක්ක මාත් ගිහින් එයාලට කිව්වා අපේ මෙහෙම වැඩක් වෙනවා ඒකත් කියමු නේද කියලා. ඕක ඇහිච්චි හාමුදුරු නමකට.

උන්දැ ඇවිත් කිව්වෙ නැතැයි “හා හා මල්ලි කරමු. ඉස්සෙල්ලා අපි පාංසුකූලෙ දෙද්දි ඔයාලා පිටිපස්සෙං බෝඩ් අල්ලං ඉන්නකො. ඊට පස්සෙ ඉටිපන්දම් ටිකත් එහෙම්ම පත්තු කරන්න” කියලා. දැන් නිකං අපේ වැඩේ අපෙං එතන උන්ට, එතනින් සඟ ගණට ගියා වගේ. ඒ සංඝයා නිකං එතන බලෙන් නායක සීන් එක දාගෙන හිටියෙ. අපිට බෝඩ් අල්ලන්න කිව්වෙ වට්ස්ඇප් එකට දාන්න වීඩියෝ එකක් ගන්නලු. එයාලා එතන වෙනම ගේම් එකක්.

ඒ පාර අර මල්ලි ආයෙ කිව්වා එහෙම නෙවෙයි, අපි මෙහෙම පාර දිගට නිහඬව ඉන්න තමයි හිතාගෙන ඉන්නෙ කියලා. ඒ පාර එතන ‘සංවිධායක’ අයියා කෙනෙකුත් ඇවිත් සද්දයක් දැම්මා එහෙම කරන එක අවුල් කියලා නොකියා කිව්වා.

ඒ කියන්නේ, එයාලට ඕන විදියට තමයි සේරම කෙරෙන්න ඕන. එයාලටත් වඩා උඩයි සංඝයා. තාම කතාව ඉවර නෑ.

ඔන්න කොහොමහරි පාංසුකූලෙ ඉවර වුණා – ඉටිපන්දම් පත්තු කෙරුණා. ඒක අපිට ඕන විදියට වුණෙත් නෑ. ඉටිපන්දම් පත්තු කරගෙන උද්ඝෝෂණ පාඨ කිය කිය කෑ ගැහුවා. අර මිනිස්සුන්ව සිහිකරන්න නිහැඬියාවක්වත් නැහැ. අන්තිමට තව අයියා කෙනෙක්ගේ ඇඳුනුම්කමට අර මල්ලිට එතන කතාවක් පවත්වන්න ලැබුණා. එයා පක්ෂ පාට බේද නැති පොදු අරමුණ ගැන හොඳ කතාවක් කළා.

මේක ඉවරවුණා විතරයි අර හාමුදුරු කෙනෙක් ආවා. ඇවිත් ඒ මල්ලිගෙ අතින් තදට ඇදලා අරගෙන “ඔයා කවුද? මොකක්ද සංවිධානෙ?” කියලා ගේමට වගේ අහපි. විදේශීය නාලිකාවක පෙන්නන්න තරම් ෆිල්ම් හදපු එයාට ඉතින් අමුතුවෙන් තමන් කවුද කියන්න ඕන නෑ. ඉතින් කියලා “හාමුදුරුවො නොදන්නවා වුණාට මෙතන ඉන්න අය දන්නවා” කියලා. ඒත් හෙනටම දැන් රැවුම් ගෙරවුම්. සීන් එක එතනින් තුනී වුණා.

ඒත් බලන්න දැන් මෙතන තත්ත්වෙ. එහෙන් දේශපාලන පක්ෂ බලෙන් ප්ලග් වෙලා මේවා තමන් කරනවා කියලා ටීවී එකේ පෙන්නන්න යනවා. තව කට්ටියක් පාර්ලිමේන්තුවෙ ඇතුලෙම ඉඳලා එළියට ඇවිත් අපිත් එක්ක කියනවා උන් හොරුලු. අපි දන්නවා උන් හොරු බව, ඒක ඇතුලෙදි කියපංකො! එහෙම නෑ හරිද. ඔන්න ඊළඟට බයියො ඉන්නවා. ඔන්ට තේරෙන්නෙ නෑ “නිර්පාක්ෂික, නිරාගමික” වගේ වචන. උන් හිතන්නේ සේරම කරන්නෙ රතු පක්සෙං කියලා.

ඔන්න දැන් අද තමයි අලුත් ලේයර් දෙකක් දැක්කෙ. එකක් අරගලයට අයිතිවාසිකමක් ගන්න හදන අය. තවත් කෙනෙක්ට අලුත් දෙයක් කරන්න ඉඩ නොදී ආධිපත්‍යය පතුරුවනවා. ඊටත් උඩින් සුපුරුදු පරිදි සඟ ගණ ඉන්නවා. එයාලත් ඉතින් දවල් කෑම එක නැතිවෙයි කියන බයටයි, බලෙන්ම තමන්ගේ auto-නායකත්වය ගන්නයි සද්දෙ දානවා. ඔන්න ඕකයි තත්ත්වෙ. ඉතින් ඔන්න ඔහොම අපි බෙදෙන්න බෙදෙන්න අර මහ උන්දැලාට ආතල්. දැන්වත් බෙදෙන එකෙන් මිදෙන්න. විවෘත මනසක් ඇති කරගෙන අරමුණ අමතක නොකර ඉමු! අරගලයට ජයවේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page