Categories
Events

විරුවන් වෙනුවෙන් #RanaViruMeetup

අපේ tweeps සැට් එකට මුණ නොගැහි ඉන්නම බෑ. එච්චරට බැඳියාව. ඒක නිකම්ම හායි-බායි කියන එකක් නෙවෙයි, හැම වතාවෙම අවශ්‍ය අයට අතහිත දෙන්න එක්කයි කරන්නෙ. මොකද TweetUpSL එකේ වුණත් එකතුවෙන මුදල් හොඳ දේකට හැම වතාවෙම යොදවනවා. ඔය අතරෙ අපේ ගිහාන්, අමිල, හිරාන් අයියලා ඇතුළු කීපදෙනෙක් කට්ටිය මුණගැහෙන ගමන් අපේ රණවිරුවන් බලන්නත්, ආධාර කරන්නත් #RanaViruMeetUp සංවිධානය කරලා තියෙනවා.යුද්ධය නිමා වෙලා අවුරුදු 6කුත් ගිහින්. මොන වෙලාවෙ බෝම්බයක් පුපුරයිද කියලා බයෙන් හිටපු කාලෙ, ගෙදරින් එළියට ගිය කෙනෙක් ආයිත් හවස එයිද කියලා සැක හිතුණ කාලය ගෙවිලා අවුරුදු 6ක්. ඉතින් අපිට මේ නිදහස ලැබුණෙ රණවිරුවො නිසයි. දේශපාලනේ මේකට ගාව ගන්න එපා, මේ වීරයො මුහුණට මුහුණ ගිහින් තමන්ගෙ ලේ, අත්, පා ඔබ-මා වෙනුවෙනුයි කැප කළේ. ඒකට ගෞරව දැක්වීම අපේ යුතුකමක්. චිත්‍රපටිවල වගේ නෙවෙයි, හැබෑම වීරෙයෝ.

හැමෝම දන්නවනෙ, රාගම ‘රණවිරු සෙවණ’. ලංකාවෙ කමට චුට්ටක් අමතක නම් වචනයක් කියන්නම්කො. 😉 මේක හදලා තියෙන්නෙ යුද්ධයෙන් පීඩාවටපත් රණවිරුන් පුනුරුත්ථාපනය කරන්න. එතන අත්-පා, දෑස්, මතකය අහිමි රණවිරුවන් බලා ගැනෙනවා. වාට්ටු තුනක, ආබාධිත සොල්දාදුවන් සිය දෙනෙක් ඉන්නවලු. සුව වෙනකම් (සමහරුන්ට සදාකාලිකවම) එයාලා මෙතන ඉන්න නිසා වැඩිය සමාජය ආශ්‍රය කරන්න වෙන්නෙ නැහැ. ඉතින් එයාලා කැමතියි අපි ගිහින් එයාලා එක්ක කථා කරලා සුවදුක් බලන එක ගැන. එක රැයක් ඉස්පිරිතාලෙ නැවතුණ කෙනෙක් ඒ හැඟීම හොඳටම දන්නවා ඇති. ඉතින් අපේ සැට් එකේ අරමුණත් ඒ විරෝදාර අපේ ම මිනිස්සුන්ට සවියක් වෙන්න හැකි උදව්වක් කරන එකයි.

Advertisement

වෙන අවස්ථාවල වගේ නෙවෙයි, active tweep කෙනෙක් නොවුණත් මේ මහඟු අවස්ථාවට බොහෝ දෙනක් සහභාගී වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. (මගේ ගානෙ T shirt එකක් දෙනවා ඇත්තමයි බිත්තරයො, එන්න 😛 )

පහත දේවල් තමයි එහෙට අවශ්‍යයි කියලා දන්වලා තියෙන්නෙ:

  • රෝද පුටු
  • වැලමිටි අත්වාරු
  • සිවිලිම් පංකා
  • ලිපිද්‍රව්‍ය
  • මුද්‍රණ යන්ත්‍ර සඳහා LQ2090 රිබන්

මුදලින් දායක වීමට කැමතිනම් මෙන්න ඒ ගැන විස්තර:

සම්පත් බැංකුව, Colombo Super ශාඛාව
නම: එම්. ඩී. සෙනරත් යාපා හෝ ඩබ්. ජී. ටී. ප්‍රනාන්දු
ගිණුම් අංකය: 1175-5482-2773

මේ වෙද්දි රු. ලක්‍ෂ 2කට වඩා ඒ කියන්නෙ බලාපොරොත්තු වුණු මුදලින් 75%ක් විතරම දැනට එකතු වෙලා. ඉතිරි 25ට ඇතුලත් වෙන්න නම් ඔන්න 19 වෙනිදාට කලින් දාන්න බලන්න.

මේ මාසෙ (ජුලි) 25වන සෙනසුරාදා උදේ 9.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙන මෙයට Millenium IT, Happy Sri Lankans සහ The Logo Patrol ආයතන විසින් අනුග්‍රහය දක්වනවා. ඔබටත් මෙයට දායක වන්නට, සහභාගී වන්නට පුළුවන් නම් ඒක අපේ ම කෙනෙක්ට අතහිත දෙන්නට, විශාල පුණ්‍යකර්මයක් කරගන්නට අවස්ථාව ලැබේවි. වැඩි විස්තර ඕනිනම් @RanaViruMeetup හෝ ගිහාන් අයියට (@gihangamos) tweet එකක් දාන්න, නැත්නම් [email protected] හෝ [email protected]ට ඊමේල් එකක් දාන්න.

මටනම් යන්න වෙන්නෙ නෑ. ඉඩක් තියෙනවනම් ගිහින් මෙතනින් register වෙලා, අපේ සැට් එකත් මුණගැහිලා, උත්තමයන්ට උදව්වකුත් කරලා, ඔය ඒ කාලෙ පත්තරවල තිබුණ දේවල් ඇත්තමද – කොහොමද ඒවාට මුහුණ දුන්නෙ කියලා එහෙම දැනගෙන හොඳට දවස ගත කරලා එන්න එහෙනම්! 🙂

ප.ලි. ඔතන ගිහින් #GenElecSL tweetsහෙම දානවා නෙවෙයි 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page