Categories
Events

Micro Futura 2012 [SVM]

InfoTech 2012 අපේ ICT day එක ඉවරවෙලා මාසයක් යන්නත් කලින් ඔන්න අපේ සහෝදරී පාසලෙනුත් ICT Day එකට Invite කරලා තිබුණා. කොහොමටත් මම අපේ එක ඉවරවෙලා දුකෙන් සහ “වාර්ෂික දින පිපාසයෙන්“ පෙලෙමින්නෙ හිටියෙ. 😉 හැබැයි එවපු ලියුම මම දැක්කෙ බ්‍රහස්පතින්දා. ඊට කලින් පෞද්ගලිකවත් ආරාධනා කීපයක් ලැබිලා තිබුණාට තරග කීපයකුත් තියෙනවා කියලා දැනගත්තෙ අඟහරුවාදා පසන් කිව්වාට පස්සෙ! Decent විදියට visit පාරක් දාලා එන්න හිටියෙ. 🙂 But ඒක දැනගත්තාම ඉහමොළ රත්වුණා.

Advertisement

Googleට ඉතින් පොඩි වදයක් දෙන්ට වුණා මං පාඩම් කරන්න ගිහිල්ලා. මොකද කොච්චර ICT බදාගෙන හිටියත් කාලෙකින් පොතක් ඇහැට දැකලා තිබ්බෙ නෑ. 😛 තව පොඩ්ඩෙන් ඉතින් මට ගිහිල්ලා උත්තර දෙන්ට වෙන්නෙ Bio වලින් තමා! 😉 අපේ කට්ටියටත් Messages දැම්මා ෆාඩම් කරෆල්ලා කියලා. බදාදා සහ බ්‍රහස්පතින්දා විශේෂ රැස්වීම දෙකකුත් ගන්න වුණා යන අයගෙ නම් ලිස්ට් එක හදන්නයි, අඳින පළඳින විදිහ කතාකරගන්නයි. ඒ වගේ ම චූටි කේස් පොජ්ජකුත් විසඳවා. 😮

ඔක්කෝට ම කලින් සහෝදර බාලිකාවන්ට ස්තූතිවන්ත වෙන්ටෝන අපේ කමිටු සාමාජිකයන් ටික ආයිත් එකට එකතු කළාට! අපේ Day එකෙන් පස්සෙ ආදරේටවත් හොයාගන්න නැතිවෙලා හිටියෙ. 😛 ආරාධනා කරලා එවපු ලියුමෙ ඇමුණුම කියෙව්වා ම අපි යවපු ඇමුණුමට මං අමාරුවෙන් වචන ගලපපු හැටි කල්පනා වුණා. Compare කරපු කට්ටියටම හිනා! 😀

ලියුමෙ Email address එක ලියපු හැටි දැක්කාම මොකද හිතෙන්නෙ? 😉

බ්‍රහස්පතින්දා රෑ මම පාඩම් කරන්න සෙට්වෙලා හිටියෙ තව යාළුවො දෙන්නෙකුත් එක්ක. ඒත් වෙනදා තරම් රෑ වෙනකම් නොඉඳ නිදාගත්තා පසුදිනයේ විශේෂ අවස්ථාවට Fresh පිට යන්ටෝන නිසා. මං නිදාගත්තු පාර ෆාඩම් කරන එක Dogට දාලා උනුත් දොයිය ගත්තා. (කිව්වට මගේ දෙපැත්තෙ ඉඳං සින්දු කිය කියා හිටියෙ! අෆ්ෆිරියයි) 🙁

සඳුදා උදෙන් ම කතාකරගත්ත විදියට සැරසිලා පාසලට කට්ටියම ඇවිත් හිටියා. ගෙදර ගිහිං එන්ට පරක්කු වුණ නිසා මම එද්දි උදේ 8ට කිට්ටු වෙලා තිබුණා. (ඒ වුණාට මං හැඩවෙවී හිටියයි වැරදි අර්ථකථනයකුත් ලැබුණා!! 😛 ) ධර්මවර්ධන සර්ගෙන් තද නීතියකුත් වැටුණා: “ගියාට කමක් නෑ; කෑලි බෑ!“ ඕන්න ඉතිං අපේ කමිටුවෙ සැට් එකයි, තව මල්ලිලා දෙතුන් දෙනෙකුයි එක්ක අල්ලපු වත්තට පියමැන්නා දෙන්නා බැගින් පේලියට. 🙂

ගේට්ටුව ඉදිරිපිට තොරණ ලස්සනට හදලා තිබුණා. අඩකවාකාර රැඳවුමක MicroFutura කියලා ගහලා, එයාලගෙ Club logo එක අලවලා තිබුණා. CDs කුඩු කරලා හිස්තැන් පුරවලා තිබුණා. (Photo එකක් නම්… මට තවම ලැබුණේ නැත. 😛 ) හැබැයි විහඟ නම් කිව්වා, “අපෝ Commerce Day එකට ගත්තු concept එක stand එකමයි කියලා.” 😀 ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට ම ගේට්ටුපාලයෙක් සිකුරුටි අංකල් කෙනෙක් බලාපොරොත්තු උනාට මගේ පෙරපාසලේ හොඳ ම යාළුවා යෙහෙළිය අපිව සාදරෙන්(?) පිළිගත්තා.

ඊට පස්සෙ හෙමින් හෙමින් ප්‍රධාන ශාලාවට රිංගුවා. එතන දොරකඩ ළමිස්සියො තුන්දෙනෙක් ෆයිල් කවර බෙදුවා. මට හැඟුණු විදියට එතන අපේ උදාරගෙ ඇඹෑණිත් හිටියා. 😉 අපි යනකොට Girls’ School එක, Convent එක (අපේ එකට තමා එන්න බැරි! 🙁 ) සහ බාලක පාසල් කීපයක් (නම් කියන්ට, අපි බලනවැයි ඕවා දිහා?) ඇවිත් හිටියා. නම් කළ මේසයක්, ලැප්ටොප් එකක් සහිතව කොටසක් අපිට ඉදිරිපෙළ අසුන්වලින් ම වෙන් කරලා තිබුණා. කාලයක් සෙට් නොවී හිටි අපේ උන්ට කට්ටියගෙ Posts ටිකත් අමතක වෙලා! මට දෙවැනි පේලියෙ මැදින් වාඩිවෙන්න උනේ. 😛 පස්සෙ කොහොමහරි මම ඉස්සරහ පේළියෙ කොනේ ම අසුනට සැට් උනා. (ට මොකද මගේ දකුණු බාහුව බාලිකාවන් එහාට මෙහාට යද්දි බේරගත්තෙ හරි අමාරුවෙන්!!) 😉 😀 ගියපු ගමන් ම මාධ්‍යවේදී වැඩේ කරමින් සිටි අර මගේ යෙහෙළියට මම විහඟගෙ කැමරාව දුන්නා Photos ටික අරන් දෙන්නෙයි කියලා. (හැබැයි, එතුමිගෙන් මං පස්සෙ වෙලාවක “ෆොටෝ ගත්තද?‘ ඇහුවාම “මේකෙනුත් ගන්නෝනිද?“ ඇහුවා! 😛 දුන්නාට වැඩිය හොඳයි…..!!! 🙁 )

අනිවා මට තේරුණ විදියට බාලිකාවන් භාවිතා කරන්නෙ ඇමැරිකං වෙලාව ද කොහෙද! ගිහිල්ලා වැඩිවෙලාවක් නොගිහින් ම වැඩේ පඨාං ගත්තා. අර කාගෙද අමුඩෙ වගේ එහෙත් අර Pirates of the Caribbean එකේ තේමාගීතයත් එක්ක Intro එකක් Play වුණා.  එයාලගෙ පොල්තෙල් ඉටිපන්දම් පහන මාර ලස්සනට හදලා තිබුණා. ඒකෙ මැදට වතුර පුරවලා යටින් ඔක්සිජනීකරණය කරමින් තිබුණෙ. මං ඒක දිහෑ බලාගෙන ඉඳිද්දි අශාන් කියනවා.. “අපෝ අර <ආයතනයේ නම> එකේ Rent කරන එකක් නෙ! 😛 ” ඒ අතරෙ පසන්ගෙන් හොඳ යෝජනාවක් ආවා. “ඒයි තඹරු, අරක මැදට ගෝල්ඩ් ෆිෂ් කෙනෙක් දැම්මොත් කොහොමද?“ 😀 (ඇයි හංස පැටවු හොඳ නැද්ද? කියලා අහන්න බැරිකමට මම හිනාවෙලා ඔළුව වැනීමි) 😉 😀

Image Courtesy: 
Micro Futura 2012

Hall එක දෙපැත්තම Facebook, Twitter, Google+, Skype, Apple Logosවලින් සරසලා තිබුණා. අපේ සචින්ගෙන් චෝදනාවක් තිබුණා Android ලෝගෝව නෑ කියලා. Stage එකේ තිබුණු Design එකත් හොඳයි. හැබැයි lights off වුණු වෙලාවට ගම්ගාපුවා දිලිසෙන්ට පටන්ගන්නවා. 😛 එක වතාවක් පසන් මටත් ඇනලා හිනාවෙන්ට පටන්ගත්තා අර බලහං දැනටම ඒක ගැලවිලා කියලා. Light On වුණා ම නෙවැ දැක්කෙ; ඒ පෙණුනු හැටි කියලා! 😛

පන්සිල් ගත්තෙ ඉංගිරීසි නිවේදකතුමීගෙ මුඛානුසාරයෙන්. (ෂහ්! එයාට ඉංගිරීසි වගේ ම පාලිත් පුළුවං. එතකොට සිංහල…? 😉 ) ඊට පස්සෙ වේදිකාවෙ තිර මෑත්කොට බාලිකාවන් පෙලක් පාසල් ගීතය ගායනා කළා. ඒ වුණාට මගේ හිතට වැඩේ ඇල්ලුවෙ නෑ. උච්ච ස්වර යද්දි ස්‍රැති Out. (අර… “සැරදේ“ or whatever කොටස කියද්දි) අනතුරුව එක් ගුරුතුමියකගෙ සහ සභාපතිතුමීගෙ ‘කඩුපහර‘ කතාවෙන් පස්සෙ එක්තරා බාලිකාවක් ඇවිත් අපේ පසන්ව එක්කගෙන ගියා IT Unit එකට යමු; Presentation එක හදන්න කියලා. 😉 (අෆෝ හිනාවෙන්ට එපා! Presentation එක හදන්න මිසක් වෙන මොන..) කෝකටත් කියලා වෙන්නැති අපේ ධර්මවර්ධන සර්නුත් පසන් එක්ක ගිහින් ළඟින් ඉඳලා තිබුණා. ඒ අතරෙ අපිට QUIZ එකට මූණ දෙන්ට සිද්ධ වුණා. (මා පසුව හඳුනාගත්) බ්ලේසර්ධාරිණියක් ඇවිදින් අපේ නම් ලිස්ට් එක ලියන්ට කොළයකුත් දීලා ගියා. (කිව්වට අනිසි කලබලයෙන් දිව්වා 😉 )

QUIZ එක ගියේ මෙහෙමයි: එයාලා දීලා තිබුණු ‘උකුලමත‘ එකේ තිබුණු සොෆ්ට්වෙයා එකේ තත්.15කට ප්‍රශ්ණ එක බැගින් 20ක් වැටෙනවා. (හැබැයි Coding අවුලක් ද මන්දන්නෑ.. 15 පැනලත් මුකුත් නොවුණු අවස්ථා නොතිබුණා ම නොවේ 😉 ) ඒකයැ නියම වැඩේ..! හැම කණ්ඩායකට ම, එක ළමිස්සිය බැගින්; එයාලාගෙ වචන වලින් ම කියනවා නම් Group in charge කෙනෙක් දාලා තිබුණා. අපේ පැතුම්නුයි අශානුයි යසිරුයි එතුමිව අල්ලගෙන බැයිට් කොරන්න ගත්තා. 😉 😀 කෝමහරි එතුමිගෙ කාර්යක්‍ෂමතාවයේ බලමහිමයෙන් අනිත් කට්ටයට වඩා විනාඩි කීපයක් පරක්කු වෙලා අපි උත්තර ලියන්න Click කරන්න පටන් ගත්තා. ඒකනම් දඩබඩ ගාලා ඉවරකළා අපි හැමෝටම කලින්!! අපිට ලකුණු 244ක් ලැබිලා තිබුණා.

ඒ වුණාට අපි හිතේ බයෙන් හිටියෙ මොනවැම් මොනවා වෙයිද කියලා. ඉතින් එහාට මෙහාට Signal දාලා දැනගත්තා අපි වැඩි ම බව! 😀

අනතුරුව නිල්පැහැ සාරිවලින් සැරසිච්ච කෙළි පැටික්කියො ටිකක් අඟර දඟර නැටුමක් පෑවා. හෆ්ෆොච්චියේ අපේ කට්ටිය ඒකට ෆෝම් වෙලා හිටියෙ! 😀 වෙලාවට ඉඟටිය දිහෑ නොබැලුවෙ. නැත්නං ඇහේ පොටත් යනවා. 😉

ඊට පස්සෙ තමයි ඔන්න මගේ ඇඟේ මාළු ලිනක්ස් නටන්ට පටන්ගත්තෙ! Microsoft එකේ dealersලා දෙපළක් Genuine, Windows7 සහ Office Package එක ගැන දේශනයක් Adඑකක් තිබ්බා. (මේ මොහොත වෙනකං Projector එක හොඳට Focus කරලා තිබුණා. ඔවුන්ගෙ ‘උකුලමත‘ ගහලා එහාට මෙහාට කළාට පස්සෙ මම Focusingවලට දීලා තිබුණු ලකුණු 0ටම බස්සන්න සිද්ධ උනා. 😛 ) එයාලා කියන විදියට, මාස 3ක් යනකොට Genuine නොකළ හොරකොපි වැඩකොරන්නෙ නැතුව යනවලු. Genuine නැති ඒවා Update කරන්ට බැරිලු. මිනිස්සු Linux පාවිච්චි කරන්නෙ නැත්තෙ ඒකෙ තියෙන Issues නිසාලු. X-( ERRRRRR!!!!! මට ඉතින් එතුමාව පෞද්ගලිකව මුණගැහුනානම් මං දේශනයක් දෙනවා ඕවා ගැන! මගේ මැසිම ගැන දන්නවනං ඉතිං එතුමාට සෙදි නැතුව තමයි යන්ඩ වෙන්නෙ. 😛 ඔක්කොටම වැඩිය ඔය Linux වලට අනංමනං කියනකොට මට…! 🙁

පසන්නුත් ආවාට පස්සෙ දෙයියනේ කියලා Refreshments ටික ලැබුණා වෙලාවටම. ඒකෙ සහ බෙදපු විදියෙ නම් කියන්ට වරදක් නෑ. අවුල උනේ අපේ අයට දෙක දෙක ඕනැවෙච්ච එක. 😉 (Joke එකට..) කෝමඋනත් අපේ සචින්ට ලැබිච්ච එකේ Paper Serviette එකක් තිබුණා. (එතුමාට ඒක වැදගත් ඇයි කියලා SV Science Day එකට ගියැවුන් දනිති) ඒ අස්සෙ අශාන්, සසිඳු බනිනවා Fan වැඩකරන්නෙ නැති තැනකට ය අපි දාලා තියෙන්නෙ කියලා. අපි ළඟ තිබුණු එකේ ජවය මදිව තිබුණෙ. ඒකනම් බැරියෑ…! රස ම වැඩේ කියන්නෙ Stage එකේ දකුණු පැත්තෙ ෆෑන් එකක් වැඩ කරනවා.. පෙති කැරකෙන්නෙ නෑ. ඒත් ෆෑන් එක හතර වටේටම කැරකෙනවා! 😀 😀 ඒ අතරෙ ලතා වල්පොලයන්ගෙ Remixed දුක් ගීයක් ඇහුණා…

රෑන ගිරා රෑන අඹේ මී බිබී – අපේ එකෙක් එම එකිවයි සොයන්නේ…

උගෙ කුමරී ඌව සොයා ඒ… – කන්ද උඩින් පියාසලාලා…

මාගේ  සචීන්ගේ සූදා… සාචින්ගේ සූදා.. – තාම නෑ….

 

ඊට පස්සෙ Networking ගැන Lecture එකක් පටන් ගත්තා රුහුණු විශ්වවිද්‍යාලයෙන්. ඒක Networking වලින් පටන් අරගෙන ඉවරඋනේ Physics වලින්. මං සංසාරෙ එෆා වෙලා හිටියෙ. ඒ වෙලාවෙ ඇත්තට ම මට පැනලා දුවන්ට හිතුණා පාසල වටේ රවුමක්. (කැබැලි බලන්ට නෙවෙයි! ඇඟේ පතේ හිරි යන්ට) ඉතිං මගේ Android රාජයාණන්ට පින් සිද්ධ වෙන්ට මං මූණුපොතේ පිටු පෙරැළුවා. ඒ අතරෙ අපිට දැනගන්ට ලැබුණා Presentation එකෙන් First Place අපිටය කියලා! 😀 ඡ:ඨා..ස්….!!
දකුණු පැත්තෙ තිබුණු Speaker එක ළඟින් Spark වුණා. (Fuse එක ගියා.) 😛

Image Courtesy: 
Micro Futura 2012

යාං…තං ඒකත් ඉවරවෙලා Puzzle එක පටන්ගත්තා. ඒකනම් යකාගෙ ම Puzzle එකක්. සමහර ඒවා ඉගෙනගත්තෙ ඒ වෙලාවෙ! ඒකෙ Across, Down විස්තර Presentation එකක දාලා තිබුණෙ! ඒකට නම් අපේ හැමෝගෙන් ම චෝදනා ලැබුණා මළ වදයක් කියලා.

ඒ අතරෙ වෑර්ලැස් Micro Futura ෆෝනයක් අතැතිව දෙපළක් හැම පාසලකින් ම Comments ගත්තා. අපේ ඉස්කෝලෙන් දෙන්ට උනේ මට. ඕක කියන්ට කලින් මට හතරවටින් උපදෙස් ලැබුණා: “මේ.. මචං, වැඩිය හොඳ කියන්ටෙපා ආඩම්බර වේවි!“ “තඹරුවෝ පුළුවන්නං කියහං අපේ එකට දෙවැනියි කියලා!“ 😛

12.25ට ඉවරවෙන්ට තිබුණාට මගේ ඔරලෝසුවෙන් නම් (ලංකාවෙ වෙලාව) 12.20 විතර වෙද්දි අපි අන්තිම අකුර ලියන්න හදනකොට ම අපේ Group in charge කොළේ ඇදලා ගත්තා!!! ඒකට නම් ඉතිං එතුමි Discharge කරන්න තරම් වදන්පෙළක් අපේ කට්ටියගෙ හිතපතුලෙන් කියැවෙන්නට නම් ඇත. 😉 😛

හූපා පීපී.. කියලා ඔන්න ත්‍යාග ප්‍රදානෝත්සවය ආවා. අපේ ඔය පවුල් පන්සල් වෙච්ච උදවියගෙ හෘදවස්තූන් තාම එතුමන්ලා ලඟමයි කියලා මම දැනගත්තෙ ඒ වෙලාවෙ! මගේ හිතනං ඉතිං ඕනවටත් වැඩියෙන් සැලෙමින් තිබුණා. (තාම Brand new නෙවැ! 😉 ) මුලින් ම Presentation එකේ තුන්වැනි ස්ථානයට ආරාධනා කළේ. ඒ වුණාට කල්පනාව නැතුව හිටි අපිට “තුන්වැනි“ කියලා නොඇසුණු නිසා මූණු-මූණූ බලාගත්තෙමු. 😛 පසුව ඉතිං First Place අපිට ම ලැබිණ. (අදාල කුසලානය ඉවරවෙන්ට කිට්ටුව ළඟට ගෙනැවිත් දිනි. 😛 ) QUIZ එකේ First Place එකත් අපිට. මං ගිහින් කුසලානයයි, සහතික ටිකයි අරගෙන ආවා. Puzzle එකේ First Place එක පැතුම් ගිහින් අරං ආවා. ඊට පස්සෙ “The overall championship goes to….“ කියලා නිවේදකතුමී නිහඬ උනා. (කුතුහලය දැනවියයුතු උනාට ඒකෙ උත්තරේ මම දැනගත්තා! 😉 මොකද එතුමි මගේ අපේ දිහෑ නෙව බලාගෙන හිටියෙ 😀 මට බිම බැලුනා :P) අශාන් ගිහින් ඒ ලොකුම කුසලානයත් අරගෙන ආවා! 😀 එචචර සතුටක් මං හිතන්නෙ මටනං කවදාවත් දැනිලා නැතුවැති. (දිනපු එකට. හරිය? 😛 ) බොහොම අගෙයි. 😉 🙂

අනතුරුව Junk එක ද Play විණි. ළමිස්සියො දෙන්නෙක් මැසිමකට රණ්ඩුවුණ කොටසට නම් ඉතිං හිනා නොවී හිටියානම් ඉතින් ඒ; ඒදෙන්නාම වෙන්නෝන. 😀 අන්තිමට වැටුණා “Created by USP” කියලා. ආං.. ඒ UPS එකක් නැති දැරිවි මට තාම දැනගන්න ලැබුනෙ නෑ. 😛

ඔන්න ඒපාර ගීතයක් වාදනය වෙන අතරෙ එයාලගෙ Club එකේ අය පේළියට ඇවිදින් අත්පුඩි සලමින් (අපිත් අත්වැල් ඇල්ලුවා) Party Dance එකක් දැම්මා. 🙂 හැබැයි එතන ඉස්සරහ හිටපු බ්ලේසර්ධාරිණියො දෙන්නෙක් අත්පුඩි ගැහිල්ල නවත්තලා තද සංවාදෙක යෙදිලා හිටියා. කොහොමහරි ඉතින් දෙන්නා-තුන්දෙනා බැගින් ඇවිල්ලා හිස කොන්ද නමලා ආචාර කළා. 😉 පටිගතකළ ජාතික ගීය වාදනයෙන් පස්සෙ Day එක නිමා වුණා. හැම පාසලක් ම නැගිටලා ගියා. ඒත් අපේ එවුන් ටික…. ; 😀 සර් අහනවා.. “මොකෝ? පුටුවලට ඇලිලද? 😀 “ මගේ අම්මෝ එතනින් පිටවෙන්ට තිබුණු අමාරුවක්! එහෙන් උදාරයා ඇඹෑණිත් එක්ක පෙම්බස් දොඩනවා. (හවසට කෝල් කරන්නෙයි කියලත් කිව්වා. 😉 ) පැතුම් එක්ක අනිත් එවුන් ටික එහේ ප්‍රියමනාප ගුරුතුමීත් එක්ක සංවාදෙක යෙදෙමින් හිටියා. අනේ.. මංනං ඉතිං අර එක් බ්ලේසර්ධාරණියකගෙන් “Puzzle එකේ සහතික එවන්න“ කියලා කිව්වා විතරයි. (එතුමි “ආහා.. හරි හරි“ කියද්දි එයත් එක්ක හිටිය අනිත් ධාරිණිය මගේ ඇඟට ගොඩවුණා! “එවා…ඤ්ඤං!!!“ 🙁 )

ඉතිං මම සුපුරුදු පෘථිවිදෘෂ්ඨි ගමනින් අර යෙහෙළිටත් “යනවා“ය කියලා ගේට්ටුව ළඟට ආවා. එකඑක ඒවා අමතක උනාය කියලා අපේ අය කීප සැරයක් ආයිත් ඇතුලට ගිහින් ආවා. (එන්න හිතක් ඇත්තෙ ම නෑ!) 😛 ඊටපස්සෙ බොහොම අමාරුවෙන් කට්ටියත් ඇදගෙන සහෝදරී පාසලෙන් සමුගත්තා. :-/

මම ගෙදර ඇවිත් කමිටු සාමාජිකාවන් කීපදෙනෙක් එක්ක චැටක් දැම්මාම තමයි දැනගත්තෙ එයාලා සති දෙකකින් ඔක්කොම කරපු බව; සහ අර අන්තිම Dance එක එවෙලෙ හිතලා කරපු බව. B-) අභ්‍යන්තර ආරවුල්නුත් කීපයක් ම තිබුණාලු. මොකක් උනත් ගෙදර ඇවිත් නැවතාවර්ජනයේ යෙදෙන තුරු ම මට අඩුපාඩුවක්නං දැනුනෙ නෑ.

Image Courtesy: 
Micro Futura 2012

පසුවිමසුම

Organizing බොහොම හොඳට තිබුණා. මට සභාපතිතුමී හිටිය සැහැල්ලු බව දැකලා ඊරිසායා හිතුනා; මං අපේ එකේ හිරවෙලා හිටිය හැටි මතක්වෙලා! 😮 ඒකෙ රහස කමිටු සාමාජිකා සංඛ්‍යාව බව ෆයිල් එක දැක්කාම මට වැටහුණා. Intro වීඩියෝ එක නම් චුට්ටක් අවුල්. අළුත් දෙයක් දෙන්න හොඳ උත්සාහයක් අරගෙන තිබුණා; සහ සැලකිය යුතු Output එකක් තිබුණා. File Cover එකත් හොඳට Design කරලා තිබුණා. Windows7 කියලා ගහපු හරිත File එකත් මාර KICK. සාපේක්ෂව; හොඳයි කියලා දෙවරක් නොසිතා කියන්ට පුළුවන්. අනිත් Da‍ysවල වගේ ම මේකෙත් Third Party errors විතරයි තිබුණෙ.

අපෙයි සුජාතෙයි තියෙන Fit එක අර තෝමසු බාලක – බාලිකාවන් අතර නැති එකටනම් ඉතින් පොඩ්ඩක් දුකයි තමයි. ඒත් ඉතින් ඔය.. අපේ සමහරු ඒ අඩුව පුරවනවා නෙවැ? 😉 😀

8 replies on “Micro Futura 2012 [SVM]”

මල්ලි… වැඩක් කරන්න ඉන්නේ තුන්දෙනාද… එක සංවිදානය කරණ කෙනාට බරක් නොවෙන්න වඩේ හොඳට කරන්න පුළුවන්…. ඒ අවස්ථාවන් හරියට කළමනාකරණය කරගන්න පුලුවන්නම් වඩේ ගොඩ…..

@චතුරංග: නෑ අයියෙ. අපි 6දෙනෙකුගෙ කණ්ඩායමක් හිටියෙ. එහෙම මුකුත් අවුලක් උනේ නෑ. 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page