Categories
Events

Vidyabhisheka 2012 [SMC]

අපේ සහෝදරී පාසලට ගොඩවෙලා හුස්මක් ගන්නත් කලින් ම ඔන්න ශාන්ත මරියා කන්‍යාරාමයෙ වාර්ෂික විද්‍යා දිනය “Vidyabhisheka 2012″ටත් පොඩි visit පාරක් දැම්මා. ඒක නම් මෙලෝ පෙර සූදානමක් නැතුව, 17වෙනිදා ම දැනගෙන එහාට මෙහාට කැරකි කැරකි ඉඳලා යන අයගෙ ලිස්ට් එකට හෙමින් සීරුවෙ නම දාගෙන replace කරගෙන තමයි සැට් උනේ. මොකද.. එහේ යන්ට හේතු සාධක බොහොමයි නෙව! 😉 😀

අනේ එහෙම දෙයක් නෙවෙයි! 😛 මං ඉතිං ඒ පැත්තෙ මීට කලින් ගිහින් නෑනෙ. (කියලා තමයි කියන්නෙ! 😉 අපේ IT Day එකේ Invitation දෙන්න ගියාට වැඩිය ඇතුලට රිංගන්න උනේ නෑනෙ..) ඔන්න ඉතිං කොහොමහරි ද්‍විරෝද Outer Cooler එකක එහාට ගොඩබෑමු. දෙන්නා බැගින් බිම බලාගෙන (කිව්වට වම් පැත්තෙ පන්ති දිහා බලබල) Main hall එකට ඇතුළු උනා. එතන දොරකඩ ශිෂ්‍ය නායිකාවො දෙන්නෙක් ෆයිල් කවර සහ සමරුව බෙදුවා.

Advertisement

වෙනදා වගේ ම ඉතිං අපි යනකොට පැමිණිය යුතු බොහොමයක් පාසල් පැමිණිලා තිබුණේ. සර්වේශස්, සුජාතාව, ශාන්ත තෝමස් කුමර… තා ඔන්න ඉස්කෝල දෙකක් විතර ඉන්නැති. ශාන්ත තෝමස් බාලිකාවො නම් ගොඩක් පරක්කු වෙලා ආවෙ. 😛

අපේ කට්ටිය ඔක්කොට ම එක ළඟින් වාඩි වෙන්න බැරිඋනා. මායි කමිටුවෙ අය ඇතුළු බහුතරයක් ඉස්සරහින් හිටියා. අනිත් අය ගෑණු ළමයි අස්සෙ තැනින් තැන හිටියා (ලු.) සාරියකින් සැරසුණු ළමිස්සියක් සිංහලෙනුයි, දිග……(?? 😉 ) සායක් ඇඳගත්තු ළමිස්සියක් ඉංග්‍රීසියෙනුයි Day එක මෙහෙයවූවා. ඒ දෙන්නාට නම් මගේ වටේ හිටිය කට්ටියගෙන් ගොඩක් Comments ලැබුණා. ඒවා ඉතිං මෙතැන කියන්න මගේ කල්පනාවක් නෑ. 😉 😀

මුලින් ම ඉතිං පාසල් ගීය ගයන්ට හැමෝම නැගිට්ටා. බාලිකාවො පෙළක් වේදිකාවට ගොඩවෙලා තනුවට ගැයුවා. ඒකට පොඩි Dance පාරක් නොදා ඉන්න මටනම් බැරිඋනා. මාර Tune එකක් තමයි තිබුණේ. 🙂

අනෙකුත් බහුතරයේ වගේ ම Projector Focusing අවුල්. Intro video එක ලැප්එකකින් Play කළේ. ඒවගේ එකක්නම් මං කවදාවත් දැකලා නෑ. SuperSonic speed එකක් තිබුණෙ. Intro එකේ “Vidyabhisheka” කියලා වැටෙද්දි එහෙම හොඳටෝම කෙටුවා! 😛

ඔන්න ඊටපස්සෙනෙ වැඩේ තිබුණෙ! කමිටු සාමාජිකාවො ටික ලස්සන සාරිවලින් සැරසිලා, Makeup පාරක් දාලා, පහනක ගහපු ඉටිපන්දමකුත් අරගෙන තේමාගීතයක් ගැයුවා. 😀 මේක ගැන ඉතිං තව කියන්ට ගියොත් හිත උගුර හිරවෙලා මෙතනම සෙත්තපෝච්චි වෙන්ට තමයි වෙන්නෙ. 😛 (සමහරුන්ගෙ Lipstick වැඩියෙනුත් ගාලා තිබුණා 😉 ) මොකක්උනත් Day එකේ හොඳම අංගය මේක කියලා මං නම් කරනවා! අපේ කට්ටියත් ඉතිං ඔය ඇස්පිල්ලං නොගහා බලං හිටියෙ!? 😛

Physics Lecture එකකුත් පටන් ගත්තා. රුහුණු විශ්වවිද්‍යාලයෙ රණතුංග කියලා මහත්මයෙක් කළේ. (ඕන්න මංනං ගියේ ඒක හොඳින් අහගන්ට. හරිය? 😉 ) ප්‍රශ්ණ වගේකුත් සාකච්ඡා කළා. Practiclesනුත් කළා. Internet resources සහ Java appletes ටිකක් පෙන්නුවා. ඔන්න මොකද්ද මාළුවා දෙනවාට වඩා බිලී පිත්ත දෙනඑක හොඳයි කියලා එදා ආපු ටීචර්ස්ලාට විතරක් ඒවා දෙනවැයි කිව්වා සහ අපිට ඉල්ලන්න එපැයි කිව්වා. 🙁 Lecture එක අතරතුරේ මූණුපොතේ පිටුකීපයක් පෙරළන්නත්, Foursqure වලට කන්‍යාරාමය add කරන්නත් ඉතිං මම අමතක කළේ නෑ. 😉

Lecture එක බාගෙට නවත්තලා Refreshments දුන්නා. ඒකට නම් අපේවුන්ගෙන් චෝදනා ගොඩයි! කේක් කෑල්ල පොඩි වැඩිලු; සර්වේශස් එකට Chocolate කිරිපැකට්ලු, අපිට Vanilla ලු. අනේ මන්දා ඉතිං මගේ නං ..පිරිලා තිබුණ නිසා ඕවා ගැන කල්පනා උනේ නෑ. 😉 (පිකිස් වලින්.. හොඳේ?! 😉 ) ඕවා බෙදෙන අතරතුරේ ආරාධිත පාසල්වලට තමතමන්ගෙ හැකියාවන් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. නිවේදිකාව කියපු විදියට නම්, “do whatever on the stage”. 😀 හාපෝ! ඒ කතාවටනම් ගොඩාක් යෝජනා තිබුණා හතරවටින් ම! විශේෂයෙන් සාන්ත තෝමස් කුමරුවන් හිටියෙ අපේ පිටිපස්සෙන් නිසා ඒ ඇහෙන කතාවලට හිනා සාගරයයි! 😀

මුලින් කවුරුවත් ඉදිරිපත් නොවුණු නිසා, “අපේ සහෝදර පාසලට“ කියලා Servatious එකට විශේෂාරාධනා ලැබුණා. ඉතින් එහෙන් ගිය දෙපළක් “ලියතඹරා“ ගීතය ගැයුවා. ඒකනං බාලිකාවන්ට කණට ගැහුවා වගේ! 😉 ඊට පස්සෙ අපෙන් එකෙක් ගිහින් “කවුළු පියන්පත් වහන්න“ කියලා කිව්වා. ඊට පස්සෙ ආපු බාලිකාවක් (ඉස්කෝලෙ නම් මතක නෑ; සුජාතෙ නම් නෙවෙයි වෙන්නෝන.) “My heart go sha la la”ය කිව්වා. 😀 තෝමස් කුමරුවන් “සේපාලිකා මලයි“ කිව්වා. මං එවෙලෙම FB Status update කළා. “සේපාලිකා මළයි?“ 😉 කොහොමවුණත් මටනම් දැනුනෙ මේක බාලක-බාලිකාවන් අතර සංවාදාත්මක කාව්‍යයක් වගේ. 😀 මාරයි!

හැම පල්ලමකට ම පසු කන්දක් තිබේ! 🙁 ආයිත් පටන් ගත්තා නෙවැ ලෙක්චැර් එක. 😛 මේ වතාවෙ නම් මං ආසාවෙන් හිටපු (?) පිකිස් චුට්ටයි කෙරුණෙ. ඊට පස්සෙ පටන් ගත්තා ලෙක්චර්තුමාගෙ නව නිපැයුං! කට්ටියට මතකද දන්නෑ අර ටැලිවිසොං එකේ පෙන්නුව එකවර ආප්ප රැසක් හදන්ට පුළුවන් මැෂින් එක. ඒක එතුමාගෙලු. ඒක ගැන වරුවක් විතර වරුණාවක් තිබුණා. 😛 ඕක හදන්න සංකල්පෙ ආවෙ මෙහෙමලු:

එතුමා දවසක් ගෙදර එද්දි ඒ ආසන්න තැනක බෝඩ් එකක් තිබුණලු, වෙළඳ කටයුතු සඳහා ගතහැකි තැනක් “බදු දීමට තිබේ“ කියලා. ඉතින් ඇවිත් නෝනාමහත්මියට කිව්වාලු “අපි දෙන්නට එතන ආප්ප-කොත්තු රොටී කඩයක් දාගන්න අයිඩියල් ප්ලේස් එකනේද?“ කියලා. එතුමි අහලා “පිස්සුද?…“ 😛 කෝමවුණත් මෙතුමා බාත්රූම් එකේ ඉන්න ගමනුත් ඕක කල්පනා කොර කොර ඉඳලා Shower එකේ වතුර එනවිදියට ආප්පෙ දාන්ට පුළුවන් කියලා කල්පනා උනාලු. සබනුත් නොගා නෑම නවත්තලා ගිහින් ඒක ගැන පර්යේෂණ කොරාලු. (මට නං අර ආකිමිඩීස්ගෙ ‘යුරේකා’ සීන්එක මතක් උනා 😉 )

ඔය කතාව යන අතරෙ ඔය මැෂිමෙ කර්තව්‍යයට අපේඋන් හා අවටවුන් නානාප්‍රකාර ආදේශක කතා කීහ. Bio එකෙක් ලෙස ඒවාට සිනහව තදකරගෙන ඉන්ට බැරිවුණ වාරද අනන්තය! 😀

ඊට පස්සෙ තිබුණා Oral quiz එකක්. පිකිසුයි, කැමිට්‍රියි වලින් තමයි ඇහුවෙ. රාහුලෙයි සුජාතෙයි සංකේතාත්මකව වේදිකාවට ගෙන්නලා අවසන් තරගය තිබුණා. (අනිත් පාසල් අතර පෙරදිනයකදී පවත්වා තිබිණ.) සුජාතෙට ලේසිම ප්‍රශ්ණ යද්දි අපිට සංසාරෙ එෆා කරවන ප්‍රශ්ණ ආවෙ! අෆ්ෆිරියයි. වාසනාවට මංනං ප්‍රේක්‍ෂකයෙක් විදියට හිටියෙ. සාකච්ඡා කරලා උත්තර දෙන්න අවසර නොතිබුණාට අපේ සහෝදරී පාසල ඒක කඩකළ වාරගණන… මට ගණං කොරගන්ට බැරිඋණා 🙁 ඒකත් ඉවරඋනාය කියමුකො. දවසේ උණුසුම් අංගය උනාට තවත් ඒකගැන කතාකරන්න අදහසක් නෑ; පිච්චුනොත් කියලා. 😛

ඔන්න පටන් ගත්තා එහේ බාලිකාවන්ගෙ වැඩකිඩ. එක ගැවුලමයෙක් ඇවිත් “වළාකුළට පාවෙන්නට..“ කියා දෙන්ට ඕනෑ නැතැයි මතක්කර දුන්නා ය. (බෝම තුති. ඇත්තට ම ලස්සනට ගායනා කළා 🙂 ) ඒක ඉවරවෙලා වේදිකාවෙ තිර බාගෙට වැහුණා එයා පෙනෙද්දිම. ඒකටත් අපේ පිටිපස්සෙ පාර්ශවය රසකතා රැසක් කීහ! පසුවය මට වැටහුණේ, Girl of the Day මෙතුමිය බව. ඊට පස්සෙ සින්දු 4 හෝ 5ක් කියන්නට ඇත. ඒ ඔක්කෝම එතුමිගේ ප්‍රධානත්වයෙන් කෙරිණි. මට පිටුපසින් සිටි එකා මාත් එක්ක ඈ ගැන බොහොමයක් කීය. මා එතුමාට අතට-අත දී සුභපැතීමි. 😉 🙂

දිනයාවසානයට මත්තෙන් වූ ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් ‘හොඳ ම ගණිත සිසුවා’ හා Quiz championship අපට ලැබිණ. (උගුරත් මොකද්ද උනා අර R….A… H…U…L…A… එක කියන්ට ගිහිල්ලා. 😉 ) කොහේගියත් ඉතිං අපි තමයි! 😀

ඊට පස්සෙ Junk එක. ඒක presentation එකක් විදියට කරලා තිබුණු නිසා බලාපොරොත්තු වුණ සාර්ථකත්වය ලැබුණෙ නැහැ. අධිනීතිගරුකව ගත්ත Photos නිසා මෙලෝරහක් තිබුණේ ද නැත. 😛

Day එක තනිකරම run කළේ ලාල් සර්. උපදේශකලු නෙ. මොකවුණත් එදා හවස අමාරුවෙන් ක්ලාස් ගිහිල්ලා 3.30 වෙනකං අපි වේලුනාට පස්සෙ ටික්කී කිව්වා, අද ක්ලාස් නෑ සර්ට කරදරයක් කියලා. 😛 Day කරදරේ තමා ඉතිං 😛 එහේ බාලිකාවො ටිකත් ආවෙ නැහැනෙ.

පසුවිමසුම

මෙහේ Eventsවල අවස්ථිතිය වැඩියි! ලෙක්චර් එක අතරතුරට අර සින්දු 4-5 කොටස් වශයෙන් දැම්මා නම් Boring ගතිය අඩුකරගන්ට තිබුණා. මේක Concert එකක් කරගන්න එපා කියලා sisterගෙන් උපදෙස් ලැබිලා තිබුණු බව පසුව දැනගතිමි. Souvenirඑක ද ගතියට තිබිණි. (කමිටු සාමාජිකාවන්ගේ පින්තූරු තිබුණ නිසා නෙවෙයි. හරිය? 😉 ) ෆයිල් කවරය, Stage Designing අනර්ඝයි.

Day එකේ තිබුණු අමුතු ගැම්මට පාසලේ ඉතිහාසයෙන් බිඳු මුසුවූවාදෝ යි මට සැක පහළවිණි.

9 replies on “Vidyabhisheka 2012 [SMC]”

තඹරු දරුවා මූද අද්දරිං පරස්ථාවක් කරගන්න යනවාය කියා රට්ටු කතා කියනවා!

මොකක්ද මේ ඉතිහාසෙ සීන් එක?

@budhajeewa: ‘රට්ටු’ගෙ විකාර! මං මොකෝ මාළු බාන්ටෛ? 😉
ඇයි අයියෙ එහේට හෙන ප්‍රෞඪ(?) ඉතිහාසයක් තියෙනවා නෙවැ?!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page