Site icon Thambaru's Blog

කාන්තා පිරිමි ඔබේ කොණ්ඩෙ යනවාට හේතු සහ අත් බෙහෙත්

අකලට හිසකෙස් වැටෙන එක, නිතරම කොණ්ඩෙ වැටෙන එක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. මේවාට දහස් ගණන් බෙහෙත් වලට වියදම් කරලා අමාරුවෙ වැටෙනවාට වඩා තමන්ට එහෙම වෙන්න මොකක්ද හේතුව කියන එක හොයලා බලන එක ගොඩක් වැදගත් වෙනවා.

මේ ලිපියෙන් කොණ්ඩෙ හැලෙන එකට හේතු වගේම අත්හදා බලන්න පුළුවන් අත් බෙහෙත් කිහිපයකුත් දැකගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන එකම දේ තමයි, හැමෝටම හරියන සර්ව සම්පූර්ණ බේතක් නැහැ කියන එක.

අකලට හිසකෙස් වැටීමට හේතු

තාවකාලිකව හිසකෙස් වැටෙන්න හේතු කීපයක් තියෙන්න පුළුවන්. 

ඒ නිසාත් ‍කොණ්ඩෙ යන්න පුළුවන්.

මේ පුරුදු/ඖෂධ නවත්වලා මාස කීපයකින් ආයෙ කොණ්ඩෙ වැවෙනවා. උපත් පාලන බෙහෙත් ගැනීම නැවැත්වූ වහාමත් තාවකාලිකව ටික කාලෙකට කොණ්ඩෙ යන්න පුළුවන්. 

1. පරම්පරාවෙන් කොණ්ඩෙ යාම

ජානමය වශයෙන් බලපෑම් තියෙද්දි රෝම කූප (hair follicles) කුඩා වෙලා ගිහින් හිසකෙස් වර්ධනය වෙන්නේ නැතිවම යනවා. මේක තරුණ වයසේ ඉඳලාම සිද්ධ වෙන්න පුළුවන් නමුත් සාමාන්‍යයෙන් මැදි වයසේදි වගේ තමයි පටන් ගන්නේ.

කාන්තාවන්ගේ මේක දකින්න ලැබෙන්නේ හිසකෙස් මුලින් තුනී වෙන එකෙනුයි. ඊට පස්සේ හිසේ හරි මැද ඉරක ඉඳලා දෙපැත්තට කොණ්ඩෙ යන්න පටන් ගන්නවා.

පිරිමි අයගේ නළල දෙපැත්තෙන් පටන් අරන් ක්‍රමයෙන් හිසේ පිටුපසට කොණ්ඩය අඩු වේගෙන යනවා.

ඉතින් මේ විදියට කොණ්ඩෙ යනවා නම් කරන්න තියෙන හොඳම ‍දේ තමයි තමන්ගේ අලුත් පෙනුමට හිත හදාගන්න එක. නැත්නම්, කොණ්ඩෙ හිටවන ප්‍රතිකාරයක් කරලා බලන්න පුළුවන්. ඒත් හැමෝටම ඒවා හරියන්නේ නැති නිසා (හිටවලා කාලෙකින් ආයෙ හැලෙනවා) ලොකු ගාණක් වියදම් කරන්න තමන් ලෑස්ති ද කියලා හිතලා බලන්න ඕන. නැත්නම් විග් එකක්, තොප්පියක් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් කවුද නිර්වචනය කළේ කාන්තාවකට හෝ පිරිමියෙක්ට කොණ්ඩෙ තියෙන්නම ඕන කියලා? “මේ තමයි මගේ පෙනුම” කියන ධෛර්යය ඇති කරගන්න.

2. වයස

වයසත් එක්ක කොණ්ඩෙ වර්ණය වෙනස් වෙනවා ව‍ගේම කොණ්ඩයත් ටික ටික යන්න පටන් ගන්නවා. කාන්තාවන්ගේ මෙය බලාගන්න පුළුවන් වෙන්නේ ඉදිරියේ සිට පිටුපසට කොණ්ඩය අඩු වෙන එකෙනුයි.

3. ප්‍රතිශක්ති පද්ධතියේ ගැටළු

Alopecia areata කියන රෝග තත්ත්වය නිසා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය රෝම කූපවලට පහර දෙන්න පටන් ගන්නවා. එතකොට කොණ්ඩය මෙන්ම නාසයේ, කනේ වැනි සිරුරේ අනෙක් ප්‍රදේශවලත් රෝම හැලී යන්න පටන් ගන්නවා. සමහරුන්ගේ ඇහි බැමි, ඇස් පිහාටු පවා හැලෙනවා.

අන්න එහෙම දෙයක් දැනුනොත් ඉක්මනට වෛද්‍ය ප්‍රතිකාර ගන්න. බේත් ගනිද්දි ආයෙ මාස කීපයකින් කොණ්ඩෙ එන්න පටන් ගන්නවා.

4. මානසික ආතතිය සහ දරුවන් බිහිකිරීම

රැකියාවේ හෝ නිවසේ වැඩ කටයුතු, තවත් පුද්ගලයෙක්ගේ බලපෑම්, ආර්ථික ප්‍රශ්න වගේ දේවල් නිසා මානසික ආතතිය ‍වැඩි වෙනවා. ඒකෙන් අවසානයේ විඳවන්නේ ඔබේ කොණ්ඩය යි. ඊට පස්සේ කොණ්ඩය හැලෙන හැටි දැකලා ආයෙත් ස්ට්‍රෙස් වෙනවා.

මේකෙදි කොණ්ඩෙට බේත් කරන්න කලින් හිතට බේත් කරන එක වැදගත් වෙනවා. ව්‍යායාම කරන එක, තමන්ගේ ප්‍රශ්න ගැන හිත හිතා ඉන්නේ නැතිව නිසි විසඳුමක් හොයාගන්න එක, පුද්ගලයෙක් නිසා ඇති වෙනවා නම් එයාගෙන් ඈත් වෙන එක වගේ මුලින්ම මානසික ආතතිය නැති කරගන්න.

කාන්තාවන් දරුවන් බිහි කළාට පස්සේ, රෝගයකින් හෝ සැත්කමකින් පස්සේ කොණ්ඩෙ පීරද්දි ගැලවී යන හැටි දැකගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් මාස 6-9කින් ඉබේම හරියනවා.

5. හිසේ ඇතිවන ආසාදන

හිස වියළීම, ඉස්හොරි වැනි හේතු නිසාත්, අපිරිසිදු බව නිසා හෝ කැසීම් රෝග නිසාත් කොණ්ඩෙ තැනින් තැන යන්න පුළුවන්. හිසේ සම මත කළු පාට තිත් දැකගන්නත් පුළුවන් වේවි.

මේ රෝගවලට බෙහෙත් ගත්තාම ආයෙත් ඒ තැන්වල කොණ්ඩෙ වැවෙන්න පටන් ගන්නවා.

6. පෝෂණය සම්බන්ධ ගැටළු

බයොටින්, යකඩ, ප්‍රෝටීන්, සින්ක් අඩු වුණාම කොණ්ඩෙ යන්න පටන් ගන්නවා. සමබල ආහාර වේලකින් මේ දේවල් සපුරා ගන්න පුළුවන්.

රුධිර පරීක්ෂාවක් කරලා විටමින් ඌණතාවක් තියෙනවා ද කියලා බලා ගන්න පුළුවන්. එතකොට වෛද්‍යවරයා ඉහත කියපු දේවල් අඩංගු මල්ටිවිටමින් නිර්දේශ කරාවි. නිවැරදිව බේත් ගත්තාම ආයෙ කොණ්ඩෙ වැවෙන්න පටන් ගන්නවා.

හිසකෙස් වැටීම අවම කරගන්න තවත් ක්‍රමයක් තමයි ඔමේගා-3 සහ ඔමේගා-6 අඩංගු ආහාර ගන්න එක. ඒ කිව්වේ, මුහුදු ආහාර (සැමන්, මැකරල්, කෙළවල්ලා), බිත්තර, අලිගැටපේර ආහාරයට එකතු කරගන්න. නිර්මාංශයි නම් ඒ බව වෛද්‍යවරයාට කියලා ඖෂධ විදියට මේවා ගන්න.

අත් බෙහෙත්

තව ළූණු තෙල්, රෝස්මෙරි තෙල් වගේ හොයාගන්න අමාරු සහ ගඳ ගහන අත් බෙහෙත් ඉන්ටර්නෙට් එකෙන් අනන්තවත් හම්බුණා. අපේ රටට ගැලපෙන්නේ නැති නිසා සහ ප්‍රායෝගික නැති නිසා ඒවා ගැන කියන්න යන්නේ නැහැ. 

මූලාශ්‍ර: aad.org, healthline.com, ods.od.nih.gov

Exit mobile version