Categories
Lifetime

මතක් කළේ කොහාද? FBද?

ඔන්න තව සිංහල හින්දු අළුත් අවුරුද්දක් ආවා. හැබැයි මේ සැරේ ආසාවටවත් එරබදු මලක් දැක්කෙ නෑ. කොහා මාමිනම් ආවා. හැබැයි අවුරුද්ද මතක් උනේ කට්ටිය හෝ හෝ ගාලා මාව FB සුබ පැතුම් photosවලට tag කරන්න ගත්තම!

ඒකනම් ටිකක් වදයක් තමයි; නමුත් අපිව මතක් උන එක ම මදෑ? ඒ අස්සේ හැමෝම “අවුරුදු ජයද?“ කියලා අසති. අවුරුද්දට නම් අනිවා ජය ඇති. අවුල තියෙන්නෙ අපිට ජයදැ කියන එක! ඒ මොක උනත් වෙළෙන්ඳො නම් මේක ලස්සනට වවං කති. වෙන හැම occasion එකක් ම එහෙමනෙ. 😉 හැබැයි අවුරුද්දට නම් පරිසරයෙනුත් sponsor කරන නිසා ටිකක් (නෙවෙයි ගොඩාක්) ඒගැන හිතන්න වෙනවා.

Advertisement

පෝය, අවුරුද්ද වගේ ලංකාවෙ අය සමරන ගොඩක් ඒවයි වෙළඳ සීන් එකට වඩා පරිසරයෙන් ලොකු සප් එකක් ලැබෙනවා. අපූරුයි! 😀

නොනගතේට කිසිම වැඩක් කරන්න හොඳ නැතෙයි කියලා අහලා තිබුණාට මොකද අපේ එකෙක් කියනවා, එතුමා ඒ කාලය ඇතුලත කැමිස්ටිරි s,p ගොනු අහවර කොරනවලු! 😮 (බැට් හතර පහකින් ගහන්නෝනි!) මේ වෙලාවට කිසි වැඩක් නොකර ඉන්න එක කම්මැලියි තමා. පන්සල් යන්නත් කම්මැලී. 🙁 මං ඉතිං ඒකට කලින් ම මැසිම On කරගත්තා; එතකොට අවුලක් නැතෙයි කියලා හිතුණු නිසා. ඕවයි විද්‍යාත්මක පදනමක් නැති උනාට පරණ දේවල් රැක ගන්ටෙපැයි! 😛

අම්මා කැවිලි හැදුවට පෙවිලි ටිකක් නම් මට හොයාගන්න බැරිඋනා. කඩෙං ගේනවට වැඩිය ඒවා ‘හලී සසයි‘! මං කීපයක් ම හංගලා තියාගත්තා නොනගතේදි ‘පොඩි බඩගින්නක්‘ ආවොත් කියලා. දන්නැද්ද ඉතිං? මගෙ බණ්ඩිය චණ්ඩිනෙහ්. දැං ඔය ‘සූර්ය‘ යා; මාළු රාෂියෙන් මේසෙට නේද වඩිනවා කියන්නෙ? මංනං එළවළුටේරියන්. (ඉස්සර)

හැමදාම නාන එකේ පරණ අවුරුද්දටෙයි කියලා ඊයෙත් (වැඩේ අ)නාගත්තා. ලං.වි.මේ මාමිලත් වෘත්තීය සමිති ද මොකද්ද කියලා කලින්ම යන්නැත්තෙ මේකට මං හිතන්නෙ. (අනේ.. තාම පවර් කට් එකක් නම් උනේ නෑ වෙලාවට. මට මැසිම ඕනේ!!) මේකනම් හරි වටින චාරිත්‍රයක් තමා. ඇත්තට ඒක වාරිත්‍රයක් ද කියන්න මං දන්නෑ; මොක උනත් මට හිතෙන විදියට නාන්න වෙලාවකුත් නොදා ඒක ලිතට දාලා තියෙන්නෙ අපේ කස්ටිය මතක් වෙලා ම තමයි. (මොකද ඇඹරෙන්නෙ? ලංකාවෙ මිනිස්සුනෙවැ) 😉 හිස තෙල් ෂැම්පු ගෑමත් ඒ ගමන් ම කළෑකි.

මහරෑට කිරිබත් කන එකත් අළුත් අත්දැකීමක් තමා. ඕක මීට කලින් සාමාන්‍ය දවසක කාටහරි කිව්වනම් “ඊයා“ , “මොනාද කියන කතා“ ආදිය අහගන්ට පුළුවන් උනාට මේ සැරේ කාට කාටත් ඒ පනිශ්මන්ට් එක ලැබෙනවා. අර එක ඇඩ් එකක් තියෙනවනෙ කන්න වෙලාවක් ඔන්නැතිය කියලා? හැබැයි කොහාබබාට නම් බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ.

කොහා කිව්වමයි මතක් උනේ, කොහා ඔය පර්යටන පක්සියෙක්යැ කියන එක මං නං විශ්වාස කරන්නෑ. ඕකා ෆ්ලයිට් එක බුක් කළාට වෙනදට පැපොල් ගස්වල එහෙම ඕනතරම් ලැගලා ඉන්නවා. (ඉන්නවා නම් බැරිය? බංඩිය පුරවනවා!) කවුරුහරි පුළුවන්නම් මට රෙන්ට් එකට හරි එරබදු මලක් පෙන්නන්නෝ. අළුතින් වැදුණු බදුටික මදෑ නේද?

ආ…! ඔන්න මේ දැන් නොනගතෙත් පුණ්‍ය කාලයත් ලැබුවා. ගනුදෙනු කරන්නත් හොඳනෑලු නේද? මෙන්න මගේ රවුටරේනම් ඒ කියන ඒවා අහන්නෙ නෑ. සමහරවිට පුණ්‍ය කටයුත්තක් වෙන්නැති (මං වෙනුවෙන්)

ඉස්කෝලෙත් සති දෙකයි නිවාඩු දුන්නෙ. දැන් අපිට ඉස්කෝලෙන් ගෙදරවැඩ නොදුන්නට ඉබේ ම පාඩම්වැඩ ගොඩගැහිලා. ඒ අස්සෙ නෑ-ගමන් ගියාම (වචනෙ අවුලක්. හරිය?) නිවාඩුවෙන් සතපහකට වැඩක් නෑ. ඒ වුණාට මොකෝ? ගනුදෙනු කරනවනෙ! wallet එකට වාසි.  😉

හරි. මං යනවා ටීවී එකේ චිත්තැරපටියක්වත් බලන්න. සිංහාවලෝකනය පෙන්නනවද කොහෙද. හැමෝටම බුලත් නැති උනත් (කිරි)බතින් සපිරි සුබ නව වසරක් වේවා!

4 replies on “මතක් කළේ කොහාද? FBද?”

හෙ හේ! එළ එළ ගුඩ් පෝස්ට් එකක්. අයියා අවුරුදු කාලද නැත්නම් අවුරුද්ද කාලාද? 😛

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page