Categories
Lifetime

සුනාමියකුත් (නො)ආවේයැ

කොහොමද අද වෙච්ච වැඩේ? කොටියා ආවයි කිව්ව කතාව වගේ නේද?! හික්ස්… අවුරුදු තෑග්ග! හැබැයි ඉතින් 2004දි සුනාමිය ආපු හැටියට නම් ඉතින් බයවෙන එක සාධාරණයි. Prevention is better than cure කියන්නෙ ඉතිං ආයිත් කට කහනවටයැ? හැබැයි මේ සැරේ පොඩි ජොලියකුත් ගියා වැඩේ වෙන්නෑ කියලා announce කළාම! 😛 මේ අස්සෙ අද bio ක්ලාස්නුත් තිබ්බනෙ. ක්ලාස් එක පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි,

එක ගෑණු ළමයෙක්ගෙ අයියා කෙනෙක් (අපේ සශේන් අයියගෙ යාළුවෙක්) ඇවිල්ලා ටිකක් බයවෙලා නැගණිය අරං යන්න ටීචගෙන් ඇහුවා. මෙහෙම සීන් එකක් තියෙනවා කියලා අපේ සෙට් එක දැනං හිටියට මොකද එච්චර භයවුනේ නෑ මොකද ලංකාවෙ කාලගුණ ඩිපාර්ට්මන්ට් එකෙන් නේද කියල තියන්නෙ කියලා! 😀

Advertisement

ඊට පස්සෙ ටීචට ගොඩක් දෙමාපියන්ගෙන් calls ආවා මොකද කරන්නෙ කියලා. ඒ අස්සෙ අපි සෙට් එක – ඒ කිව්වෙ; මහේෂ්, සුනෙත්, තාරුක, චතුර ආදී එවුන් – ටික අරවා මේවා කිය කිය හිනාවෙවී හිටියෙ. වටපිටාවෙ මොනා වෙනවද කියලා අපි දැනං හිටියෙ නෑනෙව! ඇඟට ටිකක් අමාරු ගතියක් තියෙද්දි මාත් ගියානෙ ක්ලාස්! 😉

අන්තිමට ඔන්න පීස් ගෙව්වා විතරයි. හෙට අනිද්දා අවුරුදු තියං ක්ලාස් ආපු අපිටත් හොඳ බැට් එකකින් ගහන්නෝනි. හැබැයි එකම එක හොඳ දෙයක්; ගෑණු ළමයි කිසි කෙනෙක් කෑගහලා කලබල කළේ නෑ. වෙන ඒවයි මේ පූස් පැටියෙක් ආවත් මැරෙන්න හදනඑවුන් එක්ක බැලුවම. 😀

කරුමෙට ඉතිං (කොහොමත් තාම නැහැනෙ!) අතේ පෝන් කට්ටක්වත් තිබ්බෙ නෑ ෆොටෝස් ටිකක් අරං මේ කතාව රසට කියන්න! අපේ ඈයො ළඟත් තියෙන්නෙ External camera හයිකරන්න පුළුවන් ඒවා නිසා කොහොමත් වැඩක් වුනේ නෑ. පාරෙ වාහන එක පෙළට හෝන් ගහගෙන යනවා ඇහුණා. බයිසිකල් රේස් කීපයක් ම තිබුණා. සීයලා සෙට් එකකගෙත්! අවුරුද්දටත් එක්ක හොඳයි නොවැ. පුරුදුවෙන්ටත් එක්ක. 😉

ඇත්තටම කාලගුණෙත් (දවල්ට කාපු ඒවයි ගුණයක් නෙවෙයි!) එච්චර හොඳක් පේන්න තිබුණෙ නැහැ. අව්වත් නෑ – වැස්සත් නෑ. හරි අමුතුයි. ගියසැරේ අපේ නැගණියත් ඕක දිහා බලං අනාවැකියක් කිව්වනෙ! මට ඒකත් මතක් උනාම පොඩ්ඩක් හිත ගැස්සුණා තමයි ඉතිං.. (පොඩ්ඩයි.. හරිය?) කොහොමත් ඔය ටීවී රේඩියෝවල වැඩේ ලොකු කරලා කිව්වට කියන තරං යකා කළු නෑ කියලා අපේ ටීච දැනං ඉඳලා මං හිතන්නෙ. ක්ලාස් එක කරන්නමනෙ හැදුවෙ! 😮

කොහොමහරි ඔන්න මාව එක්ක යන්න මාමා ඇවිත් තිබුණා. ටික්කා අංකල් ගාව හිටපු චතුරයි, තාරුකයි කෑගහලා කතා කළේ. මං පල්ලෙහාට බැස්සෙ හැබැයි ගෙදර යන්න බලං නෙවෙයි. ටීචත් පල්ලෙහා හිටියා. ටීචට call වැස්සයි! අපේ අයාල්නුත් පල්ලෙහා හිටියා. මං හිතන්නෙ එයාලයි අම්මත් හිටියා. මාමා කිව්වා අම්මා මාව එක්කරන් එන්නෙයි කිව්වයි කියලා; පාරෙ පොඩි කලබලයකුත් නොතිබුණාම නෙවෙයි. තව ක්ලාස් එකට එන්න ආපු ළමයි කීප දෙනෙක් ම ඇතුලට යනවද/නැද්ද කියලා හිතමින් හිටියා. (හැබැයි එතන මඩ තිබුණෙ නෑ; ඉනිත් තිබුණෙ නැද්ද කොහෙද…)

ආයිත් මං උඩට ගිහිල්ලා; බෑග් එකත් අරං (කොල්ලො සැට් එකටත් එක්ක ම ඇහෙන්න) ‘මං යනවා‘යි කීමි. කී දෙනෙක් ඔළුව වැනුවාදැයි ගණන් නොකළෙමි. “අනේ ඉඳිං! අපිත් එනෝ“ ඒ අපේ මහේෂ්. සුනෙත්නුත් නැගිට්ටා. එතුමන්ලා ඇහැක් විදියකට බස්වල එන්නැතියි හිතං (කොල්ලොනෙ?) මං පල්ලෙහාට බැස්සා. (….හිතකින් නොවේ)

ඊට පස්සෙ මාමලැයි ගෙදර ගිහින් නැන්දයි, නෑනා පොඩ්ඩලත් එක්ක ම අපේ ගෙදර ආවා. ඒ පොඩිඋන්ට මෙලෝ ගානක් නෑ. මං අල්ලගෙන සෙල්ලමටමයි. අපේ ගෙදර යනවයි කියලා කිව්වම පොඩි ම නෑනිට මල් සෙවන්. ඕන්න අපේ ගෙදර ආපු ගමන් ම මං මැසිම දාගෙන නැට් කනෙක්ට් උනා. පට පට ගාලා ගූගල් දෙයියගෙන් ඇහුවා මොකද කේස් එක කියලා. මෑන්ස් කියපු විදියට මට සිරාවට නෙවෙයි ධමනි සේර ම H2O වුණා. ඒ අතරෙ අපේ කසුන්නුත් මට FB photo එකක් tag කරලා තිබ්බා මේ කේස් එක ගැන. ටීවි එකෙනුත් ඇඟේ ජලය වාස්ප වෙන කතා වගයක් කියන්න ගත්තා. හැබැයි මට හොඳට ම තේරුණා ඒගොල්ලා මේක ආයුධයක් කරං කියලා. මේවා අස්සෙ එක්තරා චැනල් එකක (වෙන මොකද්ද ඉතිං? ශ්‍රී ලාංකේය අභිමානයෙ) Dialog ඇඩ් එකකුත් ලොකුවටම දාලා! 😛 මේක වවං කති.

මුලින් ම අවිස්වාස උනත් පොඩ්ඩක් Department of Meteorology එකට ගිහින් බැලුවා Warnings තියෙද කියලා. ෂ: ඒක දැක්කම මට එයාලගෙ පරම්පරා කීපයක් ම වෙත මතකය දිවගියා. Last Update: August 2010 කියලා දාලා, No Tsunami warnings ඛියලා දාලා තිබ්බා. (වෙලාව 6.00 පසුවී විනාඩි… කීයක්හරි!) ඊට පස්සෙ ඇමරිකන් බඩු වර්ජනය කරන අනංමනං පැත්තක දාලා US Earthquake Service එකක පේජ් එකක් refresh කරමින් හිටියා. පසුකම්පන ගොඩක් ඇතිවෙමින් තිබුණෙ ඒ වෙලාවෙ. 5යි ගානක් විතර ම ඒවා!

මං අපේ ක්ලාස් එකේ කට්ටියට SMS දාලා බැලුවා මොකද තත්වෙ කියලා. මහේෂ් මට full report එකක් දුන්නා. යන්තං ක්ලාස් එක තිබ්බෙ නැතිලු. කට්ටියම ගෙදර ගිහිං. අනේ…! කට්ටිය කොහොම ගියාද මන්දා. පව් නේ… 😉 (මං කිව්වෙ අපේ, කොල්ලො ටික!) ටීවි එකේ එකඑක දේවල් පෙන්නුවා. කිරින්දෙ රළ 2004දි වගේ ම පිටිපස්සට ගියාලු. ගාල්ලෙ අරක උනාලු හම්බන්තොට මෙහෙම උනාලු. නියම වැඩේ කියන්නෙ Highway එකේ යන්න දීලනෙ Freeම! ආහ්.. එකේ ගියපු කට්ටියට මං හිතන්නෙ ඒකවත් ඉතිරිවෙලා ඇති දැන්. ඒ අස්සෙ බස් මාමිලා Ticketනුත් කඩනවලු. ඒ අතරෙ http://www.meteo.gov.lk අප්ඩේට් කරලා තිබුණා සුනාමියක් එනවයි කියලා. මං ඒ වෙලාවෙනෙ දැනගත්තෙ සුනාමියක් එනවයි කියලා! 😛 ඒ මොනා උනත් මේ අස්සෙ ටීවී එකේ කාටූන් ටිකකුත් පෙන්නුවා. (නරකෙයි? වෙලාවෙ හැටියට!)

මෙන්න 7.30 – 8.00 වෙනකොට, ඒ කියන්නෙ එතකොට මිනිස්සු ආරක්ෂිත ස්ථානවලට ගිහින්, බයවෙලා, වෙන්න ඕනි ඒවා ඔක්කොම උනයින් පස්සෙ, මෙන්න සුනාමි ඇන්ටි එන්නෙ නැතිලු! Warning එක WITHDRAW කරලා.  ඇඟේ තිබියයුතු H2O % ගානත් රුධිරය බවට පත්වුණා. ෂෝයි and joy. (not kinder) නටපු නැටුමකුත් නෑ සුනාමියෙ පළුවක් නෙවෙයි ඒක ම නෑ. ම්….! ඒකත් අහවරයි. ඊළඟ සැරේක ආවොත් නම් හැබැයි අපේ කට්ටිය මේකෙ හැටියට අනිවා අර කොටියා ආවෝ කතාව කිය කිය ඉඳියි.

අපරාදෙ! Class එකවත් තිබ්බනං? 😉 [ අපි ඉතිං ඉගෙනගන්න මිනිස්සු නෙව! 😛 ]

2 replies on “සුනාමියකුත් (නො)ආවේයැ”

ඈ බං? කවුද මගේ යාළුවා? මරුනේ අද ආතල් එක? වෙනද හැමවෙලේම beach එකට වෙලා ඉන්න මම කරුමෙට අද ගෙදර. (මම අද නිවාඩු දැම්මා නිසා) අපිට නම් අද class තිබුනෙත් නෑ නොවැ. හොඳයි ඉතින් නියම අත්දැකීම. මටත් අර භූමි කම්පාව දැනුනා, මාව vibrate උනා. මම හිතුවෙ මගේ heart beat එක වැඩි වෙලා කියලා (දන්නවනේ? මේ දවස්වල කොහොමත් මගේ heart beat එක වැඩිවෙනවා නේ??). මම එවෙලෙම status නුත් update කොරා. පස්සෙ තමයි දන්නෙ ඇත්තටම මෙහෙම දෙයක් ‍වෙලා කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page