“InfoTech” හෙවත් අපේ ඉස්කෝලෙ තොරතුරු තාක්ෂණ දිනය වාර්ෂිකව (හැබැයි ගිය අවුරුද්දෙ නම් තිබ්බෙ නෑ 😛 ) සංවිධානයවන උත්කර්ෂවත් අංගයක්. ගොඩක් අවුරුදුවල ප්‍රදර්ශනේකුත් එක්ක දින කීපයක වැඩ පිළිවෙලක් ඒක. සංවිධානය කරන්නෙ අපේ IT Club එකෙන්.
2012 පෙබරවාරි මාසෙ අගභාගෙදි විතර අපේ ප්‍රසන්න සර් මට අයිඩියා එක දැම්මා මේ අවුරුද්දෙ(ව)ත් අයිටී ඩේ එක කරන්න කියලා. දන්නවනෙ ඉතිං? ඔය අයිටී වැඩගැන මට ඇහෙන පරක්කුව විතරයි. 😉 ඉතින් ඉක්මණටම announcement එකක් දුන්නා Club එකට අළුතෙන් (මේ අවුරුද්දට) සාමාජිකයන් ඕනි කියලා. ඒ අනුව මාර්තු 14 වෙනි බදාදා රැස්වීමක් ගත්තා. ගතානුගතික සිරිත අනුව ම මුලින් තේරුවෙ ලේකම්. ඒකට ඉතිං කෙනෙක් යෝජනා වෙලා ස්ථිර වුණා කියමුකො. (නම අහන්නෙපා; මොකද මේ තනතුරුධාරියා පස්සෙ වෙනස් වුණා. :-/ ) Then සභාපති තේරුවා. මම ප්‍රධාන ශාලාවෙ ඉස්සරහ හරියෙ හිටියෙ. මැද හරියෙන් වගේ මට ඇහුණා “2012 තොරතුරු තාක්ෂණ ශිෂ්‍ය සමාජයේ සභාපති තනතුරට මා තඹරු විජේසේකර සොයුරා යොජනා කරමි.“ – (දැඩි නිහැඩියාව හා හදගැස්ම) – “මම එම යෝජනාව ස්ථිර කරමි“… ඊට පස්සෙ මට ඇහුණෙ අත්පුඩි හඬක් විතරයි. තව ටිකකින් බලද්දි මං stage එක උඩ!.. 😮
ඔන්න ඔය විදියට කට්ටිය පත්වෙලා අද(29) වෙනකොට මෙන්න මෙහෙමයි තේරිලා ඉන්නෙ:
http://rahulacollege.org/college/secondary-section/clubs/ict-club/ict-club-2012/
- මම – සභාපති
- පැතුම් වන්නිආරච්චි – උප සභාපති
- විහඟ රාජපක්ෂ – ලේකම්
- ඔසුර ලියනගේ – උප ලේකම් (මල්ලි කෙනෙක්)
- පසන් මලිත් – ශිෂ්‍ය භාණ්ඩාගාරික
- අශාන් සංජීව – සංවිධායක
- සචින් රමේෂ් – උප සංවිධායක
- යසිරු යොමාල් – කමිටු සාමාජික
- සසිඳු අබේවික්‍රම – කමිටු සාමාජික
- දිලුම් එෂාන් – කමිටු සාමාජික
- මෙථිල සුදේශ් – කමිටු සාමාජික
- ආසිරි නූපෙහේවා – කමිටු සාමාජික
- දිමුතු සම්පත් – කමිටු සාමාජික
- ඩිලාන් පල්ලියගුරු – කමිටු සාමාජික
එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් බිමදාන පරණ කතාව අතෑරලා Angry Bird ගහලා හොඳ පුරුද්දක් තියෙන අපේ කට්ටිය “එක කුරුල්ලාගෙන් ඌරන් දෙතුන් දෙනෙක් බාගැනීම“ කියලා, මේක A/L Project එක විදියට කරමුය කියලා එකඟතාවකට ආවා.
ඒ අස්සෙ මාර්තු 22වැනිදා ශාන්ත තෝමස් උසස් බාලිකාවන්ගෙ Techno 2012 – IT Day එකට ‘එක‘දාලා, මාසයඅග විභාග තිබිලා, අවුරුදු නිවාඩු හම්බවෙලා ආයිත් ඉස්කෝලෙ පටන් ගත්තා. අපේ ඈයින්ගෙ මතකය කොච්චර සුපිරිද කියනවානම් ඉස්කෝලෙ පටන්ගත්තට පස්සෙ ආසාවට ක්ලබ් එකේ එකෙක් දකින්න හිටියෙ නෑ. ඉතිං මං සංවිධායකතුමාත් අල්ලගෙන වැඩේට බැස්සා. මුලින් ම ලෝගෝ එකක් ඩිසයින් කරන්න පටන්ගත්තා. තනි තීරණේ වැඩ හොඳ නැති නිසා FB Group එකක් හදලා, මට ඇහැකි විදියට එකක් හැදුවා.
ඊට පස්සෙ ඔන්න කට්ටියම අරක මේක කියලා, අන්තිමට Versions කීපෙකට පස්සෙ, අන්තිම එකක් බිහිවුණා.
ඔය අස්සෙ මං Project Proposal එකත් ලිව්වා. (අර මුලින් පත්වුණු ලේකම්තුමා කොච්චර ඇක්ටිව් ද කියනවා නම් මේක කරන්න උනෙත් මට) Budget එකත් add කළාට පස්සෙ විදුහල්පතිතුමා ඒක අනුමත කළා. So මාර happy. 😀
Sponsorsලා හොයන වැඩේ තමයි ඊළඟට තිබ්බෙ. ඉතින් ටක්ගාලා (කිව්වට ඒක හදන්නත් දවස්ගානක් ගියා) Letterhead එකක් හදලා, ගොඩක් තැන්වලට ගියා. ඒ දවස්ටිකේ ඔය Designing වැඩටික කෙරුණෙ අපේ අශාන්ලයි ගෙදර. (මේ වෙනකොට කට්ටිය stable වෙලා වැඩේට Full උනන්දුව ඇතිවෙලා තිබුණෙ.)
අශාන්ගෙ room එකේ අපේ එවුන් ලැගලා අරම කරපන් මෙහෙම කරපන් කියලා ideas දෙනවා. B-) (සහ ඇඹෑණිලාට SMS කොටනවා, සචින් ගැලැක්සියෙන් Game ගහනවා ඊටීසී.) 😀
ඌත් ඉතිං මැසිම ඉස්සරහට වෙලා ඩිසැයින් කොරනවා. 😀
ඩිසැයින් කිව්වට මෑන්ස් Facebook Messenger, Skype ආදී මෙකීනොකී සේරෝම Social Networks ඕපන් කරගෙන රටේ ම ලෝකෙම ඉන්න අක්කලා, නංගිලා, අයියලා මල්ලිලා එක්ක බරට ම චැට! මේකාට මගේ ගානේ Super Computer එකක් අරං දෙන්ට ද සිතිණි. ඔය වගේ එහේ ගියපු එක දවසක (File cover එක ඩිසයන් කරන්න) එක සැරේ ම මෑන්ස් missing. මං හොරෙන් ම වගේ එලියට බැහැලා බැලුවා මොකද්ද සීන් එක කියලා. මං මේ photo එක ගන්නවා කියලා (ඇන්ඩ් ළඟට ආවා කියලාවත්) එතුමා දන්නේ ම නැත! (දැනගත්තා නම් ගන්ට දෙන්නේ ද නැත) 😉
දැන් ඔය අනුග්රාහකයන් හොයන්න යද්දි එක්තරා ඉහළ මාලයක තිබිච්චි එකකට යන්න; පිකිස් වලින් කියනවා නම්, උත්තෝලකයක් හෙවත් Lift එකක් තිබ්බා. මේ සීන් එකට කට්ටිය ම ආසවෙලා හිටියෙ. ඕක ඉස්සරහට වෙලා, කතාවුණා මේකටත් යනවද නැද්ද කියලා. මුන්ගෙ ආසාව තේරිච්ච මං කිව්වා, “යමල්ලා එහෙනං ලිෆ්ට් එක පදින්ට“. මේකෙ opertator වුණේ පැතුම්. ඕකෙං උඩට ගිහින් බැහැපු ගමන්මයි, ආයිත් පල්ලෙහාට ආපු වෙලාවෙයි දෙකේදි ම අශාන් “අවස්ථිතිය“ක් ගැන කියන්න ගිහිල්ලා සචින් ඇතුළු කට්ටියම වරුවක් විතර නෝන්ඩි කළා. 😛
මේ සීන් අස්සෙ එක දවසක් අපි ඔක්කොම ඔන්න මොකද්ද වැඩක් කරකර හිටියා ICT Lab එකේ. වැඩේ progress එක බලන්න ටික වෙලාවකින් අපේ ධර්මවර්ධන සර් – ඒ කිව්වෙ ක්ලබ් එක සහ IT Unit එක භාර ආචාර්යතුමා – ඇවිත් අපි ළඟින් වාඩි උනා. වෙනදා වගේ ම සචින් ගැලැක්සිය ඔබඔබ හිටියෙ. සර්නුත් ඇවිල්ලා ෆෝන්එක අරගෙන බැලුවා. එච්චර අවුලක් උනේ නෑ; සර් එකේ තියෙන Specifications ගැන තමයි ඇහුවෙ. නියම වැඩේ කියන්නෙ, සචින් එතුමගෙ ඇඹෑණිගෙ (ඒ කිව්වෙ, සුදා…ගෙ) පින්තූර ටිකක්; එක Home screen එකක දාලා තිබ්බෙ. ඒක එකසැරේට කාටවත් අහුවෙන්නෙ නෑ. අපේ එවුන්ටික එකසැරේම කියන්න ගත්තනෙ, “සර් ඕක Slide කරලා බලන්නකො. 😉 මාර Sensitive කියලා“ සර් ඔය සීන් එකක් දන්නෑනෙ, ඉතින් කළා. බඩු මාට්ටු! 😀 මොනදේ උනත් අපේ සර් හරි හොඳයි. ඔය අනංමනං කේස් අදින්නෙ නෑ. ඒ මොක උනත් දැන් මේ වෙච්ච වැඩේ පට්ට නෝන්ඩි. සචින්තුමාගෙ මූණ රතුපාට වෙනකං ගොඩක් වෙලා අපි හිනාවුණා! 😀
ඒ විතරක් නෙවෙයි, අපේ පසන් මලිත්නුත් මේ දවස්ටිකේ කොට්ටෝරු රස්සාව පටන්ගෙන තිබුණා තිබේ. දවසක් ලාල් සර්ගෙ ක්ලාස් එකේදි මම පසන්ගාව හිටියෙ. මං කිව්වට ඇහුවෙත් නෑ. පොත ගෙනාවෙ නෑ කියලා කොටකොට හිටියා මැතිණිට. ඒ අස්සෙ ඔන්න මොකද්ද කතාවක් අස්සෙ මගේ නමත් මනුස්සකමට mention වෙලා තිබ්බා. ඕක පස්සෙන්දා අනිත් කට්ටියත් දැනගෙන, කතාව වෙනස්කරලා මටත් මළ නෝන්ඩියක් දුන්නා. 😛 මනුස්සකමට!
ඩේ එකට Slogan එකකුත් එපැයි. ලිට් කරපු කට්ටියට කිව්වා එකක් හිතාපල්ලා කියලා. කොහෙද?! සතියක් විතර ගියා මෙලෝ එකක් යෝජනා වුණේ නෑ. Linux ලොකුකරං හිටිය මං ම ඒකත් යෝජනා කළා.
“Rooting the Terminal”
ඒක අහපු ගමං සේරෝ ම කරකෝලා අතෑරියා වගේ! ඕකෙ තේරුම මෙහෙමයි, ඕනම දෙයක අපි උඩින් බලලනෙ ඒකෙ ගැඹුරට යන්නෙ. උදාහරණයක් විදියට.. හැමෝ ම Mouse, Keyboard පුරුදු වෙලානෙ Programming පැත්තට යන්නෙ? ඉතින් හැම දේක ම ගැඹුරට හොයාගෙන යනවා කියන තේරුමෙන් තමයි එහෙම මම කල්පනා කළේ. අනික ඒක Linux term එකක් නිසා IT වැඩේටත් ගැලපෙනවා. මේක ඇහුවට පස්සෙ එකෙන් ම සභාසම්මත උනා.
ඔය සේරට ම පස්සෙ ඉස්කෝලවලට Invitations යවන්න ලෑස්ති උනා. ලියුම් ටිකත් හදලා, අශාන් එක්ක එකතුවෙලා ලස්සන Invitation එකකුත් හදලා
මෙන්න මේ විදියට arrange කළා: (මේක මේ පාලටුවෙ ගුණරතනෙට යවන්න හදපු එක.)
පාසල්වලට යන වැඩෙත් මාර ජොලි. 😀 හාහාපුරා කියලා ගියේ අපේ සහෝදරී පාසලට. ඒ කිව්වෙ සුජාතා විද්‍යාලෙට. අපේ හාදයො ටික ගේට්ටුව ඉස්සරහට වෙලා විනාඩි 10ක් 15ක් විතර කවුද යන්නෙ කියලා කතාකරන්න පටන්ගත්තා. ඔක්කෝම යන එක චාටර්නෙ? මේක ඉවරවෙන්නෑ වගේ පෙනුනු නිසා මං කඩාගෙන බිඳගෙන ඇතුලට ගියා. ඒපාර පැතුම්නුයි, පසන්නුයි මගේ පස්සෙන් ආවා. ගිය ගමන් ම තියෙන්නෙ ඔෆිස් එක උනාට අපිට එක සැරේට ප්‍රින්සිපල් ඉන්න තැන හොයාගන්න බැරිඋනා. මං කැරකි කැරකි ඉඳිද්දි එතන හිටිය Prefectවරියක්ගෙන් පැතුම් අහලා දැනගත්තා. ඔන්න ඇතුලට ගියා කියමුකෝ.. මං හිතුවා කොල්ලො ටිකක් එනකොට විදුහල්පතිතුමී තදට ඉඳියි කියලා. බට් මාරයි! එතුමි හරි හොඳට කතා කරලා IT Unit එකට ම ගිහින් දෙන්න පුළුවන්ද ඇහුවා. මං නිරුත්තර උනා. පිටිපස්සෙන් ඇහුණා, “OK Madam.” මං හිතන්නෙ ඒ පසන්. ඔන්න බොහොම අමාරුවෙන් ඒකත් හොයාගෙන ගිහින් අයිටී ටීචගෙ අතටම දුන්නා. ඔන්න ඔය ඒ වෙලාවෙ පීරියඩ් එකකට ඇවිත් හිටපු ගැවුලමයි දිහා අපිනං බැලුවෙ නෑ. කොහොමටත් තනිකඩ මට වගේ නෙවිනෙ? අර දෙන්නා පවුල් පන්සල් වෙලා නිසා කොහොමටත් තහංචි 😛 එහෙම වෙලාවට තමයි මේ ‘පොඩිකමේ‘ අගේ දැනෙන්නෙ! 😉
සංවිධායකතුමාටනම් ගර්ල්ස්කූල්එකට යන්න මළ හදිස්සියක් තිබ්බෙ! කොච්චර ද කියනවනං මාතර මහා විද්යාලෙටත් කලින් අපිවත් ඇදගෙන එහේ ගියා කැබැල්ල බලන්ට. 😛 ඒ ගියාට වැඩක් උනේ නෑ. එහේ මැඩම් ටිකක් තදයි. අපි අරෙහෙ අයිටී රූම් එකට ගියපු බව අහලා මෙහේ එකටත් යන්න හීනමවං වෙන්නැතිනෙ ඉන්නැත්තෙ. විදුහල්පතිතුමී ආරාධනාව භාරඅරං, “හරි“ය කිව්වා. (මූණු ඇඹුල්වූ ආදියට ලුණුදමා මෙතන කියන්නට මට සිත් නොදේ 🙁 ) ඊට පස්සෙ අශාන් කෙළින් ම ඉස්කෝලෙට ගියා සචින් එක්ක සයන්ස් එකේ වැඩ කියලා. මායි, විහඟයි, පසනුයි, පැතුම්නුයි මාතර මහා විද්‍යාලෙට, කොන්වන්ට් එකට, මහාමායා විද්‍යාලෙට සහ සර්වේශස් එකට ගියා. මෙකෙන් කොන්වන්ට් එක ගැනනං විශේෂෙන් කතා කරන්නෝනි. මොකද, ගේට්ටුවෙන් ඇතුලට ගිය හැටියෙම මං ඒත් හිතුවා අද ඉස්කෝලෙ නිවාඩුද? කියලා. පුදුම විනයක්! මූදෙ සද්දෙ විතරයි ඇහුණේ. එහෙත් සිස්ටර් ටිකක් සැරබව කතාකරද්දි දැනුනා. (සර්වේශස් එකෙන් අපිව පිළිගත්ත විදිය දන්නෝ දැනගත්තා ම හොඳට ම ඇතිය 😛 ) මහාමායා එකේ පැතුම්ගේ නැන්දා කෙනෙක් විදුහල්පතිතුමී නිසා ඔෆිස් එකට ගියාම වාඩිවෙන්නෙයි කියලත් කිව්වා. එහේ මුරමාමා කෙනෙක් නැති එකට අපිට ඊරිසියා හිතුනා. 😛 😉
ඊට පස්සෙන්දා, ඒ කියන්නෙ 28 වෙනිදා ගියා ශාන්ත තෝමස් කුමර විද්යාලෙටයි, මහානාමෙටයි, ජනාධිපති විද්යාලෙටයි. බෝයිස්කූළ් එකට යන අතරමගදි “මහ අව්වේ එකම කුඩය යට තෙරපි තෙරපි අර යුවලක් යන හැටි“ දැක්කා. සුපුරුදු ඩයල් එකක් වගේ නිසා ටිකක් හොඳට බැලුවා. අපේ බුධාජීව අයියා එම මැතිණියත් එක්ක! 😀 😉 ඒ දෙන්නත් එක්කත් කතා කරලා, (හදවතින් සුබපතලා) අපි අපේ වැඩේට ගියා. මහානාමෙට ගිහිං එන අතරෙ පැතුම්ගෙ outer cooler එකට සිහිල් සුළං රැල්ලක් ගහගන්ට කියලා වින්කලේක නැවැත්තුවා. ඒ අතරෙ අපිව පහු කරගෙන…. (ඒක අපි තුන්දෙනා දැනගත්තම ඇති.)
අද(29) ගියා අනුර විද්යාලෙටයි, හිත්තැටිය ධර්මරාජෙටයි, පාලටුව ගුණරතනෙටයි. ධර්මරාජෙ විදුහල්පතිතුමී මගේ දිහෑ ටික වෙලාවක් අමුතුවට බලං ඉඳලා කිව්වා පුතාව දැකලා පුරුදුයි කියලා. 🙂 මං ගැන විස්තරත් ඇහුවා. ඊට පස්සෙ එළියට ආවාම මං (වහිනවද බලන්න) උඩ (තට්ටුව දිහා) බැලුවා. ගෑනු ළමයි 5-6ක් මෙන්න Show එකක් බලනවා! 😮 😉 මං පැතුම්ට හෙමීට කිව්වා, “There’re some viewers at us” කියලා. ඌටත් වැඩේ මීටර් උනා. නොදැක්ක ගානට අපි ගමන පටන් ගත්තා. ඔන්න ඒ පාර පසන් කියනවා එම-මැතිණිගෙ ගෙදර කවුරුවත් නැතිලු, එයා ලෙඩවෙලාලු… අරකයි මේකයි. පැතුම් කිව්වා ඉතිං කෝල් එකක් ගනිං කියලා. වරුවක් විතර කල්පනං කරකර ඉඳලා ඔන්න කතාකළැකි කියමුකෝ.. මූට මෙලෝ සිහියක් නෑ. කතා කරනවා; කතා කරනවා! අවස්ථිතිය හොඳටෝ ම වැඩියි. 😉 ඒ අස්සෙ පැතුම්නුත් අරක මේක කියනවා – “ඔතන මල් නෑ ඕයි!“ “ලෝන් එක තා ටිකකින් ඉවර වෙයි“… මං හිතන්නෙ ඒපාර ඇඹෑණි අහන්නැති කවුද ඔතන ඉන්නෙ කියලා. “පැතුම්නුයි මායි ඉස්කෝලෙන් එළියට ආවා“ 😛 මනුස්සකමේ නාමෙන් මා එතැන නැත!! 😉
අද වෙනකං කතාව මෙච්චරයි. ඉතුරු ටික වෙන වෙන හැටියට ලියන්නම් දිනත් දාලා ම. මේක දිගවැඩි නිසා ඉතුරු ටික තා කොටසක් විදියට ලියලා මෙතෙන්ට ලින්ක් කරන්නම්.