Categories
Events Lifetime

InfoTech 2012 [RCM]

රාහුල විද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණ ශිෂ්‍ය සමාජය වාර්ෂිකව සංවිධානය කරන InfoTech 2012 මෙවරත් ජුනි 15වැනිදා සාර්ථකව නිමාවුණා. මාස ගානක මහන්සියෙන් මේක සංවිධානය කළ හැටි මෙන්න මේ ලිපි දෙකේ ලිව්වා. මේ වෙන කොට අනිවා කට්ටියම කියවලා ඇත්තෙ. මඟහැරුණා නම් කියවලා ම ඉන්ටකො 🙂

InfoTech 2012 සංවිධානය කළසැටි [part 01]

InfoTech 2012 සංවිධානය කළසැටි [part 02]

Organizing [part 03]

Advertisement

ඉතින් ඔය විදියට සඳුදා(11) හන්තානලිනක්ස් සහ Win7 දැම්මා. අඟහරුවාදා(12) අපේ කට්ටිය හන්තාන අතපත ගාලා ඒකෙ තිබ්බ Car Race Game එකක් හොයාගෙන සේර ම වැඩ පැත්තක දාලා ඒක ගැහුවා. අවුරුදු දෙක තුනකින් PinBallවත් ගහපු නැති නිසා කට්ටිය එහෙමෙහෙ වෙනකං ඉඳලා මාත් ෂූ..ට්ටක් විතර.. 😉

බදාදා(13) පසන්, පැතුම්, සචින් ඇතුළු කීපදෙනෙක් ඉස්කෝලෙන් එළියට යැව්වා රිජිෆෝම් බෝඩ්ස් ටිකක් ගේන්න. මම සහ අනිත් අය ඉස්කෝලෙ ඉඳං ඉතුරු වැඩටික කළා. බජට් එකේ පොඩි අවුලක් ගැන මායි, අශානුයි ධර්මවර්ධන සර්නුයි කතා කරකර ඉඳිද්දි (කොටින්ම කිව්වොත් අපේ ඉහමොළ රත්වෙලා තිබියදී..) සචින් මට call එකක් අරං හෙන හදිස්සියෙන් වගේ අශාන්ට දෙන්නෙයි කිව්වා. ලොකු අවුලක් වෙන්නැති කියලා හිතාගෙන මං අශාන්ට දුන්නා. ටිකකින් මෙන්න සංවිධායකතුමා සචින්ට හොඳ ඒවා කියන්ට පටන් ගත්තා!! බැලින්නම් මුං ටික එළියෙ කෑගහගහ පොඩි ආතල් එකක් අරං. මං පස්සෙ දැනගත්තෙ; කට්ටිය ම අර දඟරවලිග කාටූන් එකේ “හූපා පීපී.. හූපා හූපා“ කිය කිය කෑ ගගහා කුඩටිකත් අමෝරාගෙන යුධ පිටියක් කරගෙනලු මහ පාර. සචින් අශාන්ට කියනවලු “අනේ බං මට වෙඩි වැදුනා; හූපා පීපී”යි කියලා! 😀 ROFL

බැනර් එක Print එකට දෙන්න කලින් විහඟයි පසන්නුයි මිනුම් ගත්තා:

යන්න කලින් සිහිල් සුලං රැල්ලකින් Outer Cooler එක සතපවාගන්න ඕනැනෙ! නැද්ද? 😀

එදා හවස Paint කරන්න දාගත්තා. ඒත් අපි ගෙදර ගිහින් එනකොට බඩුටික සේරම ඇතුලෙ තියෙද්දි ධර්මවර්ධන සර් IT Unit එක වහලා ගිහින් තිබුණා. මං call කළා ම කිව්වා පසන් මලිත් බඩගරිකතුමා කිව්වලු අද හවස වැඩ කරන්නෑ කියලා. වෙලාවට එතන එතුමා නොහිටියෙ. නැත්තං අපේ කට්ටිය.. 😛

4.00ට විතර ජයවර්ධන සර් ඇවිත් Unit එක ඇරලා දුන්නා. මදැයි කොලා! Emulsion වෙනුවට ඉස්කෝලෙන් අපිට ලැබිලා තිබුණෙ Enamel තීන්ත. ඉතින් පේන්ටිං වැඩෙ කැන්සල් කොරලා ගේට්ටුවට දාන බැනර් එකේ අකුරු කපන්න පටන් ගත්තා.

Bio Section එකේ අපේ පන්තියට එහා පැත්තෙ පන්තියෙ ඉඳන් තමයි කළේ. එදා රෑ 8විතර වෙනකං ඉඳලං යන්න බස් නැති නිසා මට සමුගන්ට උනාට 9 – 10 වෙනකම් අශාන්, විහඟ, පසන්, පැතුම්, රොෂාන් අයියා ආදී කට්ටිය ඉඳලා තිබුණා.

බ්‍රහස්පතින්දා(14) උදෙන් ම මං නිවේදනයක් ලියලා සන්නිවේදන අංශෙට දුන්නා. බඩගරිකතුමාට විහඟ දීපු බිල් ටිකත් දුන්නා. (අකුරට බිලට වැඩ! 😛 ) එදාත් උදේ වරුවෙ ධර්මවර්ධන සර්, ප්‍රසන්න සර් සහ අපේ අළුත් IT සර් (මට නම නම් මතක නෑ) එක්ක රැස්වීමක් තිබුණා. වැඩේ කෙරෙන හැටි තිතට ම කතාකරගත්තා. ඉස්කෝලෙ නිමවෙලා හවස් වරුවෙ පෙමිඳුත් ආවා පළවෙනි වතාවට හෙල්ප් කරන්ට. එයා තනියම ඔන්න මොනවද පටිවගයක් අලවලා පොල්තෙල් පහනට සැරසිල්ලක් දැම්මා. (15 උදේ අනිත් කට්ටිය ඒකෙ උඩටික ගලවලා වෙනස් කළා)

IT Unit එකේ උඩ ම තට්ටුවෙ Interactive Whiteboard එකට මායි, සචිනුයි Windows 8 දාලා ටැස්ට් කොරලාත් බැලුවා. ඒක කරන්න ගිහින් වින්ද දුකක්!! අපේ හැමෝම සේරම වැඩ පැත්තක දාලා සර්ලත් නොහිටි නිසා Touch එක ටැස්ට් කොරන්න ගත්තා නෙව! (ගම අහුවෙනවා! 😛 ) ඒ අතරෙ Guestලාගෙ Souvenir සහ සහතිකටික අශාන්, පැතුම්, දිලුම් සහ පසන් වාරකීපයකදි Press එකෙන් අරන් ආවා. ඊට පස්සෙ මේන්හෝල් එකේ වැඩවලට බැස්සා. (ඒ අස්සෙ IT එකේ Padlock එක නැතිවෙලා බොහොම අමාරුවෙන් බැණුම් නොඅහ හොයාගත්තා!)

හැඩතල අලවන, කපන අස්සෙ විහඟ කියනවා, “ඔන්න මචං, Thanking Speech එකනම් මට කිසි අවුලක් නෑ.” කට්ටියම කිව්වා “එහෙනං කරහං බලන්ට!” කියලා. එතුමා ලේකමාරූඪව “හානේ… ආපු හැමෝට ම තැන්ක් යූ…!! කෙල්ලො ටික ෂෝ…ක්..! උම්මා.?! කොල්ලො ටික නම් ගන්න දෙයක් නෑ.! දාඩිය ග‍ඳේ බෑ… ප්‍රින්සිපලුත් ෂෝ…යි. උදේ ඉඳං සුදට සුදේ.. තෑන්ක්ස් ආවට!” 😀

මං රෑ 10 – 11 වෙනකම් ම School Uniform එකෙන් හිටියෙ. දැකලාම එපාවෙලා ද මන්දා, හැමෝම කිව්වා මට ගෙදර ගිහිං Change එකක් දාගෙන වරෙන් කියලා. කොහොම කියලා යන්න ද?!! ඉතින් යසිරුයි, දිලුම්නුයි බයිසිකල් තුනක් සෙට් කරගෙන අපේ ගෙදරට ම මාව ඇරලවලා: ආයි එක්කගෙනත් ආවා. 🙂 ඔය අතරෙ අපේ සචින්; පසන් මලිත්ගෙ cooling උපැස් යුවලත් ඉල්ලගෙන මාර සනීපයි කියලා දමාගෙන හිටියා. එතුමාගෙ අර සුදා…නුත් උපැස් පළඳින නිසා ඔය වැඩේ කරන බව තේරිලා මටයි පසන්ටයි.. 😀 😀

ඕක දවස්ගානක ඉඳන් පැවත ආපු එකක් නිසා එතුමාට චූටි නෝන්ඩියක් දෙන්නෝනි කියලා මාත් එදා හවස 5.00ට විතර,

ඔය සචින් ඉන්නෙ පිටිපස්ස හැරිලා?! 😉

QUIZ එකේ වැඩේ තනිකරම මගේ අතේ තිබුණෙ. පැතුම් ප්‍රශ්ණ එකතු කරලා; ජයවර්ධන සර් චෙක් කරලා තිබ්බට මම මේ වෙනකනුත් Software එක හදලා තිබ්බෙ නෑ. (සේර ම ගොඩගහගත්තම වෙලාවක් තියේයැ?) මෙතන ඉඳලා හරියන්නෑ; උඹ ගෙදර ගිහිංවත් ඒක ඉවරයක් කරපං කියලා විහඟ බයික් එකෙන් මාව එක්ක ආවා. පව්.. අපේ අම්මාටත් මං හින්දා වදේ. 🙁 මොනා කරන්නද?!

කොහොමහරි ආපු ගමන් ම මං මැෂින් එක දාගෙන වැඩේ පටන්ගත්තා. ඒත් නිදි මළ විකාරෙන් වගේ! 😛 2.45ට විතර මං පුටුවෙ බාගෙට හාන්සි වෙලා පැතුම් දීපු QUIZ doc එකෙන් Copy Paste කරනවයි, Flash coding සහ Animation හදනවයි; වැඩ ගොඩයි! ඒ මදිවට නිදිවිකාරෙන් මට අශාන් කෑගහන ඒවා, ඉස්කෝලෙ ඉඳිද්දි මේන් හෝල් එකේ අනිත් අය කෑ ගහන ඒවයි ඇහෙන්න ගත්තා නෙවැ! 😮 මටම එපා උනා. සේරම පැත්තක දාලා 3.15ට Alarm එක තියලා නිදාගත්තා. හීනෙනුත් පෙනිච්ච දේවල් ගැන ඉතින් ආයිත් කියන්න දෙයක් නෑ! 😛 ඊට පස්සෙ උදේ 6වෙනකම් ම ඒකෙ ඉතුරු ටික කළා. උදේ 5 වෙනකොටත් විහඟලා එහෙම ගෙදර ගිහින් ආයිත් ඉස්කෝලෙට ඇවිත් තිබුණා. ඒත් මම ඉස්කෝලෙට යනකොට 7ටත් කිට්ටුයි.

මං යනකොට ලස්සනට ගේට්ටුව ඉස්සරහින් Banner එක ගහලා, Main hall සහ Stage එකේ ඉතුරු වැඩ ටිකත් කරලා තිබුණා. මං ඔක්කොම ටික Pen එකට දාගෙන ඇවිත් Copy කරගන්න කියලා දිමුතු, ඩිලාන් ඇන්ඩ් සචින්ට දුන්නා. ඊට පස්සෙ එහාට මෙහාට පෙන් එක ගියා. කොටින් ම කියනවා නම් මේ මොහොත වෙනකොටත් ඒක මං ගාව නෑ! :-/

ඉස්කෝලෙන් Blazers ඉල්ලාගෙන ටයිපොල්ලත් දාලා මං ඇතුළු ලොකු තනතුරුධාරීන් තම තමන්ගේ Post එකට බැස්සාහ. ඒ අස්සේ පැතුම් අයිස් ටික ගෙනල්ලා: Drink එක cool කරන්නට පටන්ගෙන තිබුණේය. කලින් අයිස් ගසමින් සිටි පොඩි ඈයෝ ද උප සභාපතිතුමාට සප්එක දිනි. ආපු වෙලාවෙ ඉඳලා ම මට IT Unit එකේ ඉඳලා Main hall එකට දුවන්නයි, කෙරෙන වැඩටික විස්තර කරන්නයි, Welcome speech එක ලෑස්ති කරගන්නයි, ආරාධිත පාසල් බලන්නයි (පාසල් හොඳේ!?!) වැඩගොඩයි. 😉 ඒ අස්සෙ හැම එකා ම ඇවිත් අරක කොහොමද කෙරෙන්නෙ, මෙහෙම උනොත් මොකද කරන්නෙ, “අයියෙ.. අර ෆයිල් එක ‍copy වෙන්නෑ. පොඩ්ඩක් එන්නකො.”, “අහවල් ඉස්කෝලෙ ලිස්ට් එන ලැබුණෙ නෑ”, “තඹරු මෙන්න බුලත් ටික.”, “මචං වඳිනවද නැද්ද?”, “මට Agenda එකක් ඕනේ”, “උඹ speech එක සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද කරන්නෙ?” ඊටීසී. 😛

අපේ ප්‍රධාන ආරාධිත අමුත්තා වුණේ SLIIT එකේ Manager, Mr. පුබුදු සම්පත්. කොළඹ විශ්ව විද්‍යාලෙන් අයියලා 4-5 දෙනෙකුයි, අධ්‍යාපන අධ්‍යක්‍ෂකතුමන්ලායි සහභාගී වුණා. ආරාධනා කළ ගොඩක් පාසල් ඇවිත් හිටියා. (Convent එක හැර. :-/ )

The Occasion

ඔන්න කොහොමහරි Day එක පටන්ගත්තැයි කියමුකො. 😀 හූපාපීපී! (මටත් උපසංවිධායකතුමාගෙ ලෙඩේ බෝවෙලා! 😛 ) ආරාධිත අමුත්තන්ට බුලත් දීලා අපි ආයුබොවන් කිව්වා.

පොල්තෙල් පහනත් අපේ පසන්ගෙ අදහසකට අනුව හබරල දඬුටිකකට ලස්සනට (re)සැට් කොරලා තිබුණා. Uncommon! 😀

ලසිත් හදපු 3D video එකත් Play කරලා Full moral එකක් දුන්නා හිත පතුලටම! නියමයි. පොල්තෙල්ඉටිපන්දම් පහන පත්තුකළැයින් පස්සේ, “I kindly invite the president of Rahula College ICT Students’ Club, my dear brother Thambaru Wijesekara to welcome the invitees.” ඔන්න ඒපාර,

සැලෙත් දෙපය නැගෙමින් වේදිකාවට

ගතිමි අතින් ෆයිලය සහ පෑන් තුඩ

නැත නැගුණේ අත්පොලසන් වටින් වට

තත්පරකටුත් හදගැස්මත් සවිය දින..

අනතුරුව, විදුහල්පතිතුමාත්, ප්‍රධාන අරාධිතතුමාත් කථාකළා. ඒකට පස්සෙ Quiz එකට සහභාගීවන්නන් වෙන් කරගන්ට හිටියට පළවෙනි Lecture එකේ ටිකක් ගියාට පස්සෙ තමා කරන්නවුණේ. ඒ කට්ටියත් කැන්දන් එන අතරෙ මං දුවලා ගිහින් IT Unit එකේ වැඩටික ලෑස්තිද බැලුවා. Practical එකට නම් හිතපු තරම් පිරිසක් සහභාගී වුණේ නෑ. ගෑණු ළමයි දෙන්නෙකුයි තව පිරිමි ළමයි දෙතුන් දෙනෙකුයි (ඒ ගානනම් හරියට මතක නෑ 🙂 ) හිටියෙ. Theory එකට නම් හිතපු ගාන එහෙම්ම ම හිටියා. ධර්මවර්ධන සර්ට මම කිව්වා Theory quiz එක කෙරෙන හැටි. ඊට පස්සෙ සර් එක හැමෝටම ඇහෙන්න කිව්වා.

කට්ටිය ready ද අහලා මං Start button එක Tap (touch) කළෙමි. මුලින් W8 On කරපු වෙලාවෙ කට්ටිය කට ඇරං බලන් හිටියා කියලා මට සචින් කිව්වා.ඌත් ඔන්න මොකද්ද එකක් Slide කරලා, ‘පොර‘වී තිබිණි (ලු). මාතරින් හෝ දකුණු පළාතෙන් ම ඔයිං එකක් තියෙන්නෙ රාහුලේට විතරලු. ඉතින් ඒක අපිට ලොකු හයියක් වුණා. Flash animation එකේ පොඩි කොටසක් හදලා මම ඒකට සපෝට් ද කියලා ඊට කලින් දවසෙ ටෙස්ට් කරලා තිබුණා කෝකටත් කියලා. Then මං පල්ලෙහා තට්ටුවෙ Practical Quiz එකට ගිහින් ඒක කෙරෙන හැටි වෙන වෙන ම කියලා දුන්නා. ඒකෙ තිබුණෙ HTML or Visual Basic වලින් Debugging සහ නව නිර්මාණයක් කරන්න.

ඒ අතරෙ මට මේන්හෝල් එක පැත්තෙන් ආරංචියක් ආවා ආරාධිත පිරිමි පාසලක් එක්ක අපේ ඉස්කෝලෙ සෙට් එකක් වලියක් දාගන්න යනවයි කියලා. එවෙලෙම මම සේරම පැත්තක දාලා පිටත්වුණා. ඔතන මොකක්හරි උනොත් සේරටම උත්තර බඳින්ට වෙන්නෙ මට නෙව! හැබැයි මං එහාට යනකොට ඒක ඉවරවෙලා. (කෝමටත් අපේ කට්ටිය අතරෙ කතාවක් තියෙනවා, තඹරු වලියක් බලන්න ගියොත් ඒක ඉවරවෙලා උං කරටත් අතදාගෙන කියලා.) 🙂 හැබැයි ඒක ඉවරයි කිව්වට කොයි වෙලේ ආයිත් ඇදෙයිද කියලා ෂුවර් එකක් තිබුණා. අම්මා කෙනෙකුත් ඇවිල්ලා ඔන්න මොකද්ද සීන් එකක් ගිහින් තිබුණාට ඒක සීතල යුද්ධයක් වගේ එච්චර ලොකු ප්‍රශ්ණයක් උනේ නෑ. (වාසනාවට! 😛 )

ඔය අස්සෙ අශාන් Theory Quiz එක ලියමින් හිටිය ගෑණු දරුවන්ගෙ Photos ගත්තලු. 😀

Refreshments බෙදද්දිත් වෙන ළමයි වගයක් මැද්දට පැනලා Drink එක අතුරුදහන් වෙලා තිබුණා. (ඕක හැම Day එකක ම වෙනවානෙ!) ආරාධිත පාසල්වලට Shape එකේ මදිපාඩුවක් උනේ නෑ. කෝම උනත් අපේ කොමිටියේ මහත්තුරුන්ට ලැබුණේ ම නැත! මා ද දිව කබා සාක්කුවේ දමාගෙන සිටියෙමි. වාසනාවට විද්‍යාලයීය Tap රාජයාණන් වහන්සේලාගෙන් ජලය වෑස්සුණි. 🙁

මේ සැරේ විශේෂයක් වුණේ ඉතිහාසයෙ පළවෙනි වතාවට(?) Stage එකට රිජිෆෝම් වලින් Dayඑකේ නම නොගහා 16:9 Videos Play කරපු එක. (සහ ඒ බෝඩ් එකට කොළ මදිවෙලා ඉතුරුවෙලා තිබුණු Letter Heads 3ක් අලවපු එක 😀 ) ඔය මොළේ පහළවුණේ බජට්එකේ ක්‍ෂීණත්වය නිසා බව ඉතිං අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. ඒ වැඩේ නම් නියමෙට නැගලා ගියා. 🙂 මාත් පුළුපුළුවන් වෙලාවට Main hall එක පිටිපස්සට ගිහින් ඇතුලෙ කෙරෙන වැඩ අධීක්‍ෂණය කළා රසවින්දා. 😀 අපේ මහන්සියෙ ප්‍රතිඵල! කියලා දැනුනා ම නිකං රටක් රාජ්ජයක් දින්නා වගේ ඕං! 🙂

ධනුෂ්ක අයියගෙ Saxophone Solos දෙකකුත් තිබුණා. ඒ අතරෙ Sound නාකියා පරිපාලකයා අපිව නැතිකරන්නට මාර සප් එකක් ද දුන්බව බැතියෙන් සිහිපත් කරමි! x-( අනුග්‍රාහකයන්ගෙ Promotion Programs දෙකකුත් තිබුණා. Lectures දෙකෙන් UCSC අයියලා කරපු එකට මට තත්පරගානක් ඇහුම්කන් දෙන්ට මට අවස්ථාව ලැබුණා. ඒක නම් නියමයි! වාසව බදුගේ අයියා සම්පූර්ණයෙන් ම day එක video කරලා දුන්නා, නොමිලේ ම! බුද්ධික පුංචිහේවා අයියාත් වෙබ් ටීම් එක වෙනුවෙන් Photos අරන් දුන්නා. අපේ වෙබ්ටීම් එකේ චින්තක කියලා අයියා ආරාම්භක සාමාජිකයෙකුත් මට meet උනා. ඒ අයියා Quiz එකේදි ලොකු සප් එකක් දුන්නා. ඊට පස්සෙ Practical Quiz එකේ ඉඳිද්දි මට දැනගන්න ලැබුණා උඩ තට්ටුවෙ Theory එකේ 3rd round එක ඉවරවුණා කියලා. මං එතෙන්ට යනකොට ජයවර්ධන සර් ප්‍රතිඵල ලේඛණය කියවන්න හදනවා! 😮 මං කිව්වා සර්ට දැන්ම කියන්න එපා; ඔහොමම කට්ටිය යවන්න කියලා. සර් කොළේ මගේ අතට දුන්නා.

අපේ සහෝදරී පාසල – සුජාතෙ- වෙනදා වගේ ම 1st place ගහලා තිබුණා. (ඒක වාර්ෂිකව කෙරෙනවා. හැබැයි මේ අපේ උවමනාවකට වෙන එකක් නෙවෙයි. 😮 හොඳේ?!) දෙවැන්න මහානාම විද්‍යාලය. තෙවැන්න තෙලිජ්ජවිල සෙන්ට්‍රල් එක; මට මතක විදියට. අශාන් සහ විහඟට නම් මේක දුක හිතෙන එකක් කියලා දන්නවා. :-/ මොනා කරන්නද ඉතිං.. නෙ? <STGHS> 😉 විහඟගෙ ස්තුති කථාවට කලින් Junk video එක Play කළා. ඒක එදා උදේ පාන්දරලු අශානුයි රොෂාන් අයියයි ඉවර කළේ. කවුරුවත් දැකලා තිබ්බෙ නෑ. ඒකෙන් Boring වෙලා හිටපු හැමෝම Refresh වෙලා ආවා. මං අර උපැස් දාගෙන ඉන්න පින්තූරෙත් දාලා නෙ! මාර නෝන්ඩිය!! 😛

තරගවල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට Kingston 4GB pen drive එකකුයි, Certificate එකකුයි දුන්නා. ඔය ඩේවලට ජනේල වලින් එබෙන එවුන්ට ඒකට මාර ජෙල! මාවත් අල්ලගෙන අරක මේක කිව්වා. 😛

ඊළඟට තිබුණෙ සමරු තිළිණ දෙන්න. ප්‍රධාන ආරාධිතතුමා පැතුම්ගෙ සර් නිසා ඒක එයාම දුන්නා. UCSC එකේ සමරුව මම දුන්නා. අපේ සර්ලාටත් දෙන්න කියලා රහසේ ම සමරු 3ක් හදලා තිබුණෙ. ඉතින් ධර්මවර්ධන සර්ගෙ එක මට ම දෙන්න කියලා තිබුණාට සමරු දෙකක් ම දෙන එක හරිනෑ සහ තා කෙනෙකුට අවස්ථාවක් දෙන්න ඕනෑයි හිතුණු නිසා මං නිවේදක මල්ලිට කිව්වා අශාන්ව දාන්න කියලා. ඒක ලැබුණා ම අපේ සර්ට මාර Happy! 😀 Surprise නෙ! ජයවර්ධන සර් සහ ප්‍රසන්න සර් ඒ වෙලාවෙ හිටියෙ නැති නිසා ඩේ එක ඉවරවෙලා කට්ටියම ගිහින් දීලා, වැන්දා. 🙂

ජාතික ගීය ගායනයෙන් පස්සෙ Day එක නිමා උනා. මට මාර දුකයි 🙁 හැම එකම අනිත්‍යයි නොවැ! අනික ඉතිං මොකෝ පැය 24ම Day කරන්නෙයි? කියලා මං හිත හදාගත්තා. සුජාතෙ ටීච කිව්වට පස්සෙ එක ළමිස්සියක් පැතුම්ට තෑන්ක්ස් කරනවා මං දැක්කා. 😉 😀

After the occasion

සේර ම වැඩ ඉවරවෙලා, ඉතුරුවෙලා තිබුණු සැන්ඩ්විච් ටික උඩ ම තට්ටුවට ගිහින් හැමෝම බෙදා ගත්තා. 😀 බහුතරයක් ෆයිල් කවරත් දෙකතුන ගත්තා ඇඹෑණීන්ට දෙන්න කියලා. 😉 (මාත් 3-4ක් විතර ගත්තට මොකද ඉතිං ඒවානම් අපේ ගෙදර එහෙම්ම ම තියේවි. 😛 )

ඊට පස්සෙ ඇඟේපතේ අමාරු යන්ටෙයි කියලා මායි, අශානුයි, පැතුම්නුයි මේන්හෝල් එක ඉස්සරහා වාඩි උනා. පසන් පිස්සු නටනට හිටියා Banner රඳවනේකුත් තියාගෙන. 😀 විහඟ බැනර්ටික අකුලලා පසන්වත් ඇදගෙන අනුග්‍රාහකයින්ට නැවත බාරදෙන්න ගියා.

අශාන් හැමෝට ම B’day එක වෙනුවට ඊට කලින් තියෙන දානෙට එන්න කියලා ඇරයුම් කළා. ඒකෙදි අශාන්ට දෙන තෑග්ග ගැන ගොඩක් වෙලා අපි කතා කරකර හිටියා. රොෂාන් අයියා රු.75ක මොකද්ද එකක් ගැනත් යෝජනාවක් ගෙනාවා! 😀 😉

Theory Quiz එකට ආපු එක ඉස්කෝලෙක ධවලපැහැ කිසාගෝතමියකට අශාන්ගෙ හිත ගොහින් තිබුණෙ. දොඩන්නත් හිතුණලු; අරකලු මේකලු. හරියටම ඒ අතරෙ, අශාන්ට FB msg එකක් ඇවිත් තිබුණා: “You did a massive job dr…! marvelous.” ස්ත්‍රී ගිණුමකින් තමයි ඇවිත් තිබුණෙ. 😀 😉 මෑන්ස් ඒක දැකලා හිනාවෙවී රවුම් දෙකතුනක් දිව්වා. පැතුම්නුත් අශාන්ගෙ කරේ එල්ලිලා පොඩි වදයක් දුන්නා. 😀 අන්තිමට මටත් බලන්න කියලා දුන්නා. ටිකකින් අශාන් ම කියනවා: “අනේ… බං! මේක 1:13pm එවලා තියෙන්නෙ! Fake එකක්ද කොහෙද! 🙁  🙁 ” (කොල්ලා පව්…! 😛 )

ඔහොම ටිකක් වෙලා ඉඳලා මං ගෙදර ගියා 3.30ට විතර. ගත්ත Filesවලින් එකක් නැගණියට දුන්නා. “පු: පැසිඩැන්ට්! නියම එකාට දීලා තියෙන්නෙ! හැෆූ..!” 😛 ඇඟට අමාරු නිසා මම Wash එකක් දාගෙන නිදාගන්න හැදුවා විතරයි, මෙන්න ෆෝන් එක ringවෙන්න ගත්තා. අනුග්‍රාහක ආයතන කීපයක් ම කථා කරලා, “Day එක හොඳට තිබුණා; ඔයාලගෙ මහන්සිය අපි දැක්කා. නියමයි මල්ලි/පුතේ.. ආයිත් ඕනම වෙලාවක කියන්න අපිට හොඳේ?” කිව්වා. 😀

අපේ ටීචර්ස්ලාට, මහේෂ්, සුනෙත් ඇතුළු කට්ටියට පොරොන්දු වුණ විදියට ඔන්න ඉතිං අද ඉඳලා ආයිත් පාඩම් වැඩවලට බහින්ට වෙනවා..! 😛

18 replies on “InfoTech 2012 [RCM]”

patta pata huba bibi huba mama kiwalu me podi podi waradi tiye aka mama heta schl ake kiyannam hode thawa podi podi karunu karana magari thibunat wenada wadema supiri hodeeee niyamai mchan……….

එළ එළ
මේ සැරේ වැඩේ නියමෙට ගියා….
කෂ්ටියගෙ එකමුතු කමයි මනා නායකත්වයයි නිසා තමයි…..

මල්ලිලා එදා වඩේ හොඳට කලා. ඉතාමත් හොඳයි. චුටි අඩු පාඩු වගයක් තිබුන… ඒවා ඉස්සරහට හදාගෙන වැඩ කරන්න… මොනවා හරි සංවිධානය කරණ කොට එදාට අවශ්‍ය කරණ හැම දෙයක්ම හරියට අවශ්‍ය විදියටම තියද කියල ෂුවර් කර ගන්න…. අනිත් එක තමයි පිළිවෙල… එක ඉතා වැදගත්….
ඔයාලට සුභ පැතුම්…..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page