Categories
Linux

ලිනක්ස් Panel Reset සැනින්

උබුන්ටු සහ අනිකුත් ලිනක්ස් බෙදාහැරුම් සඳහා ලැබෙන MenuBar යන්න නම්කොට ඇත්තේ Panels නමින් බව ඔබ දන්නවා ඇති. එනම් Windowsහි Task bar වැනියි. එනමුත් ලිනක්ස් පැනල් එක විචල්‍ය කිරීම වින්ඩෝස් වලට වඩා ඉතා පහසුයි. හැබැයි අත් වැරැදීමකින් යමක් remove වුනොත් හදාගන්න (මං වගේ) ආධුනිකයන්ට අපහසු විය හැකියි. ඒ සඳහා පිළියමක් ලෙස මම පොඩි Program එකක් ලිව්වා. මෙය Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License යටතේ බෙදා හරිමි.මෙය උබුන්ටු 10.10 මත පරීක්‍ෂිතයි. මෙමගින් මෙහෙයුම් පඬතිය සමඟ ලැබෙන මූලික (Default) Panel format එකට ම reset කරගන්න පුළුවන්.

Advertisement

ප්‍රථමයෙන් පහත මවිසින් නිර්මාපිත program එක බාගන්න:

Download TNW Panel Reset

බාගත් ෆයිල් එක මත (double)click  කරන්න. එවිට පහත පරිදි dialog box එකක් ඒවි.

එහි දකුණු පස යට ම ඇති [Run] බොත්තම තද කර ක්‍රියා කරවන්න.

එසැණින් ස්වයංක්‍රීයව ම panel සියල්ල ම reset වේවි.

3 replies on “ලිනක්ස් Panel Reset සැනින්”

මේ script එක run කරාම දැන් තියෙන Gnome panel එක නැතිවෙලා ඒකේ gedgets ටිකත් replace වෙනවද? ඊට පස්සෙ ලැබෙන්න අළුත් panel එක ලිනක්ස් එද්දිම එන default panel එකමද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page