Categories
Lifetime

විජේ මනාපෙ දෙයි!

අනේ අෆ්ෆේ මයෙ මනාපෙ ඉතිං කාට දෙන්නෙයි.. (එන )ඡන්දෙට මං ඉල්ලන්න හිතාන උන්නට දැන්නං මට එක මනාපයක්වත් ෂුවර් නෑ. මෙහෙමයි ඉතිං.. දැන් ඉස්සර වගේ නෙවෙයි නෙවැ 😀 මා මහළු වයසේ… බැරිය එව්වා පෙර සේ. (කිව්වට පාසල් කාලේ කොරපු මගුලක් ද නැත) ඒක කිව්වා ම ය මතක් උනේ. ඒ කාලේ අපි 8-9 විතර දිග කලිසං ගහපු අයියලා දිහෑ බලන් හිතනවා “ෂහ්! එයාලා තමයි සේරම රන් කරන්නෙ. කෙල්ලොත් ඉන්නවලු. අපි තමයි ඉතිං ඊළඟට අයියලා වෙන්නෙ. බලමුකො අපේ වැඩ…” 😛 ඒ වුනාට ඉස්කෝලෙන් out වෙලාත් තාම අපි පොඩි එවුන් වගේ. සුරා සූදුවෙන් තොර, පොත මූණෙ ඔබාගත්ත ගමන්ම යි. (මූණු පොත නෙවෙයි. එහෙම  කිව්වත් වරදකුත් නෑහ් 😉 )

Categories
Lifetime

ඡන්දෙ කාලේ – පුංචි කාලේ

අපි මොන්ටිසෝරි හෝ 1, 2 වසරෙදි විතර.. ඒ කියන්නෙ 1999-2001 අතර වගේ. ඒ කාලෙ ඡන්දයක් තිබුණානෙ. මට මතක හැටියට මේ පාර වගේ ම පළාත් සභා ඡන්දයක්. වැඩිහිටියන්ගෙන්, TV එකෙන්, මග තොටේ පෝස්ටර් ආදිය දැකලා දැකලා ම ඒ කාලෙ ඇස් නිලංකාර වෙලා තිබුණෙ. දැන් වගේ ඔය නීති තිබුණේ නෑනෙ. බලන බලන තැන නිල්, කොළ, රතු කොඩි, පෝස්ටර්, රැළි වැහි වැහැලා. වැස්සක් වැස්සත් ඔයින් පාටකින් තමයි වැස්සෙ. 😛

Categories
Poems Something to think

සාර්ථක මිනිසා

යොමු කොට මුව
හකුලා බිමට
කිසිලි ගන්වා
කිලෝ පොත් ගොඩ
කඩිසරෙන්…

Advertisement

Categories
Poems

වැලන්ටයින්

ඇති අයට
දිනයක් නුවමනා
නැති අයට
හැමදින වුවමනා
පොහොසත්කම!

Categories
Poems Something to think What I see

මදුරුවා

අපගේ
වරදින් පැතිර

අපගේ දරුවන්ට
විනකරන
පහේ ශිෂ්‍යත්ව
ටියුෂන් කාරයා!

Advertisement

Categories
Softwares Technology

Windows 8 සහ 8.1 සිංහලෙන්

වින්ඩෝස් 8 සහ 8.1 සිංහලෙන් පාවිච්චි කරන්න කැමති ද? ටිකක් පාවිච්චි කරනකොට පුරුදු වෙයි. සුද්දොයි, ජපන්නුයි තමන් හදන හැම එකම එබසින් පාවිච්චි කරන එකේ අපි අපේ බස ඕනෑ තැනක භාවිතා කරන්න ලැජ්ජා නැති වෙන්නෝන. 😉

Categories
Something to think

බෝවිටියා දං [The Song]

කටිටියට ම ආයුබොවං කිව්වා! 2014ට හා පුරා කියලා දාන පෝස්ට් එක. දැන් ඡන්දෙත් ළඟඑන හින්දා මගේ කුළුඳුල් මෙව්වා එක කාට ද දෙන්නේ කියලා මේ දවස් ටිකේ කල්පනා කරකර ඉන්නෙ. එන ඡන්දෙට මාත් ඉල්ලන්න කියලා හිතුවෙ. මට මනාපනම් ඕන තරම් – නෑ පරදින්නේ! 😀 😀 අනාකලී ඇන්ටි පරද්දන්න පුළුවන්ද මට? ඔන්න ඔහෙ වැඩේ අතෑරලා දැම්මා. 😛 ඒකනෙවෙයි,, මම තේරුවා පොඩි සින්දු කෑල්ලක් ඔහෙත් එක්ක බෙදාහදා ගන්ටෝන කියලා.

Categories
Something to think

ඇටිකෙසෙල් කෑ උගුඩුවා

හෝව් හෝව් මාත්තියා නෝනලා! මෙක්ක ඇවිල්ලා just ඉස්ටෝරි ටැයිම්. මෙහි එන සියළු නම්ගම් නම්, මන: කල්පිත නෑ. හැබැයි සියළු ගම් බයින්ඩර් ගම්. (අනිත් එව්වා හොඳට ඇලෙන්නෙ නෑනෙ.) 😉
කලිනුත් ඔය ඉඳලා හිටලා මං කතා දානවා කියලා දන්නවනෙ. ඒ නිසා කහට එකක් කාරිය බොනගමන් හිතේ කහටක් නැතිව කියවලා දාන්න හොඳේ. ඔන්න… “එකෝමත් එක රටක රජකුමාරයෙකුයි?” කට නොදා හිටු මං කියනකං!

Categories
What I see

Aashiqui 2 – මගේ ඇසින්

ඔව් ඔව්! ඊයෙ රෑ Hiru එකේ තමයි බැලුවෙ. වැඩියත් ම බලන්න කල්පනා කරේ මොකද අෆ්ෆා මේ කට්ටිය නැහෙන්නෙ කියලා බලන්ට. මීට කලින් ඕකෙම මං බලලා තිබුණු English Vinglish, කහානි, Paa, Black ආදියේ තිබුණු සම්භාව්‍ය සාරගර්භය මෙයින් ද ලැබෙතැයි අපේක්‍ෂාවෙන්. මේ ලිපිය ලියන්න හිතුවෙත් බොහෝ දෙනෙක් මේ ගැන මා දරන මතය දැනගන්නට ආසාකළ නිසාත්, එක ම හැමට එකාකාරයෙන් කියන්නට මා අපොහොසත් නිසාත් ය.

Categories
Lifetime Something to think

බස් ගැන පොඩි කතාබස් එකක්

“බස්වල ගියපු අපිට ටිකට් කඩාපාන්න එපා“ යැයි කීවත් හැමදේම දිහා අසංතතිකව බලන්නෙයි කියලා කවුද කටකහනවට කියලා තියෙනවා නෙව. 🙂 ඒ හින්දා මේ ගැන ලියන්න හිතුවෙ බස්වල යනඑක ලැජ්ජාවක්ය කියන උන්දැලාට ඒකෙ අගේ පෙන්නන්නත් එක්කමයි. ලියන්න ඕනෑ කියලා අදහස ආවෙත් බස් එකේ ඉඳිද්දිමයි. 😛

You cannot copy content of this page