Categories
Songs

නිසල දිය මත විල් තෙරේ [Lyrics]

නිසල දිය මත විල් තෙරේ
ඔබේ සිනා මල් කැන් පිපුණා
ඒ මල් යහනේ දෙව්ලිය වඩිනා
හද විල දිය රැලි නෙක නැගුණා

Advertisement

දෝතට ගත් දිය මල් පෙති අතරේ
කඳුළක රස මා නැහැ දුටුවේ

Categories
What I see

හාස්‍යජනක මාර්ග සංඥා

මේ දවස්වල කැල්තුමා ඩ්‍රැයිවිං ලැයිසොම ගන්න පාඩම් කරනවා. ඉතින් ඒ අතරේ ඔළුවට ආපු බහුබූත සංඥා අර්ථ දැක්වීම් ටිකක් බ්ලොගේට දාන්න හිතුවා. බලන්න ඔබටත් මෙහෙම හිතිලා තියෙනවාද කියලා?

Categories
Songs

සුවහස් කලක් කෙතරම් හොඳ කළත් [Lyrics]

සුවහස් කලක් කෙතරම් හොඳ කළත්
එක මොහොතකින් ඒ මැකී යන්නේ
කිමද මේ මිනිසුනේ
කළගුණ ද ගිලිහී ගියේ

පුතේ නුඹ දැනගන්
කළ හොඳ ම පමණක් ඉතිරිවේ
සති දෙකක මතකයේ
නොමිනිස්කම හද රැඳේ

Advertisement

දුවේ නුඹ රැකගන්
සිල් බිඳුණු දා කිසිවෙක් නෑ ලොවේ
දිවි ගමන යහගුණේ
මෙතින් මෙත සංසිඳේ

Categories
Poems

සුණු කිල්ලෝට

ආවෝ – ගියෝ උන්
මෙරු පෙළක් මෙන්
බලා සිටියෙමි
උත්තරීතර පිවිතුරු බව
අහසින් බසින තුරු

Categories
Songs

නුඹ දුරින් හිඳිනු ඇයි [Lyrics]

නුඹ දුරින් හිඳිනු ඇයි
අත පොවනු බැරි මහ අහස් කුස සඳ සේ
දුහුල් වළා අතර සැඟවී මදෙස
හොරෙන් බලා රහසේ

Categories
Poems

මනුලියකට නොපවසන මුසා

ඡායාරූපය huffpost.com වෙතිනි

දෙව්දුවක් නොදැක
කෙසේ දෙව්ලියකැයි කියම් මුසා?
මිහිපිට ම උපන්
උත්කෘෂ්ට මනුදුවක් නුඹ..
දෙවියන් අතරත්
උපමා ලබනා

Categories
Psychology

පරාජය ජයග්‍රහණයක් කරගන්නේ මෙහෙමයි

ඡායාරූපය yourbestmoment.com වෙතිනි

ජීවිතේ අපි කරන හැමදේම සාර්ථක වෙන්නේ නැහැ. ලොකු ලොකු දේවල් විතරක් නෙවෙයි, ඔබ හාපුරා කියලා ඡායාරූපකරණයට බැහැලා අරගෙන ෆේස්බුක් පළ කරපු ඡායාරූපයකට හිතපු තරම් ප්‍රතිචාර නොලැබුණු අවස්ථාවක්, වීඩියෝ එකක්, වෙබ් අඩවියක්, ඇප් එකක් හදලා ඒක එළියට දැම්මාට හිතේ තිබුණු හීනවලට ලං වෙන්න තරම් ඒක සාර්ථකත්වයට පත් නොවුණු දෙයක් වුණත් වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ දහසක් පැතුම් හිතේ තියාගෙන යවපු ලව් මැසේජ් එකට ආවේ ජීවිතේට නොහිතපු විධියේ ඍණාත්මක පිළිතුරක් වෙන්නට පුළුවන්. ඒ වෙලාවට බලාපොරොත්තු කඩ වෙලා අනෙක් අයගේ විවිධ කථා වලින් ලැජ්ජාවට පත් වෙලා මේක නරක කාලයක් කියලා අයින් ගහනවා වෙනුවට ඒක සාර්ථකත්වයට හරවා ගන්නා හැටියි අද අපි කතා කරන්නේ.

Categories
Songs

අහසේ සොමිවත බැබලී [Lyrics]

අහසේ සොමිවත බැබලී
අඳුරේ මා තනිකෙරුවා
කළු වළා පෙළ ඉගිලුණා
දෑසින් මහ වැසි ඇදහැලුණා

Categories
Buddhism Psychology

හිතේ අමාරු වලින් ඇතිවන විෂාදයෙන් මිදෙන හැටි

Image courtesy: thedolphinlmc.com

යමක් හෝ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ, හරියන්නේ නැහැ කියලා ඇතිවෙන හැඟීමත් එක්ක කල් යාමේදී විෂාදය (depression) හටගන්නවා. ඒ සිංහල වචනයේ තියෙනවා වගේ ම ඒක හරිම විෂක්. ඊට වැඩි කාලයක් ලක්වීමෙන් බඩ පපුව දැවිල්ල සහ ගැස්ට්‍රයිටීස් දක්වාම දිවෙන්නට පුළුවන්. මේ පිළිබඳව මනෝ විද්‍යාත්මකව වෙනත් ලිපියකින් පැහැදිලි කළ නිසා ඒ සඳහා ධර්මය හරහා පැහැදිලි කිරීමක් ලබා ගන්නටයි මේ ලැහැස්තිය.

Categories
Psychology

කොච්චර කළත් ඉතිරි වන්නේ අවසාන දේ පමණයි

අපිට එදිනෙදා බොහෝ දේවල් අන් අය වෙනුවෙන් කරන්නට සිදු වෙනවා. රැකියාව හරහා සේවා සැපයීම, ආදරණීයයන්ට සැලකීම, යහළුවන්ට උදව් කිරීම ආදී වශයෙන් අන් අය හා මුහු වෙමින් විවිධ දේ ඔවුන් වෙනුවෙන් කරනවා. ඒත් ඔබ කොච්චර කළත් එක වගේ ද? ඒකට හේතුව අවසානයට කළ දේ පමණක් සිත් වල ඉතිරි වීමයි. කේක් කෑලි කාගෙන කාගෙන ගිහින් අවසානයේ කරවිල කෑල්ලක් කාලා බලන්න ඔබට මතක හිටින්නේ කේක් කෑල්ලේ රස ද නැත්නම් කරවිල කෑල්ලේ රස ද කියලා. ඊළඟ කෑල්ල තවත් රසවත්! අපි ඒ ගැන මේ ලිපියෙන් සොයා බලමු.

You cannot copy content of this page