Site icon Thambaru's Blog

JavaScript වලින් default values set කරමු

මෑතකදි වෙච්ච මරු සීන් එකක් නිසා තමයි මේ පෝස්ට් එක දාන්න හිතුවෙ. ළඟදි වැඩකරපු project එකක SonarQube පාවිච්චි කරනවා. ඒකෙන් ඔය default values set කරන තැන්වලට || දාන්න එපා… ?? දාපාං… කියලා කෑ ගහනවනෙ.

ඉතින් සෝනක්කට හිස නමලා ඒ කියපු විදියට කරලා GitHub Copilot එකෙන් PR එක review කරලා ඉල්ලුවාම මොකද්ද දන්නවද වුණේ! ඌ කියාපි ඕකනං හරියන්නෑ මාත්තයො || දාන්න කියලා. පහුගිය කාලෙ ආණ්ඩු මාරු වගේ තමයි.

JS වල default values දාන්න වුණාම, බොහෝ දෙනා || operator එක use කරනවා:

const name = "" || "Guest";

console.log(name); //Guest

ඒත් බලන්න මේකේ අවුලක් තියෙනවා:
“” (empty string), 0, false වගේ valuesත් falsy නිසා, ඒවාත් replace වෙලා යනවා.

අපේ intention එක එහෙම නෙවෙයි නේද?

👉 අන්න ඒ නිසා තමයි ?? හෙවත් Nullish Coalescing Operator එක තියෙන්නේ.

const name = "" ?? "Guest";

console.log(name); // ""

🔹 ?? එකෙන් null සහ undefined විතරයි check කරන්නේ.

ඉතින්, default values සෙට් කරන්න නම්, හොඳම ක්‍රමය තමයි ?? use කරන එක. Copilot හොඳයි අවුරුද්දට ගස්ලබුවල ඇට ගනං කරන්න යවන්න.

Exit mobile version