Site icon Thambaru's Blog

අමරදේවෆෝබියාව

එකෙක්: “මචං! මොනවද අලුත් සින්දු එහෙම තියෙන්නෙ ආ?” මම- “මංගාව නෑ බං!” තවෙකෙක්- “අහලා වැඩක් නෑ බං! ඕකාගාව තියෙන්නෙ හද්ද පරණ ඇන්ටික්. කෝමද Ex-Aliens ඈ?”
මේ ඉතිං අපේ උන්ට මැදිවන මා ය! 🙁 කොහොමින්හරි දැන් එකෙක්වත් මගෙන් සිංදුගැන අහන්නේ නැත. කොච්චර වැඩරාජකාරි තිබ්බත් මේගැන ලියන්න ම ඕනෑයැයි හිතුනේ ඒ අල්ලපනල්ලේ ය.

අපේ උන්දැලාගෙන් එක්තරා සැට් එකකට “සින්දු” කිව්වොත් ඒකේ පසුබිමෙන් “පුහුල් – කැකිරි – වට්ටක්කා! බිස්කට් කුඩු – බිස්කට් කුඩු” හෝ “උම්බලකඩ – බොමුද කහට” යැයි ඇසිය යුතුවීම අනිවාර්ය අංගයකි. නැත්නම් උන්ට කෑවේ නැතිවා වාගේ ය. ඔය ‘බස් සංගීත‘ වලට පෙම්බඳින උදවිය අනන්තවත් මා දැක ඇත්තෙමි. ඔවුන්ට ඒවා ඇහෙනවිට ඉබේ ම ඇඟිලි නැටැවෙන්නේ ය, මිමිනෙන්නේ ය! 😀 😀

දවසක් මුල්ලකට මැද්දෑවකට වී පෙම්බැඳි ඩබලක් ද ඇසෙමින් තිබූ ගීතයකට “රඟපාගන්නා“සැටි බස් එකේ සැවොම විලියෙන් බලා සිටියහ. 😛 (ඔන්න මංනං අහක බලං හිටියෙ.. හරිය? 😉 ) ආහ්! විලියෙන් කියන්නෙ ලැජ්ජාවෙන් කියන එක. (ඊපූ 😮 මක්කා හිතයිද මන්දා)

ඉතින් ඔවුන්ගේ අදහස් එතරම් ලදබොළඳ ය. වාසනාවට අපේ සැට් එකේ එකෙක්වත් එහෙම ප්‍රසිද්ධියේ පිස්සු කෙළින්නේ නැත. මා බෙහෙවින් ආශ්‍රය කරන “පොශ්“ සැට් එකනම් මේවාට මාත් එක්ක ම බනිති. ඔවුන්ට හරියන්නේ ඉංග්‍රීසි සින්දු ය! Justin Bieber, Selena Gomez, Taylor, Rihanna, Niki, Enrique උන්ගේ දෙවි දේවතාවියන් ය. උන්ගේ නැණවත්දුරකථනවල රජයන්නේ ඒ මහත්ම මහත්මීන්ය. මේවා නැත්නම් ඒවා Smartphones නොවේ ය. 😉

එහෙම තමයි යකෝ! එකේක උදවිය ආස එක එක දේවලට. උඹට මොකෝ? පුදුම කතාවක්නෙ. හරි දැං කියහං බලන්න උඹ මොකාටද එන්නෙ කියලා? ගොඩයා!  🙄

මෙහෙමයි ඉතිං. කාගෙත් අදහස් හා ආසාවන්ට මම ගරු කරනවා. මේ හදන්නෙත් ඉතිං ගහමරාගන්න නෙවෙයි, මම දකින දේ මගේ දැක්මෙන් කියන්න. ඒ නිසා ඒවාටත් අනිත් අය ගරුකරන්නෝනෑ නෙ!? 🙂

සිංහල සාහිත්තේට මං ඇදැබෑවුණු හැටිගැන කියනකොට අපේ සීයා අමතක කරන්න බෑ. සීයා විදුහල්පතිවරයෙක්. එතුමන්ගෙ සිංහල සාහිත්‍යය දැනුම එක්ක සසඳද්දි මම නිකමෙක්! අර ගොඩගේ සමාගමේ ආරම්භක එස්. ගොඩගේ මැතිතුමාත් අපේ සීයගේ ගෝලයෙක්.

එස්. ගොඩගේ මහතා (දකුණුපස) පී. විජේසේකර (වම්පස) ගුරුතුමන්ට උපහාර පුදමින්.
Image Courtesy: Wikipedia

7 වසරෙදි ගොඩක් පැරණි සිංහලෙන් දාපු පාඩම් වගයක් තිබුණා. කවි, ජාතක කතා එහෙම. අපේ සිංහල ටීච හැමදාම කියනවා ඕවැයි තේරුම් ලියං එන්නෙයි කියලා. (ඒ ටීච හරි හොඳයි සහ මම කැමතිම ටිච! 😀 ) ඉතින් සීයාගෙන් සේරම අහගෙන ලියාගෙන ගිහිං හැමදාම ‘පොර’ උනේ මම. 😛 ඒ දවස්වල පරණ බුත්සරණ, සද්ධර්මරත්නාවලිය එහෙම කියවලා දීලා ඒවයි තේරුමයි, විචාරයයි මට කියලා දුන්නා. (මං ඉතිං කතාටික අහං ඉන්නවා විතරයි. 😀 පහුකාලෙක නෙවැ වටිනාකම තේරුණෙ :-/ ) දැන්නම් සීයා නැතිවෙලා අවුරුදු 6-7ක් වෙනවා. තාත්තා කියලා තියෙනවා අමරදේවගෙ සින්දු දාගෙන හාන්සිපුටුවට වෙලා ඒ ගානට ඔළුව වනමින් අහගෙන ඉන්න බව.

දැං අහගනිල්ලකො මුණුපුරාගෙ කතාව!

ඕලෙවල් ඉවර උනයින් පස්සෙ පොඩි MP3 Player එකකට සැට්වෙලා මාත් අමරදේව, වික්ටර්, සනත් නන්දසිරි, සුනිල් එදිරිසිංහ ආදීන්ගෙ සින්දු ඇහුවා. මහගමසේකරයන්ගෙ සාහිත්‍යය අමරදේවයන්ට එකතු උනාම මාව වෙනම ලෝකෙකට විසිකරලා දානවා වගේ. මට අහුවුණා හොඳ ෆේස්බුක් පිටුවකුත් ඒගැන තියෙන: fb.com/mahagamasekara

ඔය අස්සෙ අපේ මහත්වරු හා මෙනෙවිවරු මට දිගටම කියනවා:

“අඩෝ චාටර් බං? මොනවයි ඔය අහන්නෙ.. ෂිට්! අපිත් එක්ක ඉන්නවයි කියන්නත් ලැජ්ජයි 😕  “

“ඔහොම ඉඳලා තොට කෙල්ලෙක්වත් දාගන්න ලැබෙන එකක් නෑ. 😛 “

“ඊයා.. ඔයා ඒවද අහන්නෙ ආ? ඉන්න මං හොඳ ලින්ක්ස් ටිකක් එවන්න.”

“ගූ හතයි හලෝ! පට්ට පජාතයි”

හැබැයි මේ එකෙක්වත්/එකියක්වත් ලංකාවේ පයගැහුවාට ජීවත්වන්නෙ ඒරොප්පේ වගේ මට හිතුනෙ. මේ ළඟදි එක මැතිණියක් කියනවා, එතුමිට අමරදේවයන්ගෙ හඬ ඇහෙන කොට ඈණුම් යනවලු, නිදිමතලු. මං ඉතිං කටපියං හිටියා. මොනවා කියන්නෙයි?! ආ තව දෙයක්! අපේ මැතිණිවරුන්ගෙ සිහින කුමාරයා ජස්ටිං බීබර්. මේ ළඟදි අපේ එකෙක් FB Status Update කරලා තිබුණා, “‪#‎HappyBirthdaySelenaGomez‬ !!! when I become a celebrity, I will marry you <3″ ඔන්න තත්වෙ! 😀

මෙතන තියෙන ලොකුම FACEPALM සීන් එක තමයි බීබර් අයියා අපේ වයසෙ(1994) වෙච්ච එක. මට වඩා මාස ගාණකින් වැඩිමල්. ඒ ‘අයියා‘ කොච්චර As Long as You Love Me කිව්වත්, එතුමාට හෝමෝනමය ගැටළුවක් නිසා පුරුෂ හැඟීම් නැහැ. මම නෙට් එකේ දැක්කා, සෙලේනා අක්කව (බීබර් අයියගෙත් – අක්කා!) තියාගෙන ඉන්නෙත්, ලව් සින්දු කියන්නෙත් අර චාටර්එක නැති කරන්නලු. ෆෑන්ස්ලාව තියාගන්නලු. කොහෙද ඉතිං!? Bio කරන අපේ සැට් එකටවත් මේක තේරෙන්නෙ නෑ. 😛 හැබැයි, එතුමාට JB Hatersලා SHE!! කියන එකටනම් මම තදින් ම විරුද්ධයි. මොකද, ශරීරාබාධවලට මේලෝකෙ කවුරුවත් පලි නැහෙනෙ. අනික උප්පත්තියෙන් ශාරීරිකවම පුරුෂගති(ලු) තියෙන්නෙත්. (-ලු කිව්වෙ.. නැත්නම්, ඔහෙලා අහයි! 😛 😛 )

ඉතින් උගත් බහුතරය මෙහෙම මනෝභාවයක් දරද්දි මටත් නිකං හිතුනා ඉංග්‍රීසි සින්දු ටිකක් ට්‍රයි කරලා බලන්න. මං මොකෙද්ද කියලා හිතුනා ඇත්තටම! මං ඉතිං ඔය අපේ මහත්වරු සැට්එක වෙනුවෙන් එම මැතිණිවරු Share කළ Never say neverWe are never ever ever getting back togetherI love u like a love song, Unfaithful වගේ කීපයක් ඇහුවා.

අනේ දෙවියනේ මොන කරුමයක්ද මන්දන්නෑ, මට හිතහදාගන්න ම බැරිඋනා නෙව! 🙁 මගේ මොකක්හරි ලොකු අඩුපාඩුවක් තියෙනබව තේරුණා. ඇයි නැත්නම් මෙච්චර ම….?! :-/ (ඒ ටික අහලා පරණ සින්දු සෙට් එකක් ම ඇහුවයිං පස්සෙ තමයි මගේ ‘පාරිශුද්ධත්වය‘ නැතිඋනාය කියලා දැනුණු හැඟීම යටපත් කරගත්තෙ)

ඕලු පිපීලා විල ලෙලෙදෙනවා, අබිමන් අබිමන්.. කියලයි මැණිකේ මේ රැළි මේ වැව් ඉවුරු වදින්නේ.. කියලා දැනගෙන හිටපු ඒ අසිරිමත් ප්‍රේම හැඟීම් එකක්වත් මට ඇතිවුනේ නැහැ. ඔය ප්‍රේම තටාකේ, ලොව්තුරු පෙම් වතුරේ, හිත මිතුරු සුළඟ වගේ සින්දුවල පුදුමාකාර විදියට තමන්ගෙ ස්වාමියාට, ආදරවන්තියට ගෞරවයක් දීලා තියෙනවා. හැබැයි ඒක “නොදැක ඉන්න බෑ මටනං…” වගේ පහත් අදහසක් නෙවෙයි. හරියටම කිව්වොත් දැන් අය බලාපොරොත්තු වෙන කාමුකත්වයක් ඒ ගීතවලින් අපේක්‍ෂා කරන්නෙ නෑ. හැබැයි ඉතිං එහෙම කිව්වත් ඒක LIKE A BOSS සාහිත්‍යය යොදාගෙන තියෙන අවස්ථාත් ඕනැතරම්. මතකනෙ.. කුමරියක පා සළඹ සැලුවා? 😀 😉

අපි ඉපදුණු, හැදුණු වැඩුණු ලංකාවෙ (මේ සිංහල අපගෙ රටයි!) දේවල් අගය නොකර කොච්චර සුද්දන්ට ආ වැඩුවත් ඒක මාතෘභූමියට නෙවෙයි තමන්ගෙ මාපිය පරම්පරාවටත් කරන නිග්‍රහයක්. බලන්නකො වෙන රටවල්? එයාලගෙ දේවල් ඇතිතරම් ලොකු කරනවා. ටිකක් කල්පනා කරාම ඇති රෙද්දකුත් නෑ. ඇමරිකාවෙ වැඩකටයුතු ගැන විතරක් මතක් කරගත්තම ම ඇතිනෙ?! 😛 🙂 ඉතින් මම කියන්නෙ අපි ඒ දේවල් — Homo sapiensලා විදියට මිනිස්සුන්ගෙ හැකියාවන් අගයන්න ඕනි තමයි. ඒත් තමන්ගෙ කම රැකගන්න ඕන සේරටම කලින්. ඉස්සර අපි දකුණු ආසියාවම යටත් කරගෙන හිටියා කියලා අපේ උන්දැලාට අමතක වෙලා. 😉

එකඑක වැඩසටහන්වලට එන උදවිය TV, Radio චැනල්වලට පරණගීත වාදනය කරන්නෙ නෑ කියලා බැන්නාට ඒවායින් කරන්නෙත් සල්ලි හම්බකරන්න රැල්ලට උරදෙන එක විතරයි. 🙁 ඇත්තටම දැනට බිහිවෙන ගායකයොත් කීයක් හරි හොයාගන්න මක්කාහරි කියනවා විතරයි. 😛 හැබැයි ඔය පරණ උදවිය කෑවෙබීවෙත් සින්දු කියලා උනාට එයාලා වෘත්තියට ඉහළ ම තැන දීලා තමයි තමන්ගෙ පර්ස්එක ගැන හිතුවෙ.

අමරදේවලා, වික්ටර්ලා හින්දුස්ථානි සංගීතය නේද බදාගෙන ඉන්නෙ? එහෙනම් ඇයි උඹ සිංහල සංගීතෙ ගැන කතා නොකරන්නෙ කියලා ඔබ තර්කයක් නගන එක සාධාරණයි. ඇත්තටම හොරණෑ, බෙර වලින් අපේ උදවිය ගොඩක් ඈත් වෙලා. මට තේරුණ විදියට කුළභේදය ඉස්සරහට දාගත්ත නිසාත් වෙන්නැති. දැනට නම් ප්‍රසිද්ධ සංගීතඥයො කීප දෙනෙක් ඒවා පවත්වගෙන යනවා. හැබැයි ඉතිං බිංදු බිංදු මල් ගෝමර මාලා, සතරවරම්, වැළිතල අතරේ මතක් උනාම ඒ තර්කය නොදැනුවත්කම නිසා ඇතිවුණක් බව වැටහේවි. (අවුලක් නෑ.. ඔහොම තමයි ඉතිං 😉 )

අනාගතයට යනවා, දියුණු වෙනවා කියලා පරණ දේවල් බදාගෙන ඉන්න ඕනැය කියලා මම හණමිටි අදහසක් නෙවෙයි මේ කියන්නෙ. අපි අළුත් දේට යන්නෝන. නැත්නම් තාම බර කරත්තෙන් නෙව යන්න වෙන්නෙ! 😉 හැබැයි මෙරටට එනදේ හෝ මෙරටින් බිහිවනදේ පිළීගන්නේ බුද්ධිමත්වද? කියන එක තමයි ප්‍රශ්ණෙ. වැළඳගන්න/අදහන්න කලින් ඒක කොච්චර ගැලපෙනවාද කියන එකයි හොයන්න ඕන. අපේ සංස්කෘතිකත්වය ගොඩක් ශිෂ්ට සම්පන්න එකක්. ශිෂ්ඨාචාරයක් කියන එකේ පද බින්දාම පෙනෙයි ඒක ශිෂ්ටවත් ආචාරය/හැසිරීම කියලා. හැබැයි එන්න එන්නම දැන් අශිෂ්ටාචාරයක් වේගෙන එන්නෙ. දුරඈත අනාගතේදි මං වගේ හණමිට්ටෙක් එම ටිකිරි මොළෙන් පේපර් එකක් හැදුවොත් අතීතයේ තිබූ ශිෂ්ටාචාර හා අශිෂ්ටාචාර ලියාදක්වන්න කියලා, එතුමාව පන්නා දමාවි.

අනික මම කොහෙත්ම පරණ අය විතරයි හොඳ කියලා කියන්නෙ නෑ. මතකද අර පහුගිය කාලෙ චිත්‍රපට රැල්ලක් තිබුණා පූජා උමාශංකර්ව දාගෙන? (තිබුණා කිව්වට තාම තියෙනවා 😉 ) අන්න ඒ ඔක්කොගෙම වගේ තිබුණු සින්දු හරි ලස්සනයි. වළාකුළට පා වෙන්නට, රොන් සුවඳ දෙන මල්, සමනල් හැඟුමන් අතරේ වගේ ඒවා බෝම අගෙයි. භාතිය සන්තුෂ් දෙන්නවත් මතක් නොකර බෑ. එයාලා ගොඩක් හොඳ නිර්මාණ කරලා තියෙනවා.

ඔය කතා අස්සෙ අර ළඟදි Commentsවලින් ප්‍රසිඬියට පත්වෙච්ච ලොව ප්‍රථම ලංකාවෙන් බිහිවුණු Ex-Aliens ගැනත් කතා නොකරම බෑ. (හෝව් හෝව්! මං Lyricsවත්, Tuneඑකවත් කියන්නෙ නෑ. ඉතුරුටිකත් කියවන්ඩකෝ 😛 ) ඕක ගොඩක් දෙනා අනංමනං කියලා Share කරලා තියෙනවා දැක්කාට අපේ සශේන් අයියා “ඇහුවෙ නැද්ද?“ කියලා ලින්ක් එක එව්වාම තමා නිකමට අහලා බැලුවෙ. ඒකෙ “ව. අ ආආආව්” “ගොනජනඕ” සහ අනිකුත් තේරුමක් නැති ඉංග්‍රීසි වචනටික ඇහුවාම සුද්දොත් බාසාව අතාරීවි! 😀 😀 (LOL නෙවෙයි, LMAO! 😉 )

හරි, ඒක මතක් උනා විතරයි තිබිච්ච මොරාල් එකත් නැතිඋනා. ඔහෙලත් ඒක අහලා එහෙනං පැනලා දුවන්ට.

අමරදේවගෙ සින්දු හතඅටක්වත් අහලා මං ප්‍රකෘතියට එඤ්ඤං. 😉

Exit mobile version