හෝව් හෝව් මාත්තියා නෝනලා! මෙක්ක ඇවිල්ලා just ඉස්ටෝරි ටැයිම්. මෙහි එන සියළු නම්ගම් නම්, මන: කල්පිත නෑ. හැබැයි සියළු ගම් බයින්ඩර් ගම්. (අනිත් එව්වා හොඳට ඇලෙන්නෙ නෑනෙ.) 😉
කලිනුත් ඔය ඉඳලා හිටලා මං කතා දානවා කියලා දන්නවනෙ. ඒ නිසා කහට එකක් කාරිය බොනගමන් හිතේ කහටක් නැතිව කියවලා දාන්න හොඳේ. ඔන්න… “එකෝමත් එක රටක රජකුමාරයෙකුයි?” කට නොදා හිටු මං කියනකං!
ඔන්න දැන් අපි උගුඩුවෙක්ගෙ කතාවක් අහන්නයි යන්නෙ. කතාවට අපි එකෙක් කියලා ගත්තට පොදුවෙ සත්‍ය ලෝකෙත් මුන්දැලා මෙහෙම්ම යි. ඔය සිවිලිම් එහෙම තියෙන ගෙවල්වල මෙතුමන්ලා දකින්න පුළුවන්. රෑට රෑට දඩබඩ ගගා දුවනවයි, මල කරදරේ. උගුඩුවා කීවට feel වෙන්නෙ නැති අයට Palm civet කිව්වොත් තේරෙයිද? ඔය පොටෝ එකේ ඉන්න එකා නම් යුරෝපියන් එකෙක්. අපේ පොරවල් ඔයිට ටිකක් වෙනස්. 😛
මොකද උන් Golden palm civet නෙ. ලඩකාවෙ නං ආයි සත්තලං තමයි. නැද්ද? 😉 ආවේණිකයි නෙවැ. ම්.. ආහ්! මං වගේ බයෝ පික්සෙක් නම් මෙහෙම ම කියන්නම්. 😉
Kingdom: Animalia
Phylum: Chordata
Class: Mammalia
Order: Carnivora
Family: Viverridae
Genus: Paradoxurus
Species: P. zeylonensis
අපේ මේ කතා නායකයා දවසක් මහ රාත්තිරියෙ කෑමක් හොයාගෙන (චැහ්! ඔය පූසො වගේ නෙවෙයි. ආචාරශීලීයි හරිය. 😀 ) හොයාගෙන හොයාගෙන හොයාගෙන ඌප්ස්. මේක නවත්තගන්න බෑනෙ. 🙁
හොයාගෙන හොයාගෙන යද්දි හොඳ සුවඳක් ආවලු. දැන් නාහෙ චුට්ටක් උරුක් කරලා සූස්-සූස් ගාලා හුස්ම ඇද්දලු. හම්මා පුසුඹ! (ඒක කිව්වෙ ඌ. හොඳෙ?) ගිහිල්ලා කිට්ටු කළාලු පොඩි කෙසෙල් වත්තකට. පොඩි කෙසෙල් වත්තක් කිව්වට අපේ වවන-දිනන අය ඔය සූටි සූටි එව්වා වවන් නෑ කියලා දන්නවා නෙහ්. හැබැයි මේ කෙසෙල් අපි නිතර කන ඒවා වගේ නෙවෙයි. ඇටි කෙසෙල්. ඇතුලෙ බීජ ගොඩක් තියෙනවා. කටවහරේ පහසුව ආදිය නිසා ඕක ‘ඇටි’ උනාට මුල් වචනෙ මට පේන්නෙ ‘ඇට කෙසෙල්’. 😀 මොකෝ හිනාඋනේ? සමහරවිට ඒ හින්දා වෙන්ටැ අර නූතන වහර ඇවිත් ඇත්තෙ. (සික් ඔහෙගෙ කැත හිත. 😉 )
මේවා පට්ට රහයි. (කිව්වට, මාත් කාලා නැහැ. ඒ උනාට එහෙම කියමුකො ඈ?) ඔන්න අපේ පොරට හිතුණලු, අම්මටසිරි මෙයින් ඩිංගක් සප්පායං උනානං ගින්දර! කියලා. (ලංකාවෙ උන්ට සිංහලෙන් බොල, හිතෙන්නෙ!) දන්නැද්ද ඉතිං තොලකට ලෙවකාලා, දෙපැත්ත එහෙම බලලා, බළලෙක්වත් නැද්ද බළලා ඔහ් ෂිට්. ටැපලුණා. බලලා රිංගුවලු කෙසෙල් වත්තට.
♫ රඹකැන් වැටිලා.. අඳුරේ ඉදිලා..
ගනඳුරු රෑ.. තනිකම නෑ..
සොයා.. එන්න ගනඳුර තරු නිවලා
මගේ.. ඩිනරෙ අද ඔබ පමණී! ♫
තව එකක් කියන්ට ඕනැ. අර 1වසර පොතේ හිටපු “කනවා මදිවට තව අරගෙනත් යන” ගිරවා වගේ නෙවෙයි, අපේතුමා ආවෙ සුට්ටං චංඩි බංඩිය පුරවගන්න. දොඩම් වගේ නෙවෙයිනෙ, කෙසෙල් “ගෙඩි දෙකක් ඇතී, වැඩිය කඩන නාක ළමයි” ආදිය කියන්ට බෑ. කැණ ම කන්න තමයි වැඩේට බැස්සෙ.
අපි පොඩි කොමර්ෂල් බ්‍රේක් එකකට ගිහිං නැවත එමු! (අරූ කනහැටි ඔහෙලා සේරම බලං හිටියොත් කතාව-දෙක වෙනවා. 🙂 )
පැයබාගයකට පමණ පසු…
(තිරයේ පහළින් “රැඳී සිටියාට ස්තූතියි.” ලෙස ද නත්තල් සීයාගෙ දිවෙන කරත්තය සමග ඉහළින් “සුබ නත්තලක්!” ලෙස ද දිස්වේ. දසුන fade වී නැවත පොතේගුරු පෙනෙන්නට ගනී. වේදිකාවේ පසෙක කෙසෙල් ලෙලි ඉවත් කරනා කොල්ලකු දුවගොස් තිරය පිටුපස සැඟවෙනු දක්නට ලැබේ.)
ඔන්න අපි ආයෙත් එකතු වෙලා ඉන්නෙ උගුඩු කතාවත් එක්ක. ඇස්ටි හැලෙන්න ඇටි කෙහෙල් කාපු අපේ මහ උන්දැ ඔන්න හෙමින් හෙමින් බැහැලා හෙට කන්න තියෙන ඒවත් සලකුණු කරමින්….
සලකුණු තබන ක්‍රම රැසක් තිබෙනවා නොවැ. හුණු කූරකින් කතිර සටහන් දමනවා, අත්තක් බිඳිනවා ඊටීසී. හැබැයි මේ ටයිප් එකේ පොරවල්වලට ආවේණික ක්‍රමයක් තියෙනවා නෙ, කකුලක් ටිකක් උස්සලා එහෙම. 😉
….ගියාලු. දැන් එළීවෙන්නත් කිට්ටුලු. මූ වැඩේට බැස්සෙ 10-11ට විතර හින්දා දැන් ජීර්ණය ආදී කටයුතුවලට කාලය හරිනෙව. දැන් පොරට බාත්රූම් යන්න ඕනවගේ උනාලු. (wash එකක් දාගන්න නෙවෙයි, බරකින් නිදහස් වෙන්ට. 😛 ) “වගේ” කීවාට වැඩේ සැට්ලු.
මේ කෙසෙල්වල බීජ ජීර්ණය වෙන්නෙ නෑ. ඉතින් ඒවා එලෙසින් ම output වෙන්නෙපැයි. අර..
“ඇටවැල අරගෙන බැඳගන් නෑනෝ
ගොයම් නෙලන්නට යමු අපි නෑනෝ”
..කියලා ගොයම් කවි කිව්වට, මේ කෙසෙල් ඇටවැල අධෝමුඛයෙන් තල්ලු වෙනකොට කොහොමද නේ?! 😮
පොර දැන් කෑමොර දෙනවලු. දුකේ බෑ. කුණ්ඩලා මාළු කෑවනං විඳවාපං බළලෝ ලු නෙ. හැබැයි වැඩේ කියන්නෙ මේකා දැන් පොරොන්දු ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා:
මමනං තවත් මේ ඇටිකෙසෙල් කන්නේ..වත්, මේවෑ දිහා බලන්නේ…වත් නෑ!
එදත් රාත්තිරියෙ පොඩි බඩගින්නකුයි සුවඳකුයි ඇවිත්…. 😉
(මේ කෙසෙල් ජාතියයි, උගුඩුවො ගැනයි තව මොනවාහරි දන්නවා නම් එකතු කරන්න. 🙂 )