මටනං ඕං බය නැතුව මෙව්වගේ සීන් එකකට අතගහන්ට පුළුවන්.. ආයි මොකෝ කවුරු අමනාප වෙනවැයි කියලයි?! 😀 හැබැයි ප්‍රායෝගික අත්දැකීමකින් තොරව ලියන එකක් කොච්චර සාර්ථක වෙයිද දන්නෙ නෑ. ලුණු ඇඹුල් අඩුවක් තිබුණොත් එකතු කරන්නත් අමතක කරන්න එපා. ගොඩක් ඒවා අපේ උන්ගෙන් අහගත්තුවා කියලා මතක තියාගන්නෝන! මට කම්මැලියි හැම පේළියෙම අගට “ලු” කියලා දාන්න. හරියෙ? 🙂
දැං ඉන්නවානේද ඔය ස්ත්‍රී පරාණ? ඔන්න අහන්නෙපා උඹේ මෑණියනුත් අයිතියි නේද කියලා. ඒකනං එහෙම තමයි; හැබැයි නූතන පරම්පරාව ටාගට් කරගන්න තමයි මට ඕනි. 😛 අඩුගානෙ එකියක් හරි හැදුනොත් කාටද ආඩම්බර? (එතුමිගෙ අයිතිකාරයට නෙව! වෙන කාටෙයි ;))
ඉතිං දැන් ඔය හැම තුමීගෙම ඇතුල එකයි. කොච්චර පිටින් හැඩවැඩ දැම්මත් අන්තිමට එකම ටික තමයි Output වෙන්නෙ. ආ, ඒ කිව්වෙ ශරීරෙ ගැන විතරක් ම නෙවෙයි හිතත් එහෙම්මයි. ඇතිතරං පොෂ් පාට් දාලා දාලා අන්තිමට පිස්සුවක් කෙළින්නෙ. කියනකොටනං නිකං අලි දෙන්නං, කොටි දෙන්නං අපි තමයි වැඩ්ඩෝ (වැඩ්ඩා වැඩිල්ලක් සිවුර වෙලේ කිව්වලු!), අපි නැතුව ලෝකෙ රන්වෙන්නෙ නෑ අරකයි මේකයි. අපේ ඔය පවුල් පන්සල් වෙච්ච උදවියට වෙන එල්ලෙන්න තැනක් නැති බව දැන දැනත් පව් කරගහගත්තු අපේ අසරණයින්ව සතපහකට ගනන් ගන්නෙත් නෑ නෙවැ! කොච්චර සවාරි ගැහුවත්, අරවා මේවා අරන් දුන්නත් හෙන ලොකුව. අනේ ඇත්තමයි හිතාගන්න බෑ කොහොම මුන්දැලා පවුල් කයිද කියලා. (කයි කයි!) 😛
මේ ස්ත්‍රීහු ටීවී එකෙන් හෝ ෆිල්ම්වලින් බලාගෙන ඒවා තමාට ආරෝපණය කරගනිති. හිතන් ඉන්නේ සුපිරිම වැඩකෑලි ඇත්තේ ඒවායේ කියා ය. සිංහල සංස්කෘතිය, අනන්‍යතාව ඔවුනට “චාටර්” වචන ය. ඉංග්‍රීසින්ගෙන් ලැබෙන හැම ලබුඇටේ ම ඔවුනට ලංකාවේ මුතු ඇටේට වඩා වටින්නේ ය. 😀 අපේ මහත්වරුත් ඒවා හදන්නට යන්නේ නැත්තේ කොන්ද පණ නැති නිසාද, ආදරේ වැඩිකමට අහිමි වේයැයි කියාද, ටැම්පරි කරන උදවිය නම් එතුමිලාගේ සාරය උරාලන අදහසින්දැයි මට සනාථ නැත. තමන්ට ඕන විදියට නැත්නම් ඒක තමන්ගේ වන්නේ කෙසේදැයි මේ උන්ට ද තේරෙන්නේ නැත. අතාරින්නට ඇති අකමැත්ත ඇතිඋන්ටය, මේ කියන්නේ: “අභ්‍යන්තර ය එකය. පොත්ත රතුය! ඈට උඹ වෙනුවෙන් කළහැකි දේ මෑට ද හැකිය!” 😛
මනුස්සකමට, අනුකම්පාවට හෝ යාළුකමටය කියා ඩිංගක් ඔළුව නැමුවොත් ඔවුන් හිතන්නේ දැන් මේකාට ලණුව දැමිය හැකියැයි කියා ය. කිසිම අණක්ගුණක් නැතුව ඉන්පසු ඔවුන් කටයුතු කරන්නට පටන් ගනිති. ඒ නිසා හොඳ ම දේ දිගටම ඔවුන්ට ද ගණන් ඉස්සීමය. මා කියන්නේ ඔබ එතරම් නරක්විය යුතු බව නොව, එසේ රඟපාන ලෙස ය. 😉 තමාගේ සම මට්ටටම් තබා සලකන්නට ඔබ උත්සහ කළත් නූතන ස්ත්‍රීයට අවශ්‍යව ඇත්තේ ඔබේ හිසට පය තැබීමට යි. ඒ නිසා ජාතිවාද, ආගම්වාද මළ විකාර අතෑරලා තමන්ගෙ ජීවිතේ ගෙවාගන්න විදියක් කල්පනා කරපල්ලා! 😛
ඒ අස්සෙ මතක්උනා අමරදේවගෙ “නිල් මානෙල් මල් පිපුණා” සින්දුව. ඒකෙ තියෙනවා: කෙනෙක් ඇස්වලට, නළලට සහ දත්වලට ආසවෙලා එයාව තමන්ගෙ බිරිඳ කරගන්නවා. හැබැයි වයසට යද්දි තේරෙනවා ඒ හැමදේම නැතිවෙලා යනවා කියලා. ඉතින් අර තිබුණු හැම රසයම එයාට නැතිවෙනවා. පස්සෙ මහණ වෙන්නත් යනවා.
ඉතින් හැමෝටම මහණ වෙන්න කියනවා නෙවෙයි, පිටත රූපෙන් මනින්නෙ නැතුව පොඩ්ඩක් ආකල්පවලින් සරු කෙනෙක්ව හොයාගන්න හෝ හදාගන්න බලන්න. දෙමාපියන් කරපු නැති දෙයක් ඔබට කරන්න පුළුවන් නම් ඒක තමයි ඕන. රටකට ඕන ඇඟපෙන්නං දඟලන ගණිකාවො ටිකක් නෙවෙයි, තමන්ගෙ ස්වාමියාට සලකගෙන තමන්ගෙ දරුපරපුරත් බලාගෙන වගකීම් ඉටුකරන සාර්ථක ගෘහණියක්. මේ වානිජ්‍යකරණය හින්දා මිනිස්සු කාර්යබහුලවෙලා මෙලෝ සිහියක් නැතුව සල්ලි හොයනවා මිසක් සන්තෝසෙන් ජීවත්වෙන්න හිතන්නෙ නෑ. සමාජයේ මූලික ඒකකය ‘පවුල’ කියලා පුරවැසි අධ්‍යාපනය පොතේ තිබුණා මතක ඇති නෙව? ඉතින් හොඳ සාර්ථක පවුලක් හදාගන්න, තමන්ගෙ පවුල හදාගනිල්ලා! 😉
High heels තමයි අනිත් විකාරෙ! 😛 ඒවා දමං හැඩවැඩ දදා (ඔව් ඔව්, වැනිල්ල තමයි 😉 ) ඇවිදින හැටි දැක්කාම පුදුමත් හිතෙනවා. බලන්න ඒවා දැම්මා ම ගාත්‍රාසැකිල්ලට වෙන දේ: 😮
Photo Sharing සයිට් ගැන කතාකරොත් දැන් trend එකනෙ Instagram. ඕකෙ ඉන්න ගෑණු උදවිය දමන ෆොටෝස් දැක්කම ඔළුවෙ අතගහගන්න හිතෙනවා. (ඉතිං උඹ උන්ව unfollow කරපංකො. එතකොට ඉවරනෙ! — කවුද follow කරේ!? ඒත් මොළපාදන්න ඕන මුන්ගෙ. 😛 ) ඒවයි තනිකරම මැතිණිවරුන් එක එක විකාර කරගෙන ෆොටෝස් ගන්නවා. වැඩිය ඕනි නෑ ඔය විලාසිතා නිපැයෙන වෙන රටවල එවුනුත් අර Duck Face Style එකට හෙනට අකමැති බව තේරුණා. වහං ඉන්නෝන තැන්ටික බාගෙට එළියෙ දාගෙන තමන්ගෙ photo එකට Likes සහ තමන්ට Followers ලා හොයාගන්න එකෙන් වෙන්නෙ තමන් තමන්ව ම මාකට් කරගන්න එක කියලා මේ මැට්ටියන්ට තේරෙන්නේ නැත! ඔබට ප්‍රසිද්ධ වන්නට අවශ්‍ය නම් මොළෙන් ලෝකෙට වැඩක් කරපල්ලා! ඇඟ බලලා (වයසට යනකං විතරක්) ඔබ වටා එක්රොක් වන හා ඔබට ආදරය කරන කෙනෙක්ට වඩා අඩුගානෙ එතකොට ලෝකෙට ඔබව මතක තියේවි. 🙂
තවත් මම වැඩිදුර කියන්න යන්නෙ නෑ. කියවන්නත් කම්මැලිනෙ දැන් හැදෙන අපි. 😛 මේ විදියට හැසිරෙන එකෙක්/එකියක් මගේ පුතෙක්, දුවෙක් එහෙම ඕන්නං කලවයසට ආවාම අහපල්ලා. 😛 (මගෙන් නොව, මගේ! 😀 😉 )