අහවරැයි පසක්කොට
පහන්කළ සිත් සයුර
නිලංකෘත නෙත්යුවළ
සියුමැලි සඳුන්සුවලූ
අත’ගැ වූ පියුම්කුඹු
රිදුම් දෙනු නොමනබව
මනාදති ඒ බඹර-සමනළ
සුපහන් සඳමඬළ
නොදති පියුමේ පුසුඹ හැමකල
ඉරාලන අඳුරුපට
නිශාචරයන් පහස විඳගත
සිහින නොමවුණු
බැඳි දම් ගිලිහුණු
සුපසන් සිත්ගැබ
වළාබර අඳුරගත
සබඳ ලියනුව බ්ලොගයට
ගොනුකරනු මා වත
අරමුණ එකක මිස
නොයාලනු! මේ මාවත
මේක කියෙව්වම නිකං මළ විකාර වගේ ඇති නෙහ්!? 😛 ඉන්නකො, විවරණෙත් මං ම ලියන්නං. 😀
විවරණය
ස්ත්‍රීන් නැති අයගේ (මේ මං වගේ 😉 ) සිත අන්ධකාරයේ ගිලී ඇත. (කියලා තමයි හිතං ඉන්නෙ.)
ඒ කාලය අවසන්බව කියාලමින් (අන්න වැරදුන තැන!) සිත් සයුර සඳ පායා පහන් කොට ඇතිබව දැණුනු අතර ඉන් දෙනෙත නිලංකාරවී ඇත. (ආශා නිරාශා මැවූ ඈ ස‍්වප්න මායාවකී.. -ද?)
අත ළඟම ඇති සියුම්පෙති ඇති ඉතා සුවඳවත් නෙළුම්මල් රිදවන අපේක‍්ෂාවක් නොමැති “මනාවබෝධයෙන් යුත්, යහපත් සිත් ඇති බඹරුන්” (බඹර-සමනළ) එකවර ලං නොවෙමින් සිටිති. (මේ කාලෙ පත්තරවල-ටීවි එකේ අහනදකින ඒවා බැලුවාම – බංබුව තමයි!)
නෙළුම් මල් පිපෙනුයේ දහවල් කාලයේ බැවින් රැයෙහි පෑයූ සඳ එහි සුවඳ නොදන්නේ ය. එනමුත් රැයෙහි සරනා, පිටින් යහපත් බව පෙනෙන- ගුප්ත, දරුණු සතුන් දුටු චන්ද්‍රයා එය උපරිමය බව සිතා ඔවුන් වෙත ගියේය. (මදැයි කොළා! නේද? 😛 )
සිහින බොඳවුණත්; සිතෙහි දරාසිටි වගකීම්, බැඳීම් නැතිවී සිත නිදහස්වී තිබේ. අරුමයෙකි, එය අඳුරු වළාවන්ගෙන් පිරී ගියේය. (ටක්ගාලා කුඩයක් අතට ගන්නෝ..)
සොයුර, මේ මාවතේ නොගොසින් එකම අරමුණක සිත පිහිටවා ගන්න. මගේ මේ කතාව ඔබේ බ්ලොගයට ලියනු මැනවි. (ලියන්නෙයි කියලා නොකිව්වත්, අහක යන ඒවට මං අහුවෙන නිසා එහෙම එකක් දැම්මෙ 😉 😀 )