Categories
Health Something to think

ගංජා හොඳ ද?

මරිජුවානා හෙවත් ගංජා යනු දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ බෙහෙතක් ය, ඒවා ඇඟට හොඳයැයි කියමින් අට්ටි ගණන් එහි දුම විඳින්නන්ට ලැබෙන කිසිදු හොඳක් නැත. Facebook post, එදිනෙදා කතාබහ හරහා ඔවුන් එය හරි ලොකු කමක් බව පෙන්වමින් තවත් අය ඊට ඇබ්බැහි කරගනිති. මෙය කෙටියෙන් උදාහරණයකින් පැහැදිලි කරනවා නම්, ලුණු ආහාර වලට දැමීමෙන් රස වැඩිවේ. අයඩින් ඇත්නම් ගලගණ්ඩයට ද හොඳ ය. නමුත් ඒ ස්වල්ප ප්‍රමාණයකින් දැමීමෙනි. ඕනෑවට වඩා දැම්මොත් කන්නත් බැරිය, නිතර වැඩිපුර ආහාරයට ගත්තොත් හෘදයාබාධ පවා ඇතිවේ.

සමාජ ජාල වලින් ලොකු කමක් සේ පෙන්වන, ශරීරයට හිතකර යැයි පෙන්වන මිරිඟූන් නිසා ඊට ඇබ්බැහි වන තරුණ සමාජයක් රට තුළ බිහිවෙමින් පවතී. එය දේශපාලනඥයන් හෝ ඊට මුදල් යොදවන්නන්ගේ කූට‍ වෙළඳ ප්‍රචාරණයක් විය හැක. මෙහි බලපෑම බාලවයස්කාරයන්, ගායකයන් සිට විශ්ව විද්‍යාල වෙත ද පැතිරී ගිය බරපතල ගැටළුවකි.

ඇමරිකාවේ මත්ද්‍රව්‍ය අවභාවිතය පිළිබඳ ජාතික ආයතනය පෙන්වා දෙන ආකාරයට ගංජා දුමාරයෙන් පසු හෘද ස්පන්දන වේගය 20% සිට 100% දක්වා වැඩි වන අතර එය පැය තුනක් පමණ පවතී. එසේම, ෆිලඩෙල්ෆියාවේ අයින්ස්ටයින් වෛද්‍ය ආයතනය 2017දී කළ පර්යේෂණයක් අනුව ද තහවුරු වී ඇත්තේ ගංජා භාවිතා කරන්නන් ආඝාත (Strokes / ලේ කැටි සිරවීම්) වලට ලක්වීමට ඇති අවදානම 26%කින් වැඩි බවයි.

Advertisement

පුරුෂයන්ගේ ශුක්‍ර නිෂ්පාදනය අඩාල වීමත්, ස්ත්‍රීන්ගේ ඔසප් චක්‍රයට බලපෑම් ඇතිවීමත් මින් සිදුවන අතර, පුරුෂයන්ගේ වෘෂණ කෝෂ පිළිකා වර්ගයකට ද මෙය බලපායි.

දැඩි සේ ඇබ්බැහි වූවන්ට අධික ආශාවන්, නොරිස්සන බව, නින්ද නොයාම, ආහාර අරුචිය, කාංසාව (anxiety) ඇති වේ. ඊට අමතරව; ධූලක මනෝ විකාරය (තමන් ඉන්නේ කොහිද, කුමක් කරන්නේද හෝ වේලාව නොදැනීම), උච්චාවචනය වන හැඟීම්, අසම්පූර්ණ හැඟීම්, පීඩනෝන්මාදය (paranoia), භීතිකාවන් (panic attacks), ව්‍යාජ දර්ශනයන් (hallucinations), සත්‍ය ලෝකය පිළිබඳ සැකය ඇති වේ.

ගංජා භාවිතා කරන කාලය තුළ කැස්ස සහ සෙම ඇති වන අතර, මුල් කාලයේදී ශ්වසන මාර්ගය හොඳින් විවෘතවීම සිදුවේ. කල් ගතවත්ම, පෙනහළු ක්‍රියාකාරීත්වය අඩපණ වී යයි.

භින්නෝන්මාදය ඇති අය සහ මානසික රෝගීන් ගංජා මසකට දෙවරක් පමණ භාවිතා කරන නමුත් දෙයාකාර මනෝස්වභාවය (bipolar disorder), අධික විෂාදය (depression), කාංසාව ඇති කරවන්නක් නිසා මානසික රෝග සුවකරන්න ඖෂධය අවභාවිතයෙන් මානසික රෝග ඇතිවීමට හැකියාව තිබේ.

ගර්භනී මාතාවන් ගංජා භාවිතයෙන් හෝ පානය කරන්නන් ළඟ සිටීමෙන් භ්‍රෑණයේ වර්ධනය අඩාල වීම, විකෘති වීම්, නිසි කලට පෙර ඉපදීම්, උපදින දරුවන්ගේ බර අඩුවීම මෙන්ම, ලියුකේමියාව ඇතිවීම හා උපතින් පසු ළදරු දැඩි සත්කාර (neonatal intensive care) වෙත යොමු කළ යුතු වේ. කිරි දෙන සමයේ භාවිතයෙන් දරුවාට ද එය බලපාන අතර දරුවාගේ වර්ධනය අඩාල වේ. පසුකාලීනව ඇතිවන බලපෑම් පිළිබඳව තවමත් ප්‍රමාණවත් දත්ත නොමැත

ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳවැටීම හා මධ්‍ය ස්නායු පද්ධතියට බලපෑම් සිදුවන නිසා වෛද්‍ය සැත්කම් වලට බාධාවක් වීම මින් සිදුවේ. භාවිතයෙන් පැය 24ක් ගත වන තුරු ඉගෙනීමට, මතකයට හා අවධානය පවත්වා ගැනීමට අහිතකර ලෙස බලපාන බව සහ පාසලේදී හෝ රැකියාවේදී දක්වන අයුතු හැසිරීම් වලට එය බලපෑ හැකි බවට ද සීමිත සාක්ෂි තිබේ.

ගංජා යනු අනෙකුත් මත්ද්‍රව්‍ය මෙන්ම සතුට දනවන ඩෝපමීන් ජනනය කරවන්නකි. ⁣ඩෝපමීන් වලින් සතුට ලබන්නට ඇති එකම ක්‍රමය මෙය නොවේ. සින්දු ඇසීමෙන්, ව්‍යායාම කිරීමෙන් ද ඩෝපමීන් ලැබේ. එය මත්ද්‍රව්‍ය වලින් වැඩිපුර ලැබීම නිසායි ඊට ඇබ්බැහි වන්නේ. හරියට බැලුවොත් ඇබ්බැහි වන්නේ මත්ද්‍රව්‍යයට නොව, වැඩි ඩෝපමීන් මට්ටමකට යි. කලක් ගත වද්දී ඒ මට්ටම මදිවී තවත් ඕනෑවේ. ඉන් අනෙකුත් සෞඛ්‍ය ගැටළු මතුවේ. ඉතින් දැන්වත්, ඔතන්න පෙර සිතා බලනු!

– තඹරු විජේ‍සේකර

මූලාශ්‍ර:
https://www.livescience.com/24558-marijuana-effects.html
https://www.webmd.com/vitamins/ai/ingredientmono-947/marijuana
https://www.webmd.com/mental-health/marijuana-use-and-its-effects#3

https://www.drugs.com/illicit/cannabis.html

ප.ලි.
අන්තර්ජාලය පුරාම සෙවීමක් කළහොත් ගංජාවල යහපත් ප්‍රතිඵල ඕනෑතරම් සොයාගත හැකියි. නමුත් ඒවායෙන් අදහස් වන්නේ ඖෂධයක් ලෙස භාවිතය පිළිබඳ පමණයි. මෙම සටහනට පාදක කරගත් මූලාශ්‍ර වල ද එහි හොඳ කියැවේ. එදිනෙදා ගන්නා ඖෂධයක් ගැන ගූග්ල් කළොත් ඒත් එහි හොඳ දේවල් තිබේවි. නමුත් එය පමණ ඉක්මවා පානයෙන් ඔබට ලැබෙන කිසිදු හොඳක් නැත. බොන්න ඕනෑ කෙනා කොහොමත් මුලින් ඇති හෙ‍ාඳ දේවල් ටික පමණක් මිස Side Effects යන කොටස දක්වා කියවන්නේ නැත.
ෆේස්බුක් එකේ ඔස්තාර්ලා කියන මෝඩ කතාවලට හසු නොවී ජීවිත වනසා නොගන්නා පරපුරක් වෙනුවෙන් මේ සටහන තබමි. පර්යේෂණ වලින් සනාථ වූ දෙයක් ගැන දැනුම පැතිරෙන නිසා නම නැතුව ඉස්සුවාට ද කමක් නැත. නැණ පමණින් ගත යුත්තක් නිසා පිළිතුරු සැපයීමෙන් ද වැළකෙමි. මෙය පළ කරන්නට පෙර අඩුපාඩු බලාදුන් අයට තුති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page