Categories
Songs

සිප් දුන්න ඔය දෑත [Lyrics]

තවමත් මතකයි එදා
බැඳුණු හැටි නෙතු අතරේ
සිහිනෙන් වුවත්
ඔබමයි මා සිත් දැහැනේ
ලං වෙන්න බැරි හින්දා සිප් දුන්න දෑත ඔබේ
සිපගන්නෙ කොහොමද මා කියන්න මා සොඳුරේ

Advertisement

ළඟින් හිඳ පෙන්වා ලොව
සනසද්දි හිස අත ගා
අකුරු අතර ඔබ දකිනවිට
ඉලක්කම් මට සරදම් කළා

දුරයි මට ඔබේ ලය
නැළවෙන්න හිස තබා
කුමක් කරන්නද ඔබ තහනම්
ප්‍රියාණනි මට දෙනු සමා

 

මා රචිත මෙම ගීතය ඔබ නිර්මාණයකට යොදා ගන්නට කැමති නම් නොමිලේ රිසිසේ කතෘ අයිතිය සහිතව භාවිතා කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page