Categories
Technology

Unlimited Internet වලින් කරන්න පුළුවන් දේවල් 5ක්

බොහෝ දෙනෙක්, බොහෝ කාලයක් පෙන්වා දුන්නේ අපේ රටේ Unlimited Internet නැති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස මෑතකදී ලංකාවටත් පැකේජ බොහොමයක් ලැබුණා. දිනකට, සතියකට හෝ මාසයකට ගැලපෙන ලෙසත්, විවිධ ‍Speed limit අනුවත් ඒ පැකේජ බෙදා තිබෙනවා. එතරම් ඩේටා ප්‍රමාණයකින් අපිට මොනවගේ දේවල් කරන්න පුළුවන්ද?

1. Movies/TV Series ඩවුන්ලෝඩ් කරන්න

Unlimited පැකේජවල ටොරන්ට්වල 1mbps තරම් වේගය අඩු කර ඇති නමුත් ඔබ කැමති ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගන්නට, TV Series එකක Episodes කිහිපයක් ඩවුන්ලෝඩ් කරගන්නට එය එතරම් ම බාධාවක් නොවෙයි. ඔබ රැකියාව හෝ ඉගෙනුම් කටයුතු කරන අතරතුරේ ඩවුන්ලෝඩ් වෙන්න දාලා තිබ්බාම ඒ වැඩ ටික ඉවර වෙලා නිදහසේ ඉන්න කාලය විනෝදයෙන් ගෙවන්න අවස්ථාව ලැබේවි.

2. Photos, Videos ඔක්කොම Backup කරන්න

Advertisement

හැම දෙයක්ම ෆෝන් එකේ තියාගෙන ඉන්නවාට වඩා Google Photos, One Drive, Mega.nz වගේ ක්ලවුඩ් සේවාවක තියා ගත්තාම අලුත් ෆොටෝස්වලට ඉඩ ලැබෙනවා වගේම, හදිස්සියේවත් ෆෝන්/චිප් එක නැති වුණොත්, වැරදිලා Reset වුණොත් හැමදේම නැතිවෙලා යන්නෙත් නැහැ. අනික ෆෝන් එක නැතිව වුණත් PC එකෙන් Photos බලන්න පුළුවන්. ෆෝන් එක මාරු කරන වෙලාවකදී Cloud එකේ හැමදේම තිබෙන නිසා අලුත් ෆෝන් එකට හැමදේම දාගන්න වෙලාව නාස්ති කරගන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ.

3. Netflix බලන්න

ඔබට Netflix, Disney+, Hulu වගේ සේවාවක Subscription එකක් තිබෙනවා නම් ඒවාට ලොකු ඩේටා පැකේජයක් දාගන්නවා වෙනුවට මේ Unlimited පැකේජ් එකක් දාගන්න එක ලේසියි. Netflix සඳහා වෙනම දින 07ක හෝ මාසයක් සඳහා පැකේජ තිබුණත් ඒවායෙන් Disney+ ආදිය නරඹන්නට බැහැ. මේ නිසා Movies Stream කරන්න කැමති කෙනෙක්ට Unlimited පැකේජ් එකක් දාගන්නවා කියන්නේ ‘කල්ල මරේ’.

4. ඇති තරම් YouTube බලන්න

ඔබ වගේම ගෙදර අයත් YouTube එකට ඇබ්බැහි වෙලා නම්, වැඩිපුරම ඩේටා කැපෙන්නේ YouTube එකට බවට සැකයක් නැහැ. HootSuite දත්තා වාර්තා අනුව පෙනී යන්නේ ලංකාවේ අපි සින්දු අහන්න/බලන්න වැඩිපුරම පාවිච්චි කරන්නේ YouTube බවයි. ඉතින් වැඩ කරන අතරේ පැය 5ක් විතර, 360p වලින් සින්දු දාලා තිබුණොත් ගිගාබයිට් 1.5ක් විතර කැපෙනවා. Quality එක වැඩි නම් ඊටත් වඩා වැඩි ගිගාබයිට් ප්‍රමාණයක් යනවා. Unlimited පැකේජ් එකක් දාගත්තොත් ඒක සම්පූර්ණයෙන්ම ඉතුරු වේවි.

5. Phone එක හෝ වින්ඩෝස් Update කරගන්න

ෆෝන් එකට ලොකු සයිස් එකක ගේම් එකක් දාගන්නවා නම්, Apps update කරගන්න අවශ්‍ය නම් හොඳම ක්‍රමය Unlimited පැකේජ් එකක් දාගන්න එකයි. ඒ වගේම, ඔබ දන්නේත් නැතිව Windows Updateවලට ඩේටා කැපෙනවා ඇති. ඒකට කරන්න ඕනෑ Taskbar එකේ WiFi අයිකනය ක්ලික් කරලා, දැනට Connect වෙලා ඉන්න වයිෆයි එකේ Properties වෙත පිවිස, එහි ඇති Metered Connection කියන එක On කරන එකයි. එතකොට Auto update වෙන එක ටික කාලයකට නවතිනවා. ඊට පස්සේ Unlimited Package එකක් දාපු වෙලාවක ඒක Off කරලා Windows Update වෙන්න ඉඩ දෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page