Site icon Thambaru's Blog

Youtube හි මා දුටු අළුත් Features

Youtube වල අළුත් ම updates ටික දැක්කද? ඔන්න දැක්කෙ නැත්නම් බලන්නකො මේ දවස් ටිකට එයාලා කරල තියෙන්නෙ මොනවද කියලා. ඔක්කො ම නෙවෙයි, දැනට මම දැකපු ටිකත් එක්ක පොස්ට් එකක් දාන්න හිතුණා. බලන්නකො මේ ටික දැක්ක ද කියලා.

මාත් ඔන්න දැන් ටිකකට කලින් ඒපැත්තෙ ගියා Ripple Tank ගැන පොඩි video එකක් බලන්ට. දන්නවනෙ ඉතිං වටපිටෙත් ටිකක් බැලුණා ඒ අතරතුරේ. අර ‘නයි game‘ එක ගහන්නවත් වුනේ නෑ; හෝ ගාලා වීඩියෝ එක Load උනා. දන්නව ඇති සමහරවිට අර Load වෙන අතරෙ game එකක් play කරන්න පුළුවන් කියලා.

දන්නැත්නම් අහගන්නකො. මං නං මේ නයෙක් අරින්ට නෙවෙයි යන්නෙ; ඇත්තම කතාවක්. Youtube video එකක් stream වෙන අතරතුරෙ; (අර කැරකෙන loading animation එක යද්දි) යට කළුපාට bar එක click කරලා; (player එකට focus කරලා) Arrow Keys තද කරලා බලන්න.

ඔන්න ඊළඟට කියන්න යන්නේ Video Previewing දාලා කියලා. වීඩියෝ එක ටිකක් load වුණාට පස්සෙ Seeking Bar එක උඩ Cursor එක Move කරගෙන යන්න. සම්පූර්ණ video එක ම; ඔක්කොම Load නොවී ම බලාගෙන යන්න පුළුවන්. ඒක නම් ලොකු වාසියක් තේරුමක් නැතිව Bandwidth එකයි, කාලයයි නාස්ති කරගන්නවට වැඩිය. සමහර Videos තියෙනවනෙ සත පහකට වැඩක් නැති!

මේක නම් මාත් හිත හිත හිටපු එකක් youtubeවලට තිබ්බානම් හොඳයි කියලා. ඇත්තට ඒකනම් මේ දැන් ටිකකට කලින් වගේ දාලා තියෙන්නෙ. අද දවල් තිබ්බෙ නැහැ. දැන් පුළුවන් Speed එක වෙනස් කරලා Play කරන්න. කොච්චර ෂෝක්ද!
හැබැයි හොඳ connection එකක් ඕනිවෙයි.

ඒ වගේ ම Privacy Settings හදන්නත් පුළුවන්. ඔය එකඑක Nannyලා ඕනි නෑ!  😉
Auto ම ඒවා block කරගන්න පුළුවන් නොමිලෙම මේ Safety Controlling On කරගත්තම. මේ පහසුකම නම් Google Web Search, Image Search වලටත් දාලානෙ තියෙන්නෙ. Youtube එකත් Google ම නිසා මේ පැත්තටත් ගන්න ඇති.

මීට වඩා දැක්කද මොනවා හරි? අපිටත් කියමු බලන්න…

Exit mobile version