Site icon Thambaru's Blog

වෙබ් අඩවිය හැමෝටම බිම ද? මට විතර ද?

මේ කියන්න යන්නේ යන්න බෑ වගේ දැනෙන වෙබ් සයිට්ටෙක Server එක Downද නැත්නම් අපේ Settingsවල අවුලක් ද කියලා දැනගන්න පුළුවන් වෙබ් සයිට් එකක් ගැන. සයිට් එකක් ලෝඩ් කරගන්න බැරුව අසරණ වුණා ම ඒ අපිට විතරයි කියලාවත් දැනගන්න පුළුවන්.

මේ කියන වෙබ් සයිට් එකෙන් වෙන්නෙ, එය තිබෙන Serverය සිට අපි ලබාදෙන වෙබ් අඩවි Serverයට සම්බන්ධ වෙලා ඒක වැඩ ද නැද්ද කියලා අපිට රපොර්තු කරන එකයි. හැබැයි එයා ඒකට වැඩි කාලයක් ගන්නෙ නැහැ. සයිට්එක වැඩනම්; එවෙලෙ ම කියනවා, “ඒ සයිට් එක උඩ! (up). ඔබට විතරයි බිම.” කියලා.

ඒ වගේ ම මේ Site එකත් අඩු byte ප්‍රමාණයක් එකක්. ඒ කිව්වෙ, ටක්ගාලා ලෝඩ් වෙනවා. ඇඩ්, රූප අනංමනං නැහැ. පොඩි Text ඇඩ් එකක් විතරයි තියෙන්නෙ අන්තර්ගතය හැරුණා ම. සයිට් එකේ Domain එකත් පොඩ්ඩක් දිග වුණාට වැඩේ ට අදාලව ම තමයි තියෙන්නෙ.

මේකට ගිහිල්ලා, Is _________ down for everyone or just me? කියන පේළියේ තියෙන Text box එකට අවශ්‍ය වෙබ් සයිට් එකේ නම (Domain name) ලබාදෙන්න. එසැණින් කියාවි ඒක උඩ ද බිම ද කියලා.

හරි! දැන් ගිහිල්ලා ම බලන්නකො; 😀

1. isup.me

2. downforeveryoneorjustme.com

Exit mobile version