Site icon Thambaru's Blog

විසිකළහැකි Email address

මේ කියන්න යන්නෙ පාවිච්චි කරලා Dispose කරන්න පුළුවන් email address හදන හැටි. ඒ කිව්වෙ, කවුරුහරි email address එක ඉල්ලුවම ඉතිං නොදී බෑනෙ. හැබැයි කරදරකාරයෙක් වගේ හිතුනම තාවකාලික email ලිපිනයක් දීලා ඒකෙන් බේරෙන්න ක්‍රමයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

ඕන්නං කෙනෙක්ට හැම තිස්සෙම Register වෙන්න වධ දෙන, ඊට පස්සේ Spam කරන වෙබ් සයිට් එකකට වුනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ ඊතැපැල් ලිපින හදද්දි GMail, Yahoo, Hotmail ආදියෙ වගේ Register වෙවී කරදර වෙන්න ඕනත් නෑ.

හැබැයි මෙම ඊමේල් මගින් ලිපි යවන්න බැහැ. ලැබෙන ඒවා අනිවා ලැබෙනවා කියලත් මතක තියාගන්න. ඒ වගේ ම මේ කියලා දෙන දේ හොඳ දෑට භාවිතා කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

මේ විදියෙ ඊමේල් දෙන ගොඩක් සයිට්ස් තියෙනවා. ඒවුණාට මේ http://www.guerrillamail.com/ යන්න මට හිතට ඇල්ලුවා. එමගින් @ වලට පෙර අපිට ඕනෑ නමක් යොදාගන්න පුළුවන්.

සයිට් එකට ගිය ගමන් random ඊමේල් ලිපිනයක් හැදෙනවා. එහි @ වලට පෙර කොටස ක්ලික් කිරීමෙන් අපිට ඕනෑ දෙයක් වුව ටයිප් කර set කරගන්න පුළුවන්. ඊට යටින් අපේ ලිපිනය expire වෙන වේලාව වැටෙනවා. Extend කියන බොත්තම තදකර එයට පැය 1 බැගින් එකතු කරගත හැකියි. Forget Me බොත්තම මගින් ඊමේල් ලිපිනය reset වේ.

මේ හැමට යටින් Inbox එක තියෙනවා. එය සෑම තත්.10කට වරක් ම refresh වන බව පෙන්වනවා.  ලැබුණු ඊමේල් සාමාන්‍ය ඊමේල් පද්ධතියක ලෙස ම කියවන්නත්, delete කරන්නත් පුළුවන්.

තව මේ විදියෙ අඩවි ලැයිස්තුවක්:

  1. Mailinator
  2. GuerrillaMail.com
  3. 10 Minute Mail
  4. temporaryinbox.com
  5. TempEMail
  6. My Trash Mail
  7. MintEmail
  8. No Click Email
  9. Mail Expire
  10. Melt Mail
  11. Anonym Box
  12. 10×9 Email
  13. Yop Mail
  14. Mail Eater
  15. Jetable
  16. Temporary Email
  17. Trash Mail
  18. SpamBox
  19. My Temp Email
  20. Spam Free 24
  21. Your Mailr
  22. Block Filtr
  23. KasMail
  24. Explode Email
  25. Tempomail
  26. Emerald Web Mail
  27. Muf Mail
  28. No Spam
  29. Spam Jackal
  30. Jambai Inbox
  31. One Off Email
  32. Disposable Inbox
  33. Mail Catch
  34. Email in Five (අඩවිය ක්‍රියා නොකරයි. 2/23/2013)
Exit mobile version