Site icon Thambaru's Blog

Ubuntu 11.04හි recent files clear කරමු

පෙර අනුවාදවලදී පහසුවෙන් ගොනු ඉතිහාසය මැකිය හැකි වුව මෙම නවත ම වෙළුමේ ඊට සිත යොමා නැති බව් පෙනේ. ඒ කෙසේවුව ඒවා කරගැනීම පරිශීලක අපගේ සැටි ය….

මෙය එතරම් වෙහෙසිය යුතු කරුණක් නොවේ.

ප්‍රථමයෙන් home folderය විවෘත කර, Ctrl+h යතුරු ඔබන්න. එවිට සැඟැවුණු ගොනු පෙනේවි.

දැන් .local ෆෝල්ඩරය සොයා එය විවෘත කරන්න. අනතුරුව පිළිවෙලින් ඒ ඒ තුළ ඇති share, zeitgeist යන ගොනු වෙත පිවිසෙන්න

එවිට activity.sqlite නමැති Database ගොනුවක් ඇති. එය Delete කරන්න.

අනතුරුව, Alt+F2 යතුරු ඔබා, ලැබෙන තිරයේ ඉහල තීරයේ zeitgeist-daemon –replace ලෙස ටයිප් කරන්න. (මම හිතන්නෙ එම තිරයේ copy – paste වැඩ කරන්නෙ නෑ)

එපමණයි. ඔබේ සියළුම ගොනු ඉතිහාස දත්තයන් මැකී ගොසින් ය.

මේ ක්‍රමය කරදර නම්,

terminal විවෘත කර, පළමුව rm ~/.local/share/zeitgeist/activity.sqlite ලෙස යොදා Enter ඔබා, Alt+F2 මගින් ඉහතකී ක්‍රියාවන් කරන්න.

සාර්ථක ප්‍රතිඵල ලැබිණැයි සිතමි. ඔබේ ප්‍රතිචාරයන් මා දිරිගන්වනු ඇත.

Exit mobile version