උබුන්ටු සහ අනිකුත් ලිනක්ස් බෙදාහැරුම් සඳහා ලැබෙන MenuBar යන්න නම්කොට ඇත්තේ Panels නමින් බව ඔබ දන්නවා ඇති. එනම් Windowsහි Task bar වැනියි. එනමුත් ලිනක්ස් පැනල් එක විචල්‍ය කිරීම වින්ඩෝස් වලට වඩා ඉතා පහසුයි. හැබැයි අත් වැරැදීමකින් යමක් remove වුනොත් හදාගන්න (මං වගේ) ආධුනිකයන්ට අපහසු විය හැකියි. ඒ සඳහා පිළියමක් ලෙස මම පොඩි Program එකක් ලිව්වා. මෙය Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License යටතේ බෙදා හරිමි.මෙය උබුන්ටු 10.10 මත පරීක්ෂිතයි. මෙමගින් මෙහෙයුම් පඬතිය සමඟ ලැබෙන මූලික (Default) Panel format එකට ම reset කරගන්න පුළුවන්.
ප්‍රථමයෙන් පහත මවිසින් නිර්මාපිත program එක බාගන්න:
බාගත් ෆයිල් එක මත (double)click කරන්න. එවිට පහත පරිදි dialog box එකක් ඒවි.
එසැණින් ස්වයංක්‍රීයව ම panel සියල්ල ම reset වේවි.