Site icon Thambaru's Blog

මලෙහි අවනඩුව

අනේ කොහිද මට මධු
තැටියක තබා හද
සුකොමලව වඩින බඹරු
මේ දිවිය නිසරුයි
පරවී වැටෙන යාමෙට

 

බඹරෙක්මි,
ගෙන ආමි නුඹට නැති මධු
මුළු ලොව ම ගෙන දෝතින්
හිස් මුදුනින් බිසෝ කොට
මල් අතර අගතැන් කරනට

නුඹ කවුරු මට එවන් කරනට
මේ මුකුලිතව වියැකෙන දිවිය හොඳයි
අනේ එහෙත්..
කොහිද මට මධු
සුකොමලව වඩින බඹරු

Exit mobile version