Categories
Poems

සුණු කිල්ලෝට

ආවෝ – ගියෝ උන්
මෙරු පෙළක් මෙන්
බලා සිටියෙමි
උත්තරීතර පිවිතුරු බව
අහසින් බසින තුරු

Categories
Poems

මනුලියකට නොපවසන මුසා

ඡායාරූපය huffpost.com වෙතිනි

දෙව්දුවක් නොදැක
කෙසේ දෙව්ලියකැයි කියම් මුසා?
මිහිපිට ම උපන්
උත්කෘෂ්ට මනුදුවක් නුඹ..
දෙවියන් අතරත්
උපමා ලබනා

Categories
Poems

නවතින්නට පෙර නැවතීම.

නවතින තැනට පෙර

Categories
Poems

කැන්දගෙන (නො)යාම

හැන්ද ගෙන කබල් ගාන්ට
වංසයක් සෙයා තබනට
මට අමතකවිය
එහෙත් නුඹ කියනවාම නම්,

Categories
Poems

මලෙහි අවනඩුව

අනේ කොහිද මට මධු
තැටියක තබා හද
සුකොමලව වඩින බඹරු
මේ දිවිය නිසරුයි
පරවී වැටෙන යාමෙට

Categories
Poems

පිය කේතය

මියගිය රැයෙක
සිහිල් පවනට මුහුවණ
රැහැයි හඬ නැත
සවන් රැහනට බැඳෙන
ටක් ටක් හඬක්
ඇඟිලි තුඩු වැදී රැව්දෙන
තාලය තියන ජීවන ගීයක

Categories
Poems

ට්විරෙට ලියූ නිසඳැස්

පහුගිය මාස කීපයේ ම බ්ලොගේ නිසඳැසක් දැම්මෙ නැති වුණාට ට්විටර් එකේ දකින දකින දේවල් එක්ක නම් කවි, නිසඳැස් කීපයක් ම ලිව්වා. අනික ඒක ලේසියි බ්ලොග් එක අදිනවට වඩා, නිතර දෙවේලෙ ඉන්න තැනනෙ. ඒත් බ්ලොග් සෙට් එකටත්, පස්සෙ කාලෙක මටත් ලේසියන් බලාගන්න පුළුවන් හින්දා පහුගිය කාලෙ ලියපුවා මෙහෙම එක්තැන් කරනවා.

Categories
Poems

අඹර මේකුළුවේ රිදිය

කාලෙකින් කවියක් ලිව්වෙ නැති අතරෙ ඊයෙ අහම්බෙන් බස් එකේදි “දුප්පත්කමට නෑ හිමි ප්‍රේමේ” සින්දුව අහන්න ලැබුණා. වැඩිය අළුත් ඒවට ආස නැති උනාට මොකද ඕක ගැන කල්පනා කර කර ඉඳිද්දි ‘රහසේ ලියලන ප්‍රේමය’ ගැන ලියන්න හිතුවා. ඉතින් මං ලියන්න හැදුවෙ අනුන්ගෙ කෙනෙක්ට ප්‍රේම කරන එක නෙවෙයි, හිතේ තියෙන දේ කියගන්න බැරුව ඉන්න කෙනෙක් ගැන. හැබැයි ඉතින් අන්තිමට හැමදාම වගේ ලිව්වෙ එකක් – ලියවුණේ එකක් – වුණත් මොකක් – හදපු එකක්.

Categories
Poems

නියරෙහි දිවූ නූතන යුවතිය

මිනිහෝ!
අයා තොප හුඹස් මුව
රවා තොප රකුසු නෙත
කිම්ද කාරණා රඟන්ට
මා සියොව ගිලගන්නට

Categories
Poems

තාරුණ්‍යය

පොඩිවුන්ට
හැමදාමත් ලොකු
ලොකුවුන්ට
හැමදාමත් පොඩි
වළාකුළක්

හැමදාට ම පතන්නේ
පාවෙවී
ලෝකෙ වටේ ම
යන්න…

You cannot copy content of this page