අපේකම සුළඟේ ගසාගෙන ගියාවත් ද?

හිස් මුදුනේ තබාගෙන අපි හැම කෙනෙක් සතුවම, අතීතය ගැන චිත්‍රයක් තිබෙනවා. එය බොහෝ විට බහුතරයක් සතුව ඇති පොදු එක ම සිතුවමක් වෙන්නට පුළුවන්. මේ මනෝ චිත්‍රය කවදාවත් දැකපු දෙයක් නෙවෙයි. සමහරවිට නැවත ගොඩනැගිය හැකි දෙයක් කියලාවත් විශ්වාසයක් නැති දෙයක්. ඒත් අපිට දැනට තියෙන හැමදේම නවත්තලා ඒ වෙනුවෙන් සටන් වදින්නට, එකිනෙකාට බැණ ගන්නට සහ එය අපෙන් උදුරා ගත්තා කියා ඕනෑම කෙනෙක්ට ඇඟිල්ල දිගු කර කියන්නට අපි පසුබට වෙන්නේත් නැහැ. අපි ඒ තරම් ඊට ආදරය කරනවා. Continue reading “අපේකම සුළඟේ ගසාගෙන ගියාවත් ද?”

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් නෙවෙයි පාඩම් කරන්න

වෙසක් කාලෙට දන්සල් තියෙනවා. ආයෙ අහන්නත් දෙයක්යැ? පන්සලක් කාලා දන්සලක් වැඳගෙන එන අපිට කියන්න එනවා මෙතන දන්සල් තියෙනවා කියලා. 😛 පොඩ්ඩක් හිටුකො. ඒ අතරෙ වෙළඳසැල් හිමියෙක් වෙසක් කියලා තමන්ගෙ කෑම කඩේ වහන්නේ නැතුව එදාටත් ඇරලා තියනවා. ඔබ මේ දෙකෙන් යන්නෙ මොකකට ද? ඔය වෙළඬෂැල් ඉමියාත් ඩන්ෂැලට යයි නේද මාතියා. උගෙන් වැඩක් නෑ යුෂ්මතා යන එක අහන්නෙ. මම යුෂ්මතා නෙවෙයි මුස්තපා ඩෝ Continue reading “නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් නෙවෙයි පාඩම් කරන්න”

සිංහයන් වඳ කරනු [කෙටි කථාව]

බලන්නටවත් බැරි තරම් දීප්තියකින් යුත් සිරුරකින් යුතු හෙතෙම පෘෂ්ඨිමත් කයෙකින් හා විවිධ සළුපිළියෙන් සැරසී සිටියෙකි. බාහුවල රන් පැහැයටත් වඩා අග්‍රගණ්‍ය පැහැයකින් දිලිසෙන ආභරණ, ගෙලවට මිහිපිට නොදුටු විවිධ මාණික්‍යාදියෙන් සරසන ලද නම නොදන්නා මාලයක්, හිස වටා රසදිය පැහැ ජටාවක් බැඳ සිටි හේ කොළ පැහැති යමෙක නිල් පැහැයෙන් තිත් තබමින් සිටියා. සාමාන්‍ය රෙදි හැඩ වැඩ දමන්නෙකුටත් දින කිහිපයක් යන මේ කර්තව්‍යය ඔහු විනාඩි කිහිපයකින් කළේ පුදුම කඩිසර කමෙකිනි. ඔහුගේ සුසුමෙහි ගොඩ වරුවක් සිට දියට දැමූ මාළුවෙකු මෙන් සතුටක් දකින්නට ලැබුණා. ඇතැම්විට, ඔහු හොඳින් දන්නා දේ කරන්නට ලැබුණු අවස්ථාව නිසා උපන්නක් වෙන්නට පුළුවන්. ඒත් ඒ දෑතෙහි හදිසි බවක් ද තිබුණා.

Continue reading “සිංහයන් වඳ කරනු [කෙටි කථාව]”

අපේ රට මේ යන විධිය හරි නැහැ

ලංකාව චූටියි, තුන්වෙනි ලෝකෙ නොදියුණු රටක්, සිංහල ගණන් ගන්නෙ නෑ, රුපියල බාල්දුයි… ඔන්න ඕවානෙ අපේ හිත්වල තියෙන්නෙ සහ සාමාන්‍ය සමාජය දිහා බැලුවාම දකින්න ලැබෙන්නෙ. ලංකාවෙ අපිම අපිට ඔහොම කියා ගන්නවා නම් ලෝකෙ මිනිස්සු ගැන කවර කථා ද? ඒත් අපිට තාමත් ගොඩ එන්න පුළුවන්!

“පිස්සුද බං? Continue reading “අපේ රට මේ යන විධිය හරි නැහැ”

පිටත සිට බැලීම

යමෙක් යමක් කරන්නේ තමාගේ මතයෙහි පිහිටා ය. කරන දේ හැමවිටම වෙනස් කරන ලද චිත්තයකින් යුතුවමුත් තමා විසින් ම කරනු ලබයි. එමනිසා තමා කරන දේහි වැරැද්දක්, කරන මොහොතේ කිසිසේත් පෙනෙන්නේ නැත. ඒ මොහොතේ එලෙස පෙනුනොත් එය නොකරන ලද ක්‍රියාවෙකි. තමන්ගේ වැරදි තමාට නොපෙනෙන්නේ යැයි කීම ජනවහරේ ද එන කියුමකි. අනුන්ගේ දේවල් නැතිව තමන්ගෙ වැඩක් බලා ගන්නැයි කීම ද එහි ව්‍යුත්පන්නයකි. මුහුණේ වැරදි කැඩපතින් පෙනෙනමුත් සිතේ වැරදි ඉන් පිළිඹිබු වන්නේ ආවේගයෙන් එහි බැලූමුත් පමණෙකි. ආවේගයෙන් කැඩපත දෙස බලන්නේ අතට හසුවූ කැඩපතක් බිම හෙලීමෙන් සුණු වූ කැඩපතම පමණි. Continue reading “පිටත සිට බැලීම”

සොයන්නාට සම්භ නොවේ

අප හැමට නොලැබුණු යමක් වෙයි. මෙලොව එළිය දුටු දා සිට සොයන දේ වෙනස් වුවත් තවමත් අප කිසිවක් සොයමින් සිටියි. ඒ දේ ලැබුණොත් සියල්ලම කෙළවර වන බව සිතයි. එහෙයින් එය ලබාගන්නට ඕනෑ දෙයක් කරයි, එසේ වෙත්දැයි කල්තියා දැනගන්නට ඕනෑ දෙයක් කරයි. ඉන් වෙහෙසෙන ඇතැමෙක් වෙනත් දේකට පෙළඹෙද්දී අනිකුන් ඉන් මඳ වෙලාවක් ආත්ම වංචනයෙන් හතිලයි. වෙන දේකට පෙළඹෙන්නා පරාජිතයෙකු හෝ අසාර්ථකයෙකුයැයි ද අනෙකා නොනවතින්නා අප්‍රතිහත ධෛර්යයෙන් ද යුතුයැයි බලා සිටින්නෝ කියත්. එහෙත් සෙවූ දේ ලැබුණාදැයි තම තමන්ගෙන් අසා දැන ගත යුත්තකි. Continue reading “සොයන්නාට සම්භ නොවේ”

මගේ හිතෙත්.. දොඩවන එකෙක් ඉන්නවා

මාර්තුකාව අනුව මොන පාට වෑන් එකක් එයිද කියන්න දන්නෑ, ඒත් මේක ඡන්ද සීන් එකක් නෙවෙයි. කොහොමහරි ඉතින්.. “කාලෙකින් බ්ලොගක් දැම්මෙ නෑ නේද?” කියලා එකෙක් ඇහුවාමයි මම බැලුවෙ මේ මොකාද කියලා. ඒකා ඇවිත් අමුතු ජාතියෙ එකෙක්. මගේ ඔළුව ඇතුලෙ ඉඳන් අරක මේක කරන්න කියලා කියනවා. හොඳයි ඔබට නැද්ද එහෙම මිතුරෙක්? වෙලාවකට නම් මහ වධයක්. මෑන්ස්ව හොයා ගත්තාම ඉතිං ගූගල් දෙයියන්ට බාර වෙන්නත් එපැයි. එතකොටයි දැක්කෙ තව කන්නලව්කාරයො ඉන්නවා කියලා. ඒ හින්දා ඌ කියන්න වගේ බ්ලොගක් දාන ගමන් ඒකා ගැනම ලියන්න හිතුවා. Continue reading “මගේ හිතෙත්.. දොඩවන එකෙක් ඉන්නවා”