Categories
Short Stories

දැනමුත්තා අවුරුදු වැස්සේ ගෙදර ආ හැටි

Image courtesy: osiowy.pl

හොඳට ගිනි ගහන මද්දහන මැද්දට මිනිස්සුන්ට රෙදි ටිකවත් වේලගන්න බැරි වෙන්න හතර වටෙන් කළු කරගෙන ආවේ හරියට බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් පාටියක් දෙන්න බලාගෙන ඉන්න යාළුවො ටිකක් වගේ. ආ! මේ ලංකාවෙ අපේ ගංවල කොහෙද ඒවා. අපේ අම්මණ්ඩි ඉස්සර කියන්නට වගේ මැරෙන්න ගියාම වතුර ටිකක්වත් දෙන්න නැති කෙනෙක් නොඉද්දි අපිට මොන සැරපයිස්ද. අනික මේ කළු කරගෙන ආවේ කොහොමටත් යාළුකමකට නම් නෙවෙයි. ගෙදරට තා වැඩි දුරක් නැති වුණත් කළුවර වෙන අස්සෙ ගොරවන්නත් පටන් ගත්තෙ දෙයියො ඊයෙ රෑ කොත්තුවක් වත් කාලා වගෙයි.

Categories
Short Stories

ගොඩයාගේ මඟුල් ගෙවල්වල යෑම

මේ මහ ගිරීස්මේ අත් දිග ෂර්ට් එකේ අත් වලයි උඩට ම යනකම්ම බොත්තං දාලා හොඳ හැටි හිර කරලා ටයි පොල්ලකුත් දාලා තද කරලා ෂර්ට් එක බාච්චු කලිසමට යට කරලා බෙල්ට් එකක් දාලා ඒකෙන් ඉණත් හිරකරලා කකුල් දෙකට හිර මේස් දෙකකුයි සපත්තු දෙකයි දාලා ෆුල් සීල් පිට ලේන්සුවෙන් දාඩිය පිහිද පිහිද දෙයියනේ කියලා මහ පතරංග හෝටලේකට වැදුණා. ඒක අස්සේ මහා ලොකුවට පිට පලාපු ආච්චිගෙ හැට්ටයක් ඇඳ ගත්ත මනමාල ගෑණි කෝ්ට් බෑයකිනුත් වහගත්ත මනමාල මිනිහාගේ එක අතකින් එල්ලිලා අනිත් අතින් ගට්ස් එන්න තරම් බර රතු මල් බොකේ එකකුත් රුවාගෙන දොරකොඩ බලාගෙන ඉන්නවා. එතන උන් දෙන්නායි ඊට පස්සෙන් ඉන්න නෑදෑයො රොත්ත බුරුත්තයි රස්තියාදු කර කර උඩරට පන්නෙට ඇඳගත්ත වෙස් නැට්ටුවො දෙන්නෙක් කවි කිය කියා බෙර පදේට අඩි පොළොවෙ ගහනවා.

Categories
Short Stories Something to think

සිංහයන් වඳ කරනු [කෙටි කථාව]

බලන්නටවත් බැරි තරම් දීප්තියකින් යුත් සිරුරකින් යුතු හෙතෙම පෘෂ්ඨිමත් කයෙකින් හා විවිධ සළුපිළියෙන් සැරසී සිටියෙකි. බාහුවල රන් පැහැයටත් වඩා අග්‍රගණ්‍ය පැහැයකින් දිලිසෙන ආභරණ, ගෙලවට මිහිපිට නොදුටු විවිධ මාණික්‍යාදියෙන් සරසන ලද නම නොදන්නා මාලයක්, හිස වටා රසදිය පැහැ ජටාවක් බැඳ සිටි හේ කොළ පැහැති යමෙක නිල් පැහැයෙන් තිත් තබමින් සිටියා. සාමාන්‍ය රෙදි හැඩ වැඩ දමන්නෙකුටත් දින කිහිපයක් යන මේ කර්තව්‍යය ඔහු විනාඩි කිහිපයකින් කළේ පුදුම කඩිසර කමෙකිනි. ඔහුගේ සුසුමෙහි ගොඩ වරුවක් සිට දියට දැමූ මාළුවෙකු මෙන් සතුටක් දකින්නට ලැබුණා. ඇතැම්විට, ඔහු හොඳින් දන්නා දේ කරන්නට ලැබුණු අවස්ථාව නිසා උපන්නක් වෙන්නට පුළුවන්. ඒත් ඒ දෑතෙහි හදිසි බවක් ද තිබුණා.

Categories
Short Stories

තාප්පය [කෙටි කථාව]

කෙතරම් වේලාවක් හිස මේසයට ඔබාගෙන සිටියාදැයි මට කල්පනාවක් නැත. පියන්ගේ හඬට එකවර හිස එසවීම නිසා බමන ගතියක් දැනුණු නමුදු එය නොපෙන්වා මම පුටු ඇන්දට හේත්තු වුණෙමි.

මහත්තයා, මේක ඉක්මණට අත්සන් කරගෙන එන්න කියලා ලොකු මහත්තයා කිව්වා.”

සති ගණනකට කළයුතු වැඩ මගේ මේසය මත ගොඩ ගැසී ඇත. ‘යනකොටසට වඩා එනකොටසෙහි දෙබැම උඩයනතෙක් ලිපි ගොනු පිරී තිබේ. මේ එකක් ගෙන අහවර කළ යුතුයැයි අතට ගත් හැම වරෙහිම ගොනුව තුළ දකින කිසියම් වදනක් හමුවේ දිව යන සිත මෙලොවට නැවත ඇදගන්නේ මඳ වේලාවකින් නැවත එය එතන තැබෙන්නෙට අත එසැවෙන විටය. මහතැන හදිසි කටයුත්තක් වෙනකෙකු ලවා කොට කාර්යාල පද්ධතියේ නාමයෙන් මගේ අනුදැනුම ඊට අවශ්‍ය නිසා මවෙත එවන නමුදු වචනයකින් හෝ මට දොසක් නොකීම සිතට සහනයෙකි.