Site icon Thambaru's Blog

සාර්ථක මිනිසා

යොමු කොට මුව
හකුලා බිමට
කිසිලි ගන්වා
කිලෝ පොත් ගොඩ
කඩිසරෙන්…

වරුවක් සිතා
රැළිකර දෙබැම
වදනක් පවසා
සකසයි උපැස

නමට පෙර
බෝ වැනුම් ඇති
නමට පසු
බෝ අකුරු ඇති
තනිකඩ අසරණයා!

Exit mobile version