නිම් නොපෙනෙන
සියොත් අරාලූ අඹර
කුරුව කළුව වසාලූ
මේකුළුවේ රිදිය
දුරක් නොපෙනෙන
වාලුක මා බිම්තෙර
අව් රුදු පිපාස
කතරේ කෙම්බිම
ගණන නොපෙනෙන
සිත්බඳ රත් රෝස
දෘඪව තියුණුව ඉපිලුණු
කටු නටුවේ මල
තෙරක් නොපෙනෙ
රුසිරි හඳ අදර
තලා පොඩිව සුන්කළ
ඔහුගේ ඔබ
තේරෙනවනෙ, කෙටියෙන් (කතාවෙ මෙහෙම නොවුණට) Beauty and the Beast කියන්න පුළුවන් නේද? 😉 ඒත් බාහිර සමාජය මොනවා කිව්වත් එතනත් බැහැර කරන්නට බැරි හොඳ ප්‍රේමයක් තියෙනවා කියලා, ලියලා ඉවර වුණාම මට හිතුණා. එතකොට යක්කු වගේ උන් පස්සෙම මැරීගෙන යන්නෙ ඇයි කියන ප්‍රශ්ණෙට උත්තරයක් ලැබුණා. කොහොමනමුත් පටන් ගත්ත මාතෘකාවටත් වහාම වෙන එකක් ලියන්න ට්‍රයි එකක් දාන්න ඕන.