කතාවක් තියෙනවානෙ, ප්‍රබන්ධකාරයෙක්ගෙන් ඇත්ත ජීවිතේ ගැන ප්‍රබන්ධ තුළින් දකින්නට උත්සාහ කරන එක වැහි වතුරෙන් මුහුදෙ රස හොයනවා වගේ කියලා. අහලා නැත්නම් ඔන්න මම තමයි ඒක කිව්වෙ හරිය 😀
1.
මේ පළවෙනි එක ලිව්වේ “මේ ප්‍රේමය ශෝකයෙන් මිස අන් කවර අයුරකින් කෙලවර විය හැකිද” කියලා මළගිය ඇත්තෝ කෘතියෙන් ගත්තු උපුටාගැනීමක් දාපු ට්වීට් එකක් දැකලා.
හැරයමි
අකමැති නිසා
හැරයන්ට ප්‍රේමය..
කසාදය නම්
ශෝකයෙන්.ප්‍රේමිය
අපි නොමියන
පෙම්වතුන් ම සේ
සිටිනු මිස
වස බොනු කුමට? https://t.co/xR8sqbBAOD— Calculus Wijesekara (@thambaru) July 15, 2016
කවියත් ලියලා තේරුමත් ලියන්න වෙන එක නම් කාලකණ්ණිකමක් තමයි. ඒත් කොහොමහරි මේකෙන් කියවෙන්නේ කසාදය කියන දුර්ගයට යොමු නොවී “ප්‍රේමය” කියන ෆැන්ටසියේ ඉන්නට කැමති බවයි. මළගිය ඇත්තෝ එකේ කතාව ම වගේ තමයි.
2.
ඊළඟ එක නම් බොහෝ දෙනෙක් සැකයෙන් බලපු කවියක්. සමහරවිට හරියට නොතේරුණු හින්දා වෙන්න ඇති. නොතේරෙන්න ලියපු වරදේ වගකීම මම බාරගන්න ඕන.
හෙළයෙක් වුවත්
නොනිසි නම් පාගනු
දෙමළෙක් වුවත්
නිසි නම් වඳිනු
නොනිසිමුත් පෑගුවොත්
උඹ ජාතිවාදියෙක්#SinhalaPoems— Calculus Wijesekara (@thambaru) July 12, 2016
ඒකෙන් කියැවෙන්නේ සාධාරණය ගැන. මේ වගේ නන්දා මාලිනියගේ සින්දුවකුත් තියෙනවා, නිතර නොඇහෙන පරණ එකක්.
3.
මේ කවිය ලියැවුණේ හිමිනමක් ස්වීප් ටිකට් එකක් ගන්න පින්තූරයක් දැකලා. ඒකත් අගනා කවියක් එක්කමයි ෂෙනාල් දාලා තිබුණෙ. දෙකම බලන්නකො:
කෝටි දෙකයි සඳුදා අද ජයමල්ල..
සාදුටත් කරන්නට බෑ හිත මෙල්ල..
හීන දකිනවා දිනුමේ හසරැල්ල..
හාමුදුරුවනේ ඔය නං වැනසිල්ල.. pic.twitter.com/8AFNeiEzhT— Shenal Gunasekera (@ShenalG) July 11, 2016
මම ලිව්වා ඊට පිළිතුරු නිසඳැසක් හිමිනමගේ මුවාවෙන්.
හැර ආමි ගිහිගෙය
නැති නිසා ආසාව කිසිවකට
අබුද්දස්සයේ තිත්තයෙන්
පොඩි නමට පොත් ගන්ට
විහාරය සකසන්න
නැහැ වුවමනා කාටවත් https://t.co/1KllOKuUcB— Calculus Wijesekara (@thambaru) July 11, 2016
4.
හොඳ එළිවැට වචන කීපයක් දවසක් හිතට ආවා, ඒ ටික මෙහෙම ගොනු කළා:
නැතිකොට කුද්ධ
කැරැ සිත් ශුද්ධ
අව කොට යුද්ධ
යමු මඟ බුද්ධ#SinhalaPoems— Calculus Wijesekara (@thambaru) July 2, 2016
5.
යමක් කරනවාට වඩා, වෙන කෙනෙක් ඒ දෙය කරන හැටි – විඳින හැටි බලාගෙන ඉන්න එක රසවත්.
ගියෙමි
නිදහස් කරගන්නට හිත
වෙරළට
හාත්පස නිදහස නැත
උන්ට
මට වඩා#SinhalaPoems— Calculus Wijesekara (@thambaru) April 23, 2016
6.
අහසින් කඩාවැටෙනවාට හැමෝම කැමතියි. ඒත් තමන් බිමට කඩාවැටෙනවාට කවුරුත් කැමති නැහැ.
කඩාවැටීම
අහසින් නම් හොඳ
බිමට නම් නරක
එකෙකුට හැමවිටම හොඳ
එකෙකුට හැමවිටම නරක
තවත් එක් කඩාවැටීමක්.#SinhalaPoems— Calculus Wijesekara (@thambaru) December 24, 2014
7.
මේක පසුගිය ඡන්ද කාලේ මනාප පොරය දැකලා ලියපු එකක්.
පොරකන සැටි දැක
ආසනයකට
මා හද උණුව, දියැව
අරන් දෙන්නට සිතුවා
හැම පළාත් සභාවට ම
පුටු සැටි කිහිපයක් ම!#CalKavi #SinhalaPoems— Calculus Wijesekara (@thambaru) September 21, 2014
ෆේස්බුක් හෝ ට්විටරයේ කවි, නිසඳැස් ලියන උදවිය #SinhalaPoems කියලා දාලා ලියනවා නම් ඒවා ඒ ඒ වෙබ් අඩවිවල එක්තැන් වෙන නිසා ඕන කෙනෙකුට පහසුවෙන් බලාගන්න පුළුවන් වේවි.