පාටිවලදී කනස්සල්ලෙන්
කටවහරේදි පොත් ගුල්ලා හෝ nerdලා විධියට අපි කියන අයත් බොහෝ දුරට මේ ආකාරයේ තමයි. අනෙක් අය මිතුරන් දුවපැන සෙල්ලම් කිරීමෙන්, ප්‍රිය සම්භාෂණයන්ට එක්වීමෙන් මොළයේ ඩෝපමීන් ප්‍රමාණය වැඩි කරගෙන ප්‍රීතියක් ලැබුවත් තමාට ආලය කරන්නන්ගේ ක්‍රියාත්මක වන්නේ එහි අනෙක් පසට යි. ඔවුන් ප්‍රිය සම්භාෂණයකට ගොස් මිනිස්සු ආශ්‍රය කරන්නට ගැනීමේදී ඩෝපමීන් වැඩිව යනවිට ඉන් ඉවත්ව යාමට, කනස්සලු ස්වභාවයකට මුහුණ දීමට සහ තෙහෙට්ටු ගතියක් දක්වනවා. කෙතරම් මිනිස්සු අවට සිටියත් තමා තනිව ඇතැයි සිතනවා. මෙය ඇත්තෙන් ම “තත්වයක්” නෙවෙයි, මනෝ භාවයක්. බහුතරය extrovertලා (බහිර්වර්තිකයන්) නිසා මේ මනෝ භාවය ටිකක් විශේෂයෙන් කතාබහ කෙරෙනවා. ඒත් ඒක පිස්සුවක්වත් අමුතු දෙයක්වත් නොවෙයි, සාමාන්‍ය දෙයක්. හරියට සුදු හමයි කළු හමයි වගේ.
ප්‍රතිචාර කාලය අඩුයි
කුඩා කාලයේ සිට ම මෙම ගති පැවතුම් දක්වන්නන් මෙන් ම සමාජ ආශ්‍රයට පුරුදුව ඉඳලා ඉන් ලැබුණු කටුක අත්දැකීම් නිසා මෙයට පෙළඹුණු අයත් ඉන්නවා. තමාව ම ටිකෙන් ටික නසාගන්නා දුම්පානය හෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමකට වඩා මෙම තම අභ්‍යන්තරය සමඟ සුවදායී කාලයක් ගත කිරීම එක අතකට හොඳයි. ඒත් ප්‍රශ්ණයක් ඇහුවාම (උත්තේජනයක් ආවිට) එයට ප්‍රතිචාර දක්වන්නට ගතවන කාලය මෙහිදී ඉහළ යනවා. මන්ද ඔවුන් උත්තේජය තීරණය කිරීමට ප්‍රථම දීර්ඝ කාලීන මතකය සහ දීර්ඝ තර්කන ක්‍රියාවලියකට යටත් වෙනවා. ( – Marti Olsen Laney විසින් රචිත The Introvert Advantage කෘතිය අනුව) මේ නිසා පිළිතුර බලාපොරොත්තුවෙන් සිටින කෙනාට මඳක් වැඩි කාලයක් බලාගෙන ඉන්නට සිදුවෙනවා. එසේ ම මොවුන්ගේ අදහස් ගලා ඒමේ ප්‍රමාණය ද වක්කඩ කැඩුවා වගේ නිසා ඒ සේරම මුවගට ඒමේදී ගොත ගතියක් වැනි සියළු අදහස් එකවිට කියා ගැනීමට අපහසුතාවයක් ඇති වෙනවා. කුඩා කළ පටන් මෙය තිබෙන බව ඇතැම්විට කථා කිරීමට පටන් ගන්නා කාලය මඳක් ඉක්ම යාමෙන් හඳුනාගන්නත් පුළුවන්.
ප්‍රතිචාර දක්වන ප්‍රමාණය අඩුයි
බහුතරය, extrovertsලා පුදුම කිරීමකට ලක්කිරීමකදී හෝ අනතුරකට මුහුණ දීමේදී විශාල ප්‍රතිචාරයක් දැක්වූවත් අන්තර්වර්තිකයන් එලෙස කරන්නේ නැහැ. ඔවුන් ඉතා නිවුනු ආකාරයෙන්, එවැන්නක් සිදු වූවා ද කියාවත් නොදැනුනාක් මෙන් සිටිනවා. ඒ වගේ ම සිත් රිදවීම්වලට, පරාජයන්ට වැඩි සේ මුහුණ දීමට සිදුවීමෙන් ගල්වූ සිත් ද මේ ආකාරයට කටයුතු කරනු දකින්නට ලැබෙනවා. තමාට ලැබී නැතිවූ හැමදේම නිසා ඇතිවූ පෙර පීඩනය නිසා දැන් ලැබෙන දේවල්වල වැදගත් බවක් නැතිව යාමෙන් හෝ එය ද නැතිව යතැයි යන බියෙන් සතුට විඳින්නේ නැතිව එය ගිලගන්නා ආකාරයකුත් මෙහිදී දකින්නට ලැබෙනවා. කොහොමනමුත්, ඒ අවස්ථාව විඳිනවා වෙනුවට ඔවුන්ට තම අභ්‍යන්තරය සමඟ ඒ පිළිබඳව කථා කරන්නට දේවල් බොහොමයක් කතාබහ කරන්නට තිබෙනවා.
විනෝද වන්නේ හුදෙකලාවෙන්
නිතර වැඩ කිරීමෙන් සිතට ගතට සුවයක්, විවේකයක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය දෙයක්. ඒ සඳහා මිතුරන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදීමෙන් හෝ විනෝදාංශයක යෙදීම බහුතරයෙන් දැකිය හැකි දෙයක්. නමුත් තමාට ම පෙම් බඳින්නන් මුද්දර එකතු කිරීමට, පරිගණකය ඉදිරියේ ෆේස්බුක් වෙනුවට යූටියුබ් හෝ ලිපි කියවමින් වැඩි කාලයක් ගත කරන්නට, පොත් කියවන්නට වැනි තනිව කළ හැකි දෑට යොමුවීමෙන් සතුටට පත් වෙනවා. එමඟින් තමාට වඩාත් ශක්තියක් ලැබුණු බවයි ඔවුන්ට දැනෙන්නේ.
ඔබටත් මෙවන් ගති පැවතුම් තිබෙනවාද? මොකද, extrovertලා තුළ වුවත් introvert කෙනෙක් ඉන්නට පුළුවන්.
ඡායාරූපය http://cdn.tinybuddha.com වෙතිනි