Categories
Psychology

දවස සාර්ථක කරගන්න ප්‍රායෝගික ක්‍රම 5ක්

අපිට උදේට රේඩියෝ එක දැම්මාම එකේක කටහඬවල් වලින් අද අහවල් ග්‍රහ පිහිටීම නිසා අරක වෙනවාය, මේක වෙනවාය කියලා අපිව පහතට හෙලන්න ගොඩක් දෙනෙක් බලාගෙන හිටියත් අහසේ තියෙන ග්‍රහලෝක වලට එහෙම්ම ඉන්න කියලා (ඒපාර ඒවායේ පරිභ්‍රමණයත් නවතීවිද දන්නෑ) අපි අපේ පාඩුවේ අපේ වැඩ ටික හරියට කරගන්නට ඕනේ. මෙන්න මේකට උදව් වෙන ප්‍රැක්ටිකල් ක්‍රම 7ක් තමයි මේ:

Categories
Psychology

පරාජය ජයග්‍රහණයක් කරගන්නේ මෙහෙමයි

ඡායාරූපය yourbestmoment.com වෙතිනි

ජීවිතේ අපි කරන හැමදේම සාර්ථක වෙන්නේ නැහැ. ලොකු ලොකු දේවල් විතරක් නෙවෙයි, ඔබ හාපුරා කියලා ඡායාරූපකරණයට බැහැලා අරගෙන ෆේස්බුක් පළ කරපු ඡායාරූපයකට හිතපු තරම් ප්‍රතිචාර නොලැබුණු අවස්ථාවක්, වීඩියෝ එකක්, වෙබ් අඩවියක්, ඇප් එකක් හදලා ඒක එළියට දැම්මාට හිතේ තිබුණු හීනවලට ලං වෙන්න තරම් ඒක සාර්ථකත්වයට පත් නොවුණු දෙයක් වුණත් වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ දහසක් පැතුම් හිතේ තියාගෙන යවපු ලව් මැසේජ් එකට ආවේ ජීවිතේට නොහිතපු විධියේ ඍණාත්මක පිළිතුරක් වෙන්නට පුළුවන්. ඒ වෙලාවට බලාපොරොත්තු කඩ වෙලා අනෙක් අයගේ විවිධ කථා වලින් ලැජ්ජාවට පත් වෙලා මේක නරක කාලයක් කියලා අයින් ගහනවා වෙනුවට ඒක සාර්ථකත්වයට හරවා ගන්නා හැටියි අද අපි කතා කරන්නේ.

Categories
Buddhism Psychology

හිතේ අමාරු වලින් ඇතිවන විෂාදයෙන් මිදෙන හැටි

Image courtesy: thedolphinlmc.com

යමක් හෝ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ, හරියන්නේ නැහැ කියලා ඇතිවෙන හැඟීමත් එක්ක කල් යාමේදී විෂාදය (depression) හටගන්නවා. ඒ සිංහල වචනයේ තියෙනවා වගේ ම ඒක හරිම විෂක්. ඊට වැඩි කාලයක් ලක්වීමෙන් බඩ පපුව දැවිල්ල සහ ගැස්ට්‍රයිටීස් දක්වාම දිවෙන්නට පුළුවන්. මේ පිළිබඳව මනෝ විද්‍යාත්මකව වෙනත් ලිපියකින් පැහැදිලි කළ නිසා ඒ සඳහා ධර්මය හරහා පැහැදිලි කිරීමක් ලබා ගන්නටයි මේ ලැහැස්තිය.

Categories
Psychology

කොච්චර කළත් ඉතිරි වන්නේ අවසාන දේ පමණයි

අපිට එදිනෙදා බොහෝ දේවල් අන් අය වෙනුවෙන් කරන්නට සිදු වෙනවා. රැකියාව හරහා සේවා සැපයීම, ආදරණීයයන්ට සැලකීම, යහළුවන්ට උදව් කිරීම ආදී වශයෙන් අන් අය හා මුහු වෙමින් විවිධ දේ ඔවුන් වෙනුවෙන් කරනවා. ඒත් ඔබ කොච්චර කළත් එක වගේ ද? ඒකට හේතුව අවසානයට කළ දේ පමණක් සිත් වල ඉතිරි වීමයි. කේක් කෑලි කාගෙන කාගෙන ගිහින් අවසානයේ කරවිල කෑල්ලක් කාලා බලන්න ඔබට මතක හිටින්නේ කේක් කෑල්ලේ රස ද නැත්නම් කරවිල කෑල්ලේ රස ද කියලා. ඊළඟ කෑල්ල තවත් රසවත්! අපි ඒ ගැන මේ ලිපියෙන් සොයා බලමු.

Categories
Psychology

අපිව පහතට හෙලන අපේ ම මෝඩ ලොජික් 4ක්

වැඩක් කරන්න ගියාම ඒක අපි හිතපු විධියට ම කවදාවත් කෙරෙන්නේ නැහැ. එහෙම වුණා නම් ඒ පොඩි කාලෙදි හීනෙන් washroom එකක් පෙනුණු වෙලාවක ම තමයි. 😉 ඉතින් මෙහෙම අපි ප්ලෑන් කරන විධියට දේවල් සිද්ධ නොවෙන කොට අපි ඒක සාධාරණීකරණය කරන්න විවිධ ලොජික් ගේනවා. හැබැයි ඒ ඉදිරියට යන විධියට නෙවෙයි, සේරම අතෑරලා දාලා “අනේ මං කරන ඒවා හරියන්නේ නෑ” කියලා අවුල් ගහලා අපිවම පසුපසට ඇදගන්නා විධියට යි. මෙවන් අවස්ථාවකදී අපිට වෙන කෙනෙක්ගෙන් හෝ අපේම හිතෙන් අහන්න ලැබෙන දේවල් කිහිපයක් ගැන මේ ලිපියෙන් බලමු.

Categories
Psychology

ඔබ සමාජ ආශ්‍ර‍යට අකමැති කෙනෙක්දැයි හඳුනාගන්නේ මෙහෙමයි

ඔබ වැඩිය සමාජ ආශ්‍ර‍යට අකමැති කෙනෙක් නම් හෝ එවන් යහළුවන් දන්නවා නම් ඒ පිළිබඳ තේරුම් ගැනීම ඉතා වැදගත්. යහපත් සමාජයක් ගොඩ නැගීමේදී සමාජයේ තිබෙන විවිධ ආකාරයන් පිළිබඳව අපිට හඳුනාගැනීමට සිදුවෙනවා. ඕනෑම කෙනෙක් සමඟ ඉතා සුහදව සිටීමට එය උපකාරී වන අතර අන්‍යෝන්‍ය අවබෝධය හරහා දෙපාර්ශවයට ම ඉන් විශාල සහයෝගීතාවක් ඉන් ගොඩනගාගන්නට හැකිවෙනවා. Introvert හෙවත් අන්තර්වර්තික ගති ලක්ෂණ හඳුනාගැනීමටයි මේ සූදානම. බලන්න ඔබටත් මේ වගේ දේවල් තිබෙනවාද කියලා?

Categories
Psychology

ඔබේ ජීවිතය අසාර්ථකද?

මගේ ජීවිතය මහා අසාර්ථක එකක්. කරන කිසිම දෙයක් හරියන්නේ නැහැ කියා ඔබට ඕනෑතරම් සිතී ඇති. අනෙක් අයට සංසන්දනය කරමින් අහවලා සාර්ථක පුද්ගලයෙක්, මෙයා අසාර්ථක පුද්ගලයෙක් ආදී වශයෙන් වර්ගීකරණය කරන්නත් සමාජයේ බොහෝ දෙනෙක් මිනුම් දඬු අතේ පුරවාගෙනයි ඉන්නේ. ඒත් ඇත්තටම සාර්ථක පුද්ගලයෙක් වෙන්නේ කොහොමද? සාමාන්‍ය සමාජ මතය නම්, සල්ලි වැඩිපුර තිබෙන අය සාර්ථක බවයි. ඔව්, මුදල මිනුම් දණ්ඩ කළාම මුදලින් පොහොසත් අය සාර්ථක පුද්ගලයන් ය කියා කියන්නට පුළුවන්. ඒක මනින කෙනාගේ වැඩක්. ඉතින් අපි මේ ලිපියේදී පොදුවේ සාර්ථකත්වයට එළඹීම සඳහා ඔබට කළ හැක්කේ මොනවාද කියලා සොයා බලමු. ඒවා එවිට ඔබට ඔබේ ඉලක්ක සහ මිනුම් දඬු ඕනෑම එකකට යොදාගන්නට හැකිවේවි.

Categories
Psychology

තමාට ම පෙම් බැඳීම

තනිව, සමාජයනේ වෙන්ව නිදහසේ සිටිනා විටෙක හුදෙකලාව සැපතකැයි ඔබට හැඟී ඇත්නම් ඔබත් තමාට ම පෙම් බඳින්නෙක්. යහළුවන් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් යාමෙන් ලැබිය හැකි විනෝදයට වඩා මුහුදේ හඬ වැනි ඒකාකාරී ඝෝෂාවකට හෝ කන් වලින් “කීං” හඬ එනතෙක්වූ නිශ්ශබ්දතාව ඇති පරිසරයක සිට හුදෙකලාවේ සුවයක් ලැබීම එහි හැටියි. බාහිරව හුදෙකලා වුවත් අභ්‍යන්තරය මෙහිදී තොරතෝංචියක් නැතිව දොඩවන්නට පටන් ගන්නවා. මනෝ විද්‍යාත්මකව හඳුනාගෙන ඇති මෙම ආකාරය ඉංග්‍රීසියෙන් Introvert (අන්තර්වර්තිකයා) ලෙස හැඳින්වෙනවා.

Categories
Psychology

නොලැබෙන දෙයක් ගැන ඇතිවන දුකෙන් මිදෙන මඟ

තියෙන දෙයෙහි වැරදි හොයමින් එය මෙහෙම උනා නම් හොඳයි කියා සිතීම බොහෝ දෙනෙක් හරහා සමාජයේ පිළිඹිබු වන දෙයක්. එසේ සිතීම නිසා ඉදිරියට යාම, දියුණු වීම සිදුවෙන එක හොඳ නමුත් බලපෑමක් කර හදාගත නොහැකි ඇතැම් දේවල් ගැන දුක් වෙමින් සිටීම නම් තමාට ම වළක් කපා ගන්නවා වගේ වැඩක්. මොකද, අපිට දේවල් කරගත හැකි සීමාවක් තිබෙනවා. විශේෂයෙන් තෙවන පාර්ශවයක බලපෑම ඇති දේවල් අපට අවශ්‍ය ආකාරයට සකසා ගැනීමට ඇති හැකියාව ඉතා ම අවමයි. ඉතින් මේ වගේ දේවල් වලට මුහුණ දෙන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් බලමු.

You cannot copy content of this page