Categories
Psychology

දවස සාර්ථක කරගන්න ප්‍රායෝගික ක්‍රම 5ක්

අපිට උදේට රේඩියෝ එක දැම්මාම එකේක කටහඬවල් වලින් අද අහවල් ග්‍රහ පිහිටීම නිසා අරක වෙනවාය, මේක වෙනවාය කියලා අපිව පහතට හෙලන්න ගොඩක් දෙනෙක් බලාගෙන හිටියත් අහසේ තියෙන ග්‍රහලෝක වලට එහෙම්ම ඉන්න කියලා (ඒපාර ඒවායේ පරිභ්‍රමණයත් නවතීවිද දන්නෑ) අපි අපේ පාඩුවේ අපේ වැඩ ටික හරියට කරගන්නට ඕනේ. මෙන්න මේකට උදව් වෙන ප්‍රැක්ටිකල් ක්‍රම 7ක් තමයි මේ:

1. උදේ නැගිට්ටාම ඇක්ටිව් මයින්ඩ්ස් එකක් හදාගන්න

Advertisement

උදේ නැගිටින එක තරම් එපා කරපු දෙයක් නැති බව හැබෑව. ඒත් ඉතින් නැගිටින්නේ 9ට වුණත් කමක් නෑ හොඳ හුස්මක් අරගෙන වතුර වීදුරුවක් හෝ තේ එක බීලා දවසේ කරන්න තිබෙන දේවල් ගැන සැලසුමක් හිතෙන්ම හදාගන්න හෝ කොළයක ලියලා ප්ලෑන්ස් එක ගහගන්න. ඊට පස්සේ අද මම මේ ටික කොහොමහරි ඉවර කරනවා කියලා අධිෂ්ඨාන කරගන්න.

2. පුංචි දේවල් ගැන වුණත් වගකීමෙන් හිතන්න

ඔයා හදපු ලයිස්තුවේ සමහරවිට කඩේට ගිහින් අම්මාට බඩුටික ගෙනත් දෙන එක වගේ සුළු සුළු දේවල් තියෙන්න පුළුවන්. ඒත් අපි ජීවිතේ ලොකු ලොකු දේවල් කරට ගන්න කලින් මේ පොඩි දේවල් වලට අවධානය යොමු කරලා වගකීමෙන් ඉෂ්ඨ කරොත් තමයි අපිට අනාගතයට හයිය ලැබෙන්නේ. ඒ හින්දා මේක වැඩක් නෑ, ඕවා මොනවාද කියලා පොර ටෝක් දෙන්න ගිහින් වැඩේ අනාගන්නේ නැතුව කරන දේ හරියට කල්පනාවෙන් කරන්න මතක තියාගන්න.

3. නරක වෙලාවල් වලදී විහිළුවෙන් ගත කරන්න

අපි කරන හැම වැඩේම ඉතින් සාර්ථක වෙනවා කියලා කියන්න බැහැනේ. ඒ කිව්වේ කුස්සියට ගිහින් බත් ටික බෙදාගන්න එක සාර්ථක වැඩක් වුණත් කැමති කෙල්ලගෙන් කැමැත්ත ඇහුවාම ඒක හරි නොයන්න පුළුවන්. ගොඩක් වෙලාවට මෙහෙම අසාර්ථක වෙන්නේ අපි කරන දේවල් වලටත් වඩා තෙවන පාර්ශවයක් සම්බන්ධ වෙලා කරන වැඩයි. හරියට කැම්පස් එකේ කණ්ඩායම් ව්‍යාපෘතිවල අපි අපේ ටික හරියට කළත් යාළුවෝ කරන වැඩ නිසා වැඩේ අවුල් යන දේවල් වගේයි.

මෙහෙම වෙලාවල් වලදී ඒක ගැන පසු තැවෙමින් ඉන්නේ නැතිව ඕවා ඔහොම තමයි, ඊළඟ සැරේ හරියටම කරනවා කියලා හිතාගෙන වැරදුණු තැන් හඳුනා ගනිමින් ඒකේ තියෙන අඩුපාඩු අපෙන් දුරු කරගන්නත්, වෙච්ච මෝඩ වැඩේට හිනා වෙලා ඒකට තමන්ටම සමාව දෙන්නත් පුළුවන්. මොකද, දුක හිත හිත හිටියා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ වෙලාවට යූටියුබ්ස් වීඩියෝස් එකක්, කොමඩි ටීවී සීරීස් එකක් එහෙම බලලා ආතල් එකේ ඉඳලා පස්සේ වෙලාවක අලුත් විධියට ප්‍රශ්නය දිහා බලන්න.

4. වර්තමානය ගැන අවධානය යොමු කරන්න

දවස ගත කරද්දී එයින් බාගෙට බාගයක් කරන්නේ අනාගතය ගැන හීන මවන එක හරි, අතීතයේ වෙච්ච දේවල් වලට පසුතැවෙන එක හරි නම් ඒක කාලය කා දැමීමක් විතරයි. මොකද, අතීතය ගෙවිලා ඉවරයි. අනාගතය තවම ඇවිල්ලා නැහැ. ඒත් මේ මොහොතේ අපිට ඕනෑම දෙයක් කරලා අනාගතය වෙනස් කරන්නට පුළුවන් වර්තමානය ලැබිලා තිබෙනවා. ඉතින් ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න බලන්න. එතකොට ඔබේ හීනය වෙච්ච වීර චරිතය බවට පත් වෙන්න කාල යන්ත්‍රයක්වත් ආශ්චර්යයක්වත් ඕන වෙන්නේ නැහැ. මේ මොහොත හරියට ගත කළොත් වැඩේ ගොඩ.

5. ධනාත්මක විධියට හිතන යාළුවෝ ආශ්‍රය කරන්න

අපි ආශ්‍රය කරන අය “අනේ බං ඕක නම් හරියන්නේ නෑ” “පිස්සුද, මං ඕක කරා වැඩක් වුණේ නෑ” ආදී වශයෙන් ජීවිතේ හැම දෙයක් ගැනම නෙගටිව් විධියට කථා කරන යාළුවෝ හෝ ඥාතිවන අය නම් ඔයා එයාලාගේ ආශ්‍රයෙන් ඈත් වෙන තරමට හොඳයි. මොකද, ඕනම දෙයක් කරද්දී අපිට “මේක මට කරන්න අනිවාර්යයෙන් ම පුළුවන්” කියලා ජවය ලබා ගන්නට මේ වගේ දුර්වල සිතුවිලි කණේ රැඳෙනවා නම් ඒ තරම් බාධාවක් තවත් නැහැ.

කවරය: netdna-cdn.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page