Site icon Thambaru's Blog

අප්‍රේල් බුද්ධිමතා

මෝඩයාගේ දිනය, එහෙම නැත්නම් අප්‍රේල් පළවෙනිදා කියන්නෙ කටමැදගෙන ඉන්න දවසක්නෙ. ඕක අපිට ආවෙ සුද්දාට කැලැන්ඩරයක් තෝරගන්න ගියපු එකෙන් බව හැමෝම දන්නවා. ඒකත් ඔය වැලැංටයිං වගේ සමයමක් තමයි. කෝකනමුත් ගෙයින් එළියෙ දොට්ට-පිළට ගිය අපිට ගේ ඇතුලෙම කැත කරගන්න උගන්නපු සුද්දාට මගේ ගෞරවණීය මෙව්වා එක!

සුද්දා වැරදියි කියලා හිතං ඉන්න “අප්‍රේල් වලින් අවුරුද්ද ඇරඹීම” විකාරයක් බව හොඳටම ඔප්පු වෙන්නෙ එක මාසෙට පෝයවල් දෙකක් එනකොට. අවුරුදු හතරකට සැරයක් කැලැන්ඩරේට දවසක් එකතු කරනකොට. එක මාසෙකට 30යි, තා එකකට 31‍යි, තවත්ම එකකට 28යි දානකොට. ඉතින් ස්වභාවධර්මය විසින් දින 30කට වරක් ගානට කරන හඳපෑයීම අනුව චන්ද්‍රමාස ක්‍රමය හදාගත්තු, ඒ අනුව වගා කරමින් පෙරදිග මහා ධාන්‍යාගාරය බවට පත්වූ අපි පට්ටපල් මෝඩයින් බව මම පිලිගනිමි.  🙁
මා මේ කියන්නේ ජීමේල් වර්ජනය කළයුතු බව නොව අපි කවුදැයි අවබෝධ කරගෙන විදේශයන්ට ආවැඩිය යුතුදැයි බුද්ධියෙන් විමසන ලෙස ය. එහෙත් එසේ සිතන්නට සුද්දාට තරම් එයින් එකක් අපට නැත. කලින් පෝස්ට් එකෙන් මම කිව්වනෙ ඡන්දෙ දවසෙ ‘කොළඹ සන්නිය’ බලන්න පැලෑං කොරං හිටියයි කියලා. ඒ ගැනත් වචනයක් කියන්න ඕන. පිටින් බැලුවාම ෆිල්ම් එක චාටර්, අතාත්විකයි, ගොං ජෝක් කියලා කියන්න පුළුවන්. ඕන්නම් හේනක කුඹුරක දාඩිය හලාගෙන රටට බත සපයන පල් මෝඩයෙක්ගෙ අමුඩෙ දැකලා නැති බුද්ධිමතෙක්ට අසභ්‍යයි කියලාත් කියන්න පුළුවන්. හැබැයි ඒකෙ හැම උපහාසයකිනම පෙන්නන්නෙ, පරගැති කමට වහල් උනාම දෑස් අන්ධ වෙන හැටි. ඒකෙ අන්තිමට දූව කසාද බන්දලා දුන්නෙ කාටදැයි දැක්කානෙ? අන්න ඒ මිනිහා තමයි මිනිහා!! 😀 මිනිස්සුන්ගෙ රටාව තීක්ෂණව අවබෝධ කරගෙන ගැටිස්සිව ලබාගත්තා.

බුදුදහම අනුව මෝඩකම පාලියෙන් හැඳින්වෙන්නෙ ‘මෝහය’ කියලනෙ. ඒ කියන්නෙ, විවිධ දෘෂ්ඨීන්වලට යටත් වෙලා (පාට කණ්ණාඩි දාගෙන) සංසාර දුක නොදැක තව තවත් ඇලෙන එක. පටිච්චසමුප්පාදයෙ (චක්‍රයක් වුනත් පහසුවට) මුලින් ම කියැවෙන “අවිද්‍යාව“ ඇතුලෙ තමයි මේ ටික හැංගිලා තියෙන්නෙ. තේරෙනවනෙ, අපි සාමාන්‍යයෙන් බනින “මෝඩකම“ ම නෙවෙයි මෙතන තියෙන්නෙ.

අපි සාමාන්‍යයෙන් රැවටෙන්නෙ ඇයි? තව කෙනෙක් මත තබන විශ්වාසය නිසානෙ. කෙනෙක් තව කෙනෙක්ව ඒක පාවිච්චි කරලා නොමඟ යවන එක බොහොම වැරදියි. එහෙම කළාම විශ්වාසය පළුදු වෙනවා. ඇත්තක් කිව්වත් ටිකක් හිතන්න පෙළඹෙනවා. ඒ හින්දා අද දවසෙදි කරන දේ ගැන කල්පනා කරන්න. මොක උනත් ඇයි ඉතිං, අසන්නා කෙසේ ඇසුවත් කියන්නා සිහිබුද්ධියෙන් රැවටිය යුතුය. 🙂 කොච්චර කේස් උනත් අද දවසේ පොඩි කික් එකකුත් තිබේ නෙ! ඒ හොඳ ම යහළුවෙකුට ගේමක් දී සතුටුවන පහත් මානසිකත්වයකින් නෙවෙයි. හැමෝම තුළ හැංගිලා තියෙන කොළුකමින්. (ගෑණු කට්ටිය තුලත් කොළුකං තිබේ නෙහ් 😉 ) ඒ හින්දා පොඩි ආතල් එකක් ගත්තාට ද කමක් නැත. හැමදාම නිකං මොක්කුද වගේ ඉන්නත් බෑ නෙව.

April Fool එක හැමදාම නග්ගලා ගන්නෙ Google එකෙන් තමා. මේ පාර හැබැයි Web වලට වඩා Android, iPhone වලට තමයි තැන දීලා තියෙන්නෙ. ජපානෙටත් හොඳ හොඳ සීන් ටිකක් දීලා තිබුණා. උදේ Gmail load වෙද්දි Gmail Shelfie කියලා Gmail Themes ගැන ආවම මං හිතුවා උදේ පාන්දරම බඩු හෑව් කියලා. 😀 හැබැයි ඒක ඇත්ත ම සීන් එකක්. ඊට පස්සේ මම මගේ නවත ම Golden iPhone 6 එකෙන් බැලුවා මොනවද තියෙන්නෙ කියලා. Chrome app එකේ “Text to Emoji” මට නම් ආවෙ නෑ. ඊළඟට මං බැලුවෙ Maps. ඕකෙ Search button එක එබූ ගමන් Start කියලා තියෙනවා. මොකද්ද දන්නවයි? Pokemon Game එක! Map එක පුරා ම ඉන්න සත්තුන්ව අල්ලන්නෝන. කොහොමෙයි නේ… සැප කනේ. මුළු ලෝකෙම Scroll කරන්නෝන. වෙලාවට මගේ Data ටිකක් අතිරික්තව තියෙනවා. 😉 මේ තියෙන්නෙ මම ගහපු හැටි:

හරි එහෙනං, කට්ටියට ම සුභ උපන්දිනක් වේවා. මගේ හවස පාටියට එන්ඩ ඈ? මිරිස් හොදියි කේක් කෑල්ලකුයි කන්ට. 🙂

Exit mobile version