Categories
What I see

Odd Sinhala Translations – ඔත්තේ සිංහල පරිවර්තන

සිංහල පරිවර්තන කරද්දී ඇතැම් වගකිවයුතු ආයතන පවා විකාර කරනවා. සමහරවිට ගූග්ල් ට්‍රාන්ස්ලේටර් එකෙන් ගත්තුවාද දන්නේත් නෑ. හැබැයි ඉතින් මේ ටික නම් ඉංග්‍රීසි ඇති හැටියෙන්, ගෙඩිය පිටින්ම පරිවර්තනය කරපු ඒවා. බලන්න ඔබට ඒවා යට හිටගන්න පුළුවන්ද කියලා (See if you can understand them)

Categories
What I see

හාස්‍යජනක මාර්ග සංඥා

මේ දවස්වල කැල්තුමා ඩ්‍රැයිවිං ලැයිසොම ගන්න පාඩම් කරනවා. ඉතින් ඒ අතරේ ඔළුවට ආපු බහුබූත සංඥා අර්ථ දැක්වීම් ටිකක් බ්ලොගේට දාන්න හිතුවා. බලන්න ඔබටත් මෙහෙම හිතිලා තියෙනවාද කියලා?

Categories
What I see

කාලෙට ගැලපෙන්න බුදු දහම මාර්කට් වීම

Image courtesy: Wikipedia

“මල්ලි මම ඕනෑම කුණු ගොඩක් මාර්කට් කරනවා” කියන කාලෙක බුදු දහමත් ඒ එක්ක ම මාර්කට් වෙන එක අපි ගොඩක් දෙනෙක්ට, විශේෂයෙන් සෝෂල් මීඩියා දායක සභාවට උහුලන්න බැරි දෙයක්. ඒ වුණාට කරුණු කාරණා බැලුවා ම ඕක වෙන්නේ අද විතරක් ම නෙවෙයි, ඒ කාලෙත් ඕක ම වෙලා තියෙන බව තමයි පේන්න තියෙන්නේ. කාලෙන් කාලෙට ඉන්න මිනිස්සුන්ගෙ අදහස් වෙනස්. මේ කාලෙ වෙද්දි අධ්‍යාපනය හැම කෙනෙක්ට ම ලැබෙන හින්දා දැනුමත් එක්ක තර්කනය හැම කෙනෙක්ට ම පාහේ ලැබිලා තියෙනවා. මේවත් එක්ක තරුණ පරම්පරාව වයසක උදවියත් එක්ක ගැටෙන වෙලාවල්නුත් අනන්තයි.

Categories
What I see

සයිටම් නොව කෑම ද මුදලට නොදෙව්

ප්‍ර‍මිතියක් නැතිව අපේ වෙළඳපොළේ අහක දැමිය හැකි දෑ බොහෝ ය. විශ්ව විද්‍යාල ආපනශාලාවල කෑම බීම පමණක් නොව එදිනෙදා ගන්නා හැම දේක ම දැන් ඇත්තේ මල ජරාව මිසක් කෑමට හොඳ දෙයක් නොවේ. ඒ අතර ය මේ වෙළඳපොළට සයිටම් එක ආවේ. ඒකට මෙච්චර නහිනවා නම් කුඹුරු ද කොටන්නට සිදු වන තත්වයකි තිබෙන්නේ. සාමාන්‍යයෙන් අප අසා ඇත්තේ ප්‍ර‍ශ්ණයකට විසඳුම එය මඟහැර හෝ පලා යාමෙන් නොවන බව නමුත් පෙනී යන පරිදි අපේ උගතුන් තෝරාගෙන ඇත්තේ හැදිය නොහැකි ළමයෙක්ට මරණ දඬුවම දීමට යන ආකාරයකි.

Categories
What I see

සමනලයින් නැති සමනල සංධ්වනිය

එන හැම සිනමා පටයම සිනමා හලට ගොස් නැරඹීමට තරම් පරිචයක් මා සතුව නැත. ඒ හැරත් මේ චිත්‍රපටය තිරගත වන කාලයේ (2013) නිමාවක් නැති අන්තෝ ජටා විභාගයක මා වල්මත්ව සිටියෙක් මි. ඉදින් ගෙවුණු නව අවුරුදු සැමරුමෙහි අග ඵලයක් ලෙසින් මට සමනල සංධ්වනිය රූපවාහිනියෙන් දකින්නට හැකි වුණේය. එකල වූ සිය දහසක් කට කතාවන්ගෙන් හා විචාරයන්ගෙන් ඔද වැඩී සිටි මා මෙය බලන්නට හිඳ ගත්තේ ලොව සුරූපීම කාන්තාව මා ඉදිරියේ රැඟුම් පාන්නට ආ සෙයිනි. නමුත් ඇගේ ලේ මස මට පෙනෙන්නට ගත්තේ පිල් විදහා නටන්නට වූ කල්හි ය.

මෙලොව බොහෝ දේ බිහිවෙයි. ඒ කුමක් හෝ හේතුවක් මුල්වන නියායෙනි. හේතුව කිනම් රැඟුමක් පායි ද ඒ එලෙසින් ම ඵලය වෙයි. වරදක් කළොත් වග කියන්නෝ හේතුව ය. නිසි සේ කළොත් පැසසුම් ලබන්නෝ ඵලය ය. ඒ ලෝ දමේ සැටි ය. මේ ලොවට ඇක්ෂන්කී අධ්‍යක්‍ෂකවරයාගේ සැටිය.

Categories
Buddhism Something to think What I see

බෞද්ධ අපේ හිමිවරු නිවැරදි ද?

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා! ඕන්න මං මේ පාරත් අවුරුදු තෑග්ගක් අරං ආවා. 🙂 හැබැයි මාර්තුකාව ඇහුවාමත් නිකං ඇඟ හිරිවැටෙනවා වගේ නේද? මං දැන් “cool down” කිවුවොත් ඔබ මාව down කරනවා ෂුවර්. 😀 දැන් මෙතෙන්දි එකෙන් ම මතක් වෙන්නෙ මේ ටිකනෙ: “බොදු බල සේනා, සිංහල රාවය, ගිනි තබා ගැනීම්, ගවයන් මැරීම වළකමු, ගවමස් නොකමු, දේශපාලනය හාමුදුරුවන්ට කැපද?” මගේ ටිකිරි මොළේට තේරෙන විදියට මේවා ගැන පොඩි සටහනක් දාන්න හිතුවා. හැමදාම කියන්න වගේ අඩුපාඩු, යෝජනා, චෝදනා, සාකච්ඡා, ඔබේ මතයට ඕනැවටත් වඩා මෙතන ඉඩ තියෙනවා. හිත ඇත්නම් මොකද්ද කුඩා ද කියනවනෙ? 😉

Categories
Something to think What I see

අප්‍රේල් බුද්ධිමතා

මෝඩයාගේ දිනය, එහෙම නැත්නම් අප්‍රේල් පළවෙනිදා කියන්නෙ කටමැදගෙන ඉන්න දවසක්නෙ. ඕක අපිට ආවෙ සුද්දාට කැලැන්ඩරයක් තෝරගන්න ගියපු එකෙන් බව හැමෝම දන්නවා. ඒකත් ඔය වැලැංටයිං වගේ සමයමක් තමයි. කෝකනමුත් ගෙයින් එළියෙ දොට්ට-පිළට ගිය අපිට ගේ ඇතුලෙම කැත කරගන්න උගන්නපු සුද්දාට මගේ ගෞරවණීය මෙව්වා එක!

Categories
Poems Something to think What I see

මදුරුවා

අපගේ
වරදින් පැතිර

අපගේ දරුවන්ට
විනකරන
පහේ ශිෂ්‍යත්ව
ටියුෂන් කාරයා!

Advertisement

Categories
What I see

Aashiqui 2 – මගේ ඇසින්

ඔව් ඔව්! ඊයෙ රෑ Hiru එකේ තමයි බැලුවෙ. වැඩියත් ම බලන්න කල්පනා කරේ මොකද අෆ්ෆා මේ කට්ටිය නැහෙන්නෙ කියලා බලන්ට. මීට කලින් ඕකෙම මං බලලා තිබුණු English Vinglish, කහානි, Paa, Black ආදියේ තිබුණු සම්භාව්‍ය සාරගර්භය මෙයින් ද ලැබෙතැයි අපේක්‍ෂාවෙන්. මේ ලිපිය ලියන්න හිතුවෙත් බොහෝ දෙනෙක් මේ ගැන මා දරන මතය දැනගන්නට ආසාකළ නිසාත්, එක ම හැමට එකාකාරයෙන් කියන්නට මා අපොහොසත් නිසාත් ය.

You cannot copy content of this page