Site icon Thambaru's Blog

චිරස්ථිය නැති ලොවක බිණුවට අරුතක් නෑ


ගිම් නිවනා මංසලක
කාලයේ සැඩ මාරුතයේ
අතීත හැඩතල සුණුකොට යනහැටි
නැවතී බිණුවා අරුතක් නෑ

හැරගත් සැණෙහි බඹර තටු
දැඟිලි නොමන දවසක
කුටුම්බවත් තම නාමය සිහි නැති
කාසි සොයා හැම පිම්මේ

සිපගත් මලෙහි නටුවේ කටු
නෙතැඟිලි තෙමන අරුමෙක
බසවත් සළරූ භාවය කිසි නැති
තාලය නව ගී රිද්මේ

 


ඔන්න ඒ විධියට පළවෙනි කෙටි කථාවට පස්සෙ පළවෙනි සිංදුවත් ලිව්වා. 🙂 මේක හදලා එළියට දාන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න, දැනට තියෙන ආදරය-විරහවට ම කොටුවුණ රැල්ලක වෙනසක් කරන්න පුළුවන් වෙයි.

Exit mobile version