Tag: javascript

  • Search කරපු text එකක් JS වලින් bold කරලා පෙන්වන්නේ කොහොමද?

    Google එකේ, සහ තවත් වෙබ් සයිට්වල search එකේ අපි දෙයක් ටයිප් කළාම එන resultsවල අපි ටයිප් කරපු දේ highlight කරලා පෙන්වන හැටි දැකලා ඇති​නේ. ඒක කරන්නේ කොහොමද කියලා කල්පනා කළා නම්, ඒ ප්‍රශ්නෙම උත්තරේ තියෙනවා.

    JavaScriptවල includes() එකෙන් String එකක අපි දෙන text එකක් තියෙනවද කියන එක boolean එකක් විදියට දුන්නට මේ වැඩේදි අපිට ඕන වෙන්නෙ search() function එක. ඒකෙන් ලැබෙන්නෙ search කරපු text එකේ index එක!

    (more…)
  • JavaScript වලින් default values set කරමු

    මෑතකදි වෙච්ච මරු සීන් එකක් නිසා තමයි මේ පෝස්ට් එක දාන්න හිතුවෙ. ළඟදි වැඩකරපු project එකක SonarQube පාවිච්චි කරනවා. ඒකෙන් ඔය default values set කරන තැන්වලට || දාන්න එපා… ?? දාපාං… කියලා කෑ ගහනවනෙ.

    ඉතින් සෝනක්කට හිස නමලා ඒ කියපු විදියට කරලා GitHub Copilot එකෙන් PR එක review කරලා ඉල්ලුවාම මොකද්ද දන්නවද වුණේ! ඌ කියාපි ඕකනං හරියන්නෑ මාත්තයො || දාන්න කියලා. පහුගිය කාලෙ ආණ්ඩු මාරු වගේ තමයි.

    (more…)
  • JavaScriptවල Tagged Template Literals කියන්නේ මොකක්ද?

    ඔයාලා JavaScriptවල Tagged Template Literals එක්ක වැඩ කරලා තියෙනවාද? සමහර විට නමින් දන්නෙ නැති වුණාට postgresql.js වගේ library එකක් use කළා නම් අනිවාර්යයෙන්ම මේ වගේ code එකක් ලියලා ඇති.

    මටනම් මුලින්ම ඔය වගේ ලියන්න වුණාම කල්පනා වුණේ, කොහොමද function() එකකදි වගේ brackets නැතුව ඔහොම ලියන්නෙ පල්ලෙගෙදර කිරි අප්පගෙ බූදලෙන්ද කියලා. ඊට කලින් backticks දාලා variable values ලියලා තිබුණට (උදා: `My age is ${age}`) function name එකක් එක්ක backticks ලියන එක odd වගේ දැනුනා.

    අන්න ඒ backticks දාලා ලියන එකට කියන්නේ Template literals කියලා.

    (more…)
  • JS වලින් Date Validation කරමු

    JavaScriptවලදි වලංගු දිනයක් පරීක්ෂා කරන්න ඕන වුණාම ඔයා මොකද කරන්නේ? විශේෂයෙන්ම user input වලින් “2025-40-12” වගේ වැරදි දත්තයක් ආවොත්?

    Frontend එකක මේක කරද්දි Datepicker එකක් දාන්න පුළුවන් වුණාට, API එකකට backend request එකක් විදියට ඕනම විදියක value එකක් එන්න පුළුවන්. (එහෙම එන්නෙ කොහොමද, 40 මාසයක් තියෙනවා කියලා හිතන ලොන්තපෝල් ඇටගෙවල නාකි රතු බූන්දියෙක් ඉන්න පුළුවන්ද කියලා Developmentවලට අත්පොත් තියන කාලෙ හිතුණට critical systemsවල මේ හැම scenario එකක්ම validate කරන්න වෙනවා).

    (more…)
  • JavaScript Array.reduce() ගැන කතා කරමු

    reduce() කියන්නේ array එකක් තුළ තියෙන values එකට එකතු කරලා final result එකක් ගන්න පාවිච්චි කරන්න පුළුවන් method එකක්.

    reduce() එකේ හැසිරීම තේරුම් ගන්න හොඳම උදාහරණය:
    🍳 ඔම්ලට් එකක්.

    අපි array එකක් ගමු [බිත්තර, සිහින්ව කපාගත් ළූණු, කපාගත් අමු මිරිස්, ලුණු, ගම්මිරිස්]. දැන් මේ ටික වෙන වෙනම තියෙද්දි ඒකට ඔම්ලට් එකක් කියන්න බෑනේ.

    අන්න ඒ නිසා අපි reduce() කරන්න ඕන.

    (more…)

You cannot copy content of this page