Categories
Health Something to think

ගංජා හොඳ ද?

මරිජුවානා හෙවත් ගංජා යනු දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ බෙහෙතක් ය, ඒවා ඇඟට හොඳයැයි කියමින් අට්ටි ගණන් එහි දුම විඳින්නන්ට ලැබෙන කිසිදු හොඳක් නැත. Facebook post, එදිනෙදා කතාබහ හරහා ඔවුන් එය හරි ලොකු කමක් බව පෙන්වමින් තවත් අය ඊට ඇබ්බැහි කරගනිති. මෙය කෙටියෙන් උදාහරණයකින් පැහැදිලි කරනවා නම්, ලුණු ආහාර වලට දැමීමෙන් රස වැඩිවේ. අයඩින් ඇත්නම් ගලගණ්ඩයට ද හොඳ ය. නමුත් ඒ ස්වල්ප ප්‍රමාණයකින් දැමීමෙනි. ඕනෑවට වඩා දැම්මොත් කන්නත් බැරිය, නිතර වැඩිපුර ආහාරයට ගත්තොත් හෘදයාබාධ පවා ඇතිවේ.

සමාජ ජාල වලින් ලොකු කමක් සේ පෙන්වන, ශරීරයට හිතකර යැයි පෙන්වන මිරිඟූන් නිසා ඊට ඇබ්බැහි වන තරුණ සමාජයක් රට තුළ බිහිවෙමින් පවතී. එය දේශපාලනඥයන් හෝ ඊට මුදල් යොදවන්නන්ගේ කූට‍ වෙළඳ ප්‍රචාරණයක් විය හැක. මෙහි බලපෑම බාලවයස්කාරයන්, ගායකයන් සිට විශ්ව විද්‍යාල වෙත ද පැතිරී ගිය බරපතල ගැටළුවකි.

You cannot copy content of this page