ජීවිතය යනු තර්කයක් කියලා විතරයි කියලා හිතුවොත් ඒ කොල්ලා (රාහුල්) කරපු දේ හරි. කෙල්ල (ආරෝහි) ගොඩ යයි කියන චේතනාවෙන්. අන්තිමට දීපු ආදර්ශෙ– තවත් අසාර්ථකත්වයක් ඇති නොකිරීම බොහොම හොඳයි. ප්‍රේක්ෂක හදවතට ‘දැනෙන කොටස’ සඳහා යොදාගත් ‘සියදිවි නසාගැනීම’ අඩුගානේ ඊට වඩා හොඳ ආකාරයකට විදහාලන්නට තිබුණා.
තවදුරටත් කල්පනා කරොත් මෙය මාර්ටින් වික්‍රමසිංහයන්ගෙ ‘විරාගය’හි කණපිට කතාවක් ලෙසත් මට පෙනුනා. විරාගය සිනමා කෘතියේ ‘බතී’ චරිතයත් ‘ආරෝහි’ විදියම යි. හැබැයි එහිනම් ‘මුහුකුරා යාම’ එහෙම නැත්නම් ආශිකි එකේ විදියට ‘ඉහළට යාම’ හමුවේ වෙනස්වන ආකාරයත් පසුව එය අවබෝධ කරගන්නා ආකාරයත් අපූරුවට දක්වා තිබෙනවා. එහි ආරෝහි ව ‘බතී’ සහ ‘සරෝජිනී’ යන දෙචරිතයන්ට බෙදා මනාව නිරූපණය කරලා තියෙනවා. ආරෝහි මතදී එය සම්පූර්ණයෙන් පටලැවිල්ලක්!
IMDBහි ලොව දෙවැනියට හොඳම චිත්‍රපටය වූ God Father හි Love තේමාව (Speak Softly ගීය) පියානෝවෙන් වයමින් පසුබිම් වාදනය කරන ආශිකි නිර්මාණකරුවා මෙයට ද පෙර කෘතියකින් ආදරය ඔබ්බවන්නට වෑයම් කරයි. එසේ ම හින්දි සිනමා විලාශය තවදුරටත් අනුගමනය කරමින් ප්‍රේක්ෂකයාට නොදැනෙන පරිද්දෙන් ගීත රැසක් ම ඇතුලත් කොට තිබෙනවා. ඒවාට යොදාගත් රූපරචනයන් බොළඳ නැතිවීම විශේෂයි. බොහෝ දුරට හැඟීම් වලින්, මුහුණෙ ඉරියව් වලින් තමයි එය ඉදිරිපත් කරන්නෙ.
බොහෝ දෙනෙක් මේ නිර්මාණය රසවිඳලා තිබුණෙ තම තමන්ගෙ ආදරවන්තිය ‘ආරෝහි’ බවට පත්කරගෙන! හැමට
විවේක් යනු තේමානුරූපීව අනවශ්‍යවූවත් කථානුරූපී සබඳතාව ඇතිකරන්න යොදාගත් වැදගත් චරිතයක්. (ඒ කිව්වෙ අර වේදිකා නාට්‍යවල කථාව කියලා දෙන පොතේගුරා වගේ.) ආරෝහිගේ මව ඉතා ම ස්වාභාවිකය. ඇගේ කොටස ඉතා හොඳින් විදහා ඇත. මුදල් නැතිවුවත් ලොතරැයි ගනියි. පියාගේ චරිතයේවූ නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග පිළිසකර කරදීම මට සමීප චරිතයක් සිහිකරවීය. මව බණිද්දී එය අත්සංඥාවෙන් නවතමින් කරුණාබර පියවරයෙකු බව හඟවයි. තම සහකරුවාට ආදරය කළ යුතුය. එකල්හි මව පියා අමතක කැරැලීම කෙතරම් සාධාරණ ද? සිතන්න. ආරෝහි යනු හොඳ චරිතයක් බව උද්දීපනය කරන්නේ නම් ඈ සතුව ඒ ගතිගුණ තිබිය යුතු නොවේද? ඇගේ මවපියන් ආ බව් ද නොතකා ඇගේ පළමු සම්මානය ලබන උත්සවයේදී කටයුතු කළ අයුරුයි මා සිහිගැන්වූයේ. ඉහළට යන්නට අතදුන් අය සිහිකළ යුතුය, අගයමි! මෙලොවට බිහිවන්ට අතදෙන අය නොමැත්තේ නම් පමණක්.
ගායකයකුගේ නියම ජීවිත තත්වය එහෙම නැත්නම් තම ශාරීරික විශේෂත්වයක් පදනම් කරගෙන වෘත්තීන් කරන සෑම චරිතයකටම අත්වන ඉරණම හොඳින් දක්වා තිබෙනවා. තව කලෙකින් ආරෝහිට වනු ඇත්තේ ද මෙයම යි. අපේ රටේ පැරණි ගායකයන්ට සිදුවී ඇත්තේත් එයයි. එහෙයින් එවැන්නන් වයසට ගියපසු මස්කඩයට දක්වන්නේ ද? යන්න මින් උදෘත කරගත හැකියි.
ඔබ මෙය දකින්නේ කෙසේද? මගේ දෘෂ්ඨියේ වැරදි තිබිණිද? Comment පහසුකම ඇත්තේ එයටයි. 😀 😉