InfoTech 2012 සංවිධානය කළසැටි [part 02]

මේකෙ මුල්කොටස කියවලා නැත්නම් ඔක්කෝට ම කලින් ඒක බලලා හිටියා නම් තමයි හොඳ.

InfoTech 2012 සංවිධානය කළසැටි [part 01]

බ්‍රහස්පතින්දා(ජුනි 07) වෙනකොට Day එකේ වැඩ ගොඩක් ඉවරයි. ඉවරයි කිව්වට දැන් තමයි වැඩි වැඩ පටන්ගන්නෙ! හරියට ම තව සතියයි ඉතිරි සංවිධාන වැඩවලට!! 😮

මේ සතියෙ නම් හොඳ හොඳ දේවල් ගොඩක් සිද්ධවුණා. ඇත්ත ම කිව්වොත් වෙච්ච ගොඩක් ඒවා කට්ටිය ම මට වසන් කළා 🙁 කලින් බ්ලොග් පෝස්ට් එක කියවලා තිබුණු නිසා. 😛 (ඒ උනාට බිත්තිවලටත් කන් තියෙනවා නෙවැ?! 🙂 )

අන්තිමට ම – ඒ කිව්වෙ part 01 ලිව්වට පස්සෙ – බදාදා Scientia 2012ටත් ගිහින් පොතපත මතක් වෙච්ච මම 🙂 බ්‍රහස්පතින්දායි(31) සිකුරාදායි(1) ගෙදර නැවතුණා. ඒ අතරෙ මගේ හොර අත්සනකුත් ගහලා අපේ කට්ටිය එක ආයතනේකට යවලා තිබුණා. (හොරට කිව්වට මං ඒක ගෙදරදි ගහලා ඊමේල් කොලා 😉 )

සඳුදා පොසොන් පෝයට ගෙදරට ම වෙලා ඉඳලා, අඟහරුවාදා ඉස්කෝලෙ ගියා. සංවිධායක අශාන්තුමා නම් හක්මණ රාජ්‍ය පොසොන් කලාපෙට ගිහින් තිබුණා. මට Photos වගේකුත් පෙන්නුවා. ප දන්සල් වැඳලත් තිබුණා. වැඳලා කිව්වට බඩ පැලෙන්න (බිම පෙරලි පෙරලි) වැඳලා; ලෙඩත්වෙලා හිටියෙ! 😀 (වට්ටක්කාවත් කැවුණද මන්දා 😉 )

Rahula College ICT Club 2012 Logo
අපි හදාගත්තු ක්ලබ් ලෝගෝ එක

ඒ අතරෙ පැතුම්නුයි (හචිං!) රමේෂුයි අර උත්තෝලකය තියෙන ආයතනයට ගිහිල්ලා යවලා තිබුණෙ. මේ සිද්ධිය මම දෙන්නගෙන් ම (දෙන්නට ම හොරෙන්) වෙන වෙන ම අහලා දැනගත්තෙ. 😉 මේ දෙන්නා උඩ ම තට්ටුවට ගිහින් එද්දි, එක තට්ටුවකදි Lift එක නැවතුණාලු. එක සැරේ ම කණට පේන අක්කා කෙනෙක් නැග්ගා විතරයි මුන් දෙන්නා  ෆුල් අස්පට් ගහලා (වයසෙ වැරැද්ද!) එතනින් බැහැලා තිබුණා. (උත්තෝලක පාලකයේ මෙයාලා යන්න හිටිතැන සටහන්වෙලා තිබෙන්නට ඇත.) ඒ අක්කා ඇහුවලු “මල්ලිලා Ground Floor එකට නේද යන්නෙ?” කියලා. දතුර උකුණ මාරුවෙලා හිටිය දෙන්න ම (honey බේරි²) “නෑ අක්කෙ මේ තට්ටුව තමයි” කියලා. (පසුව අක්කා තමාට අවශ්‍ය තට්ටුවට යන්නට ඇත.) ටිකකින් සචින් කියනවලු.. “ඈ බං මේ කොහෙද?” කියලා! 😀

බදාදා, අශානුත් එක්ක එකතු වෙලා File Cover එක Design කළා. මෑන්ස් ලෙඩවෙලා 😉 හිටිය නිසා ඉස්කෝලෙ ආවෙ නෑ. So call කරලා ගෙන්වගත්තා. මේ අතරෙ එක ටීච කෙනෙක් ඇවිත් අපේ ධර්මවර්ධන සර්ගෙන් ඔන්න මොකද්ද Video එකක් කරගන්න පුළුවන්දැයි කතා කරමින් හිටියා. English Day එක වෙන්නැති මට මතක විදියට. ඔය කතාවට කොහොමහරි අපේ ඈයොත් සෙට් වෙලා හිටියා. ඒ අතරෙ ICT Day එකට Milo සචින්ගෙ ගානෙය කියලා කතාවක් ඇදුණා. ඒ පාර පැතුම් කිව්වා, “සර්.. මේකාගෙ මාමණ්ඩිට Bar එකකුත් තියෙනවා. Milo නැතිඋනොත් beerවත් ලැබෙයි.. මූට මාමණ්ඩි කොච්චර සලකනවා ද කියනවානම් ලඟින් යද්දි ලෑන්ඩ්රෝවර් එකත් Slow කරලා යන්නෙ!” 😉 (ඔය සචින්ගෙ සුදා.. කොටුකොටු අයිතාකාර දියණියක්ය කියලා මං දැනගත්තෙත් ඒවෙලාවෙ!)  ඒපාර අර ටීච කියනවා.. “එහෙනම් අපේ වැඩේටත් Barපුතාගෙන් සහයෝගයක් ලැබෙයිනෙ?” 😛 ඊට පස්සෙ ගොඩක් වෙලා යනකං ම එකඑක ජාතියෙ කොටුකොටු දියරඇසුරුම් ගැන කතාඋනා. මේපාරත් co-සංවිධායකතුමාට පට්ට නෝණ්ඩියක් හම්බුණෙ. 😀

මෙන්න ඉගෙනගන්න…! ලැජ්ජාවට බිත්තරකටුවල හැංගෙන හැටි: 😉

ඊට පස්සෙ අශානුයි සචිනුයි පොඩි වලියක් දාගත්තා. (ආදරේට) උද්වේගකාරී අවස්ථාවල මාධ්‍යවේදී කැමරා දෝෂ ගැන හිතන එක හරිනෑනෙ?

Photo එකේ පේන්නෙ නිකං අශාන් ගුටිකාලා එනවා වගේ උනාට ඒක එහෙම නෙවෙයි කියලා මතක තියාගන්ට ඕනෑ! 🙂

නැව ගිලුණත් ගැලැක්සී” කියලා ආයිත් සචින්තුමා සුපුරුදු රක්සාවට බැක්සා:

කාලයක් අතුරුදහන්වෙලා මූදුපතුලේ ඉඳලා අල්ලගත්ත දි මුතු සම්පත් සහ ඩිලාන් පල්ලියගුරුයි Letter එකක් හදන්ටෙයි කියලා අල්ලගත්තා. ඒඋනාට වෙන වැඩක් නේද කොරන්නෙ?? වැඩේ මගේ අතට ම camera එකට අහුඋනා. ඕක කරද්දි Busy man කෙනෙක් වශයෙන් ඩිලාන්ගුරු මා නොදිටීයැ.

ඔය අස්සෙ ඉතිං සමහර දේවල් වලට බැණුම් අහන්නත් වෙනවා තමයි… (නේ අශාන්?) 😉

බ්‍රහස්පතින්දා(07) Refreshments කොඹළ ඉඳලා ගේන්ට අවශ්‍ය ගාස්තු අහගන්ටෙයි කියලා මායි, පැතුම්නුයි, පසන් මලිතුයි, දිලුම්නුයි, මැක්සා නොහොත් යසිරු යොමල්නුයි මාතර Railway ඉස්ටේසම පැත්තෙ ගියා. හෙන ගානක් යයි කියලා හිතුවට අන්තිමට එතන හිටපු අංකල් මාමා “රු. දෙසීයයි” කිව්වම අපිට කෝලන්-පී කියවුණා නිකංම! 😛

පසන්ට පින් සිද්ධවෙන්න ඔන්න පළවෙනි වතාවට මගේ බ්ලොග් එකේ පින්තූරුවල මාත් ඉන්නවා 😉

ඊට පස්සෙ ආයිත් අර උත්තෝලකේ පදින්ට සිද්ධ වුණා ගියා. අපේ ටීම් එකේ ඉන්නෙ දහඅටේ කොල්ලො විතරයි! හරිය? 😀

ඔන්න උඩතට්ටුවට ගිහිල්ලා අපි Sponsorship confirmation letter එකත් දීලා, Cashනුත් අරගත්තා. මායි පැතුම්නුයි කතාකරන අතරෙ පසන් මලිත්…

එතෙන්ට ‘හෝ-ගාන පොකුණ‘ හොඳට පේනවා. අනිවා තිසරියක් වඩින්ට ඇති. 😉

ඊට පස්සෙ ඩයලොග් එකටත් ගියා. ඒකෙහිටපු අක්කණ්ඩියක් දැකලා අපේ බහුතරේට ඔන්න මොකද්ද උනා. සිකුරුටි මාමාත් මාත් එක්ක හිනාවුණා ඒ සීන් දැකලා! 😉 (සමාවෙන්ට ඕනි; No images to show. 404)

එනගමන් ශාන්ත තෝමස් පාරේ අයිස්ක්‍රීම් කඩේකටත් භාණ්ඩාගාරිකතුමා ගානෙ Sponsor පාරක් දැම්මා. 🙂

කොහොමද කෑම? පැතුම්-ශිෂ්ටයි.. සර්!..ර්! 😉

එදා හිතාගෙන ආපු වැඩටික අහවර නිසා සමහරු සතුටින් (ද කියන්න හරියටම දන්නෑ) විසිර ගියා. කොහේ ගියත් පාසලේ.. කියලා මමනං ඉස්කෝලෙට ආයිත් ආවා. (කිව්වට පැතුම් ගෙනත් දැම්මා 😉 )

සිකුරාදා උදේ විශේෂ රැස්වීමක් තිබුණා හදිසියේ ම! අපි ලැබ් එකේ වැඩ කරකර ඉඳිද්දි ප්‍රසන්න සර් සහ ධර්මවර්ධන සර් ඇවිත් වැඩේ කෙරෙන හැටි ගැන කතාකළා. සේර ම කරපින්නාගන්නැතුව අනිත් කට්ටියටත් වැඩ බෙදලා දෙන්නෙයි කියලා මටයි අශාන්ටයි තරයේ අවවාද කළා. 😛 (හැම එක ම සිද්ධවෙන plan එක අපි දෙන්නගෙ ඔළුවෙ තමා තිබුණෙ!) රැස්වීමට පස්සෙ මං පැතුම් එක්ක එකතු වෙලා වැඩ බෙදුවා.

ඇත්තම කියන්නෙපැයි; මට මාර නිදහසක් දැනුණෙ! 😀 හැමෝම තම තමන්ට පවරපු වැඩ (සතුටින්?) භාර ගත්තා.

එදා දවස ම හැමෝම වැඩ කළා. හරියටම සතියනෙ තිබ්බෙ!! 😮 අශාන් certificate එක Design කළා. විහඟ සචින් එක්ක තොරණයි, Stage designingනුයි බැලුවා. සසිඳු සහ දිලුම් පුතා එහාට මෙහාට දුවදුව(!) ලියුම් අත්සන් කරගැනීම් ආදිය කළා. පසන්; ධර්මවර්ධන සර් එක්ක එළියට ගිහින් Sponsorsලා confirm කරගත්තා. මෙථිල, නදුන් සහ ඔසුර මල්ලි ප්‍රසන්න සර් එක්ක Membership cards බෙදුවා. දිමුතුයි, ඩිලානුයි ලියුම් ටයිප් කළා. එතකොට මං? මේ ඔක්කොම Manage කළා. 😛 (අවවාද පිළිපැදීම! 🙁 )

සඳුදාට ඉස්කෝලෙ ඔක්කො ම මැෂින්වලට “Hanthana Linux” (සහ Win7) දාන්න ලෑස්ති කළා. අධ්‍යාපන අමත්‍යාංශයෙන් කියලා තිබුණා Windows දැම්මට කමක් නෑ; හැබැයි Pirate copies දාන්න එපා කියලා. (හැබැයි අපි කරන්න යන විදිහ දැනගත්තොත් Bill Gates තව Gates ටිකක් ජනේලෙ ඉස්සරහින් දාවි! 😉 ) සඳුදට බලමුකො.. හන්තානට පායන හඳ Linux ලස්සන ද කියලා…? 🙂

NEXT PART:

InfoTech 2012 [RCM]

Comments

7 responses to “InfoTech 2012 සංවිධානය කළසැටි [part 02]”

  1. budhajeewa Avatar

    මරු මරු! 😀

  2. යසිරු උදාන Avatar

    නියමයි අපේ පැත්තෙත් ඇවිල්ල යන්න

    1. Thambaru Wijesekara Avatar

      @යසිරු: 🙂

  3. Pathum Chamara Vanniarachchi Avatar
    Pathum Chamara Vanniarachchi

    he he thambaru me blog ake mage nama hama thana a madiwata niyama pic akak dala thiyenna maget athi vishishta pic koma hari ahenam mama kana akak gathta ne matat nodanima hodai hodai wade narakama na hode…….

    @Thambaru wenada wagema kiyanna thiyenne supiriiii post akak hodada me welawata thama mata hitenne infotech hodama blog akata dena gift aka ape thambaruta labuna nam hodai kiyala 😀

    1. Thambaru Wijesekara Avatar

      @pathum: හෙහේ.. 😀 තෑන්ක්ස්.. තෑන්ක්ස්..!

  4. madara Avatar
    madara

    where the other 4to
    STGHS

    1. Thambaru Wijesekara Avatar

      @madara: I think you’re talking about the later post after this, INFOTECH 2012.
      I can’t add all photos to the blog. 🙂

      Just follow the Facebook Album. (I know you’ve already 😉 )
      https://www.facebook.com/media/set/?set=a.3484353223381.2132934.1107894870&type=3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page