Site icon Thambaru's Blog

Dialog Couple Blaster තුන් දෙනෙක් එක්ක පාවිච්චි කරමු

සාමාන්‍යයෙන් Dialog Couple Blaster එක දෙන්නෙක්ට පමණක් පාවිච්චි කරන්න පුළුවන් බවට හිතුණත්, එය ඇත්තෙන්ම තුන් දෙනෙක් අතර නොමිලේ දුරකථන ඇමතුම් ගන්නට, SMS යවන්නට පාවිච්චි කරන්න පුළුවන්. එසේ හැකි වන්නේ Dialog Couple Blaster පැකේජය එක් අයෙක් විතරක් දාගත්තාම දෙදෙනාටම එය Active වන විශේෂාංගය නිසායි. මේ නිසා මවට, පියාට, සහ දුරක ඉන්න දුවෙක්ට එකිනෙකා අතර නොමිලේම කතාබහ කරන්නට අවස්ථාව උදා වෙනවා.

එය කරන්නේ මෙහෙමයි:

  1. දුව, අම්මාව Couple Blaster එකට Add කරගන්නවා.
  2. අම්මා, තාත්තාව add කරගන්නවා.
  3. තාත්තා, දුවව add කරගන්නවා.

Add කරගන්නා දෙදෙනාටම නොමිලේ කතා කරන්නට හැකි වන නිසා දැන්, දුවට තාත්තා එක්ක නොමිලේ කතා කරන්නට පුළුවන් වීමෙන් ත්‍රිකෝණය සම්පූර්ණ වෙනවා. ඒ අනුව, රිසිසේ තාත්තාටත්, අම්මාටත් එකිනෙකා සමග කතා කරන්නට වගේම, දුව සමගත් නොමිලේ කතා කරන්නට හැකි වෙනවා. දුවටත් අම්මා සහ තාත්තා දෙදෙනාම සමග නොමිලේම කතා කරන්නට හැකි වෙනවා.

නිල් ඊතල – Add කරගැනීම, තැඹිලි ඊතල – තමා අනෙකාව Add කිරීමෙන් ඔවුන්ට තමා සමග කතා කිරීමට හැකිවීම

මාසයකටම රු. 132ක් (බදු ඇතුලත්ව) තරම් සුළු මුදලකට මෙම පහසුකම් ලද හැකි අතර, සියලුම ඩයලොග් පෙරගෙවුම් මෙන්ම පසුගෙවුම් පාරිභෝගිකයන්ට මෙම සේවාව ලබා ගන්නට අවස්ථාව තිබෙනවා. සක්‍රීය කළ දිනයේ සිට දින 30ක් පුරාවට මේ පහසුකම් අත්විඳිය හැකියි. 

මෙහි විශේෂතම වාසිය වනුයේ එක් අයෙක් Plan එක Activate කර අනෙක් අංකය රෙජිස්ටර් කිරීමෙන් දෙදෙනාටම, එම අංක දෙක අතර UNLIMITED CALLS සහ SMS හිමිවීමයි. එමනිසා සාම්ප්‍රදායික කපල් පැකේජ මෙන් නොව, එක් අයෙක් පමණක් පැකේජය සක්‍රීය කරගැනීම හොඳින්ම ප්‍රමාණවත් වෙනවා.

මොබයිල් පෙරගෙවුම් පාරිභෝගිකයන්ට මෙම plan එක රු. 132 ක් රීලෝඩ් කිරීමෙන් හා මොබයිල් පසුගෙවුම් පාරිභෝගිකයන්ට #171# ඩයල් කිරීමෙන් සක්‍රිය කරගත හැකි අතර, #171# හරහාම අදාළ මොබයිල් අංකය රෙජිස්ටර් කර ගත හැකියි. මෙහිදී රෙජිස්ටර් කරන අනෙක් අංකය ඕනෑම ඩයලොග් මොබයිල් පෙරගෙවුම් හෝ පසුගෙවුම් සම්බන්ධතාවයක් විය හැක. මොබයිල් පෙරගෙවුම් පාරිභෝගිකයන්ට එම අංකය මසකට එක්වරක් කිසිදු ගාස්තුවකින් තොරව වෙනස් කිරීමටද ඉඩ සැලසෙනවා.

මොබයිල් පසුගෙවුම් පාරිභෝගිකයන්ට එම අංකය තමන් කැමති ඕනෑම අවස්ථාවකදී වෙනස් කිරීමට ඉඩ සැලසෙන අතර, ඒ සඳහා එක් වරකට රු. 100 බැගින් ගාස්තුවක් අය වෙනවා. එසේම, ඔවුන්ට තමාව එක් කරගෙන ඇති අයගේ අංක ද #171# මෙනුවේ ඇති Added by Others යන කොටසින් දැකගත හැකි යි.

Exit mobile version