Site icon Thambaru's Blog

උබුන්ටු 11.04

2011 අප්‍රේල් මස 30 වැනි දින එළිදැක්වීමට නියමිත උබුන්ටු 11.04 සංස්කරණයේ ඇල්ෆා සංස්කරණය මේවන විට දෝස රපොර්තු තත්‍ව යටතේ භාවිතයට ඉඩ සලසා ඇත. පෙර වූ උබුන්ටු සංස්කරණයන් හා සැසැඳීමේදී ඉතා විශාල වෙනසකින් යුත් වැඩතලයක් නිමවා ඇති අතර එය බෙහෙවින් Windows 7 සංස්කරණයට සමානකම් දක්වයි.එනමුත් වින්ඩෝස්වල පූර්ණ අනුකරණයක් ලෙස නොව මෙතෙක් ආ ගමන් මඟෙහි පරිදි ම ලිනක්ස්, ග්නෝම් අනන්‍යතාවය පවත්‍වා ගනිමින් විශේෂ වෙනසක් වැඩතලයට ලබා දී ඇත.

Main Menuවද සෙවුම් පැනලයක් උපයෝගී කොට ගනිමින් සරල කොට තිබේ. එසේ ම එහි අඩංගුව තිබූ System අනුකොටස ShutDown බොත්තමෙන් එළැඹෙන මෙනුවේ යටට ම දමා ඇත.
එකල පහතින්වූ පැනලය වෙනුවට මෙවර එය වම්පසට දමා අයිකන ප්‍රමාණය වැඩිකොට විශේෂ Animations ද ලබා දී තිබේ. එය Unity ප්ලගීනය යැයි හඳුන්වා තිබේ. Trash බඳුන ද ඊට ම ඈඳා ඇති අතර භාවිතා වන (Opened) මෘදුකාංග ප්‍රමාණය වැඩිවීමත් සමග Trash අයිකනය හැකිලෙමින් ඒවාට ඉඩ දේ. දින දර්ශක අතුරුමුහුණත ද සම්පූර්ණයෙන් ම තේමානුරූපව වෙනස් කොට තිබේ.
මෙතෙක් පැවති වදන් සැකසුම් (Word Editing) මෘදුකාංගය වූ OpenOffice.org වෙනුවට LibreOffice යන්න ලබා දී ඇත. එහි නම වෙනස්වුව ද පෙර තිබූ OpenOfficeහි ම අතුරුමුහුණැතිව පහසුකම් වැඩිකොට සකසන ලද්දකි.
මෙතෙක් භාවිතාවූ Rhythem Music Playerය වෙනුවට Banshee නමැත්ත ලබාදී ඇත. එහි ඇති ඇතැම් උපාංග ද Windows Media Playerයට Animation,Effects ආදියෙන් සමානකම් දක්වයි. ශ්‍රව්‍ය දෘෂ්‍ය Qualityය ද වෙනදා මෙන් ම ඉහළ තත්‍වයක් පවතී. සළරූ දර්ශකය ලෙස තවමත් ඇත්තේ Totem Movie Playerය යි.
පඬතිය  සඳහා අන්තර්ජාල පිරික්සුව ලෙස Firefox 4 ලබාදී තිබෙන අතර එය බොහෝ දුරට Chromeහට සමානකම් දක්වතත් ලබාදී ඇති පහසුකම් සලකා බලනවිට එය තවමත් Betaවක් ලෙස පවතින බැවින් Stable එළිදැක්වුමක් ආ කල ඊටත් වඩා දෑ බලාපොරොත්තු විය බව් පෙනී යයි. (එපමණක් ද නොව මා ළඟදී ‘උබුන්ටු සිංහල පරිවර්තකයෝ’ කමිටුවට එක්වූ බැවින් මින් ඉදිරියට පැමිණෙන සෑම සිංහල ෆයර්ෆොක්ස් වෙළුමක ම ‘ස්වදේශීකරණය’හි නම් පෙළෙහි ඉහළින් ම මාගේ නම ද දැකගත හැකිවනු ඇත.)
එසේම මෙම වෙළුමේ ඇති විශේෂත්‍වයක් නම්, සෑම ක්‍රමලේඛකයක ම ඉහළින් ලබාදෙන File, Edit, Help ආදී වූ තීරුව TaskBarය වෙත ම යොමු කොට තිබීමයි. මෙසේ පෘෂ්ඨ විශ්ලේෂණය කළවිට අප්‍රේල් මස අග භාගයේ එළිදැක්වීමට නියමිත 11.04හි අවසන් සංස්කරණය භාවිතයට ඉතා ම පහසු හා Effectsඅතින් ඉතා ඉහළ මට්ටමක ඇති Linux බෙදාහැරුමක් බව නිතැතින් ම වැටහේ.

Download Alpha: here

Exit mobile version