Site icon Thambaru's Blog

එක තැන සිට සැමට කතා

සාමාන්‍යයෙන් Scocial Networks ගොඩක් පාවිච්චි කරන කෙනෙකුට එක එක ඒවයෙ ඉන්න යහළු මිත්‍රාදීන් එක්ක Chat කරන්න වෙන්නෙ ඒ හැම එකකට ම වෙන වෙන ම Log වෙලානෙ. ඒක කොයිතරම් කරදර වැඩක්ද කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. හැබැයි ඔන්න ඕකට විසඳුමක් මට ලැබුණා.

ඉතින් ඔන්න ඕක කරන්න පුළුවන් සයිට් එකක් තියෙනව http://imo.im කියලා. මේකෙන් පුළුවන් ඒ සයිට් එකේ ඉඳන්ම හැම Social Network එකකට ම සබැඳිලා Chat කරන්න. මෙමගින් MSN, Skype, Yahoo, GTalk, Facebook, AIM/ICQ, Jabber, MySpace සඳහා පහසුකම් සපයයි.

මුලින් ම ඒ සයිට් එකට ගිහිල්ලා කැමති නෙට්වර්ක් එකක් තෝරලා ලොග් වෙන්න. ඊට පස්සෙ වම් පැත්තෙ තියෙන [+ Add more accounts] ක්ලික් කරලා අනිත් ඒවත් එකතු කරගන්න. සියළු Contacts දකුණු පැත්තෙ පෙළ ගැසිල ඔබ කථාකරන තුරු රැඳී හිඳීවි.

Exit mobile version