උඩින් බිමින්-වර සයිට් බලන්-වර!

කලින් පෝස්ට් එකකින් වෙබ් අඩවියක් උඩ/බිම ද කියලා බලන හැටි කියලා දුන්නනේ. ඒක දැක්කේ නැත්නම්, මෙතනින් බලන්න.
ඒක වෙන රටක වැඩක් වුණාට ඔන්න ඉතිං ලංකාවටත් ඒ වගේ සේවාවක් තිබුණනම් හොඳයි කියලා හිතුණ නිසා මමත් ඒ වගේ ම ඊටත් වඩා දියුණු කළ ‘අඩවි උඩදබිමද’ නොමිලේ සේවාවක් පඨාං ගත්තා.
දැන් සිංහල ඩොමේන් තියෙන නිසා අඩවිඋඩදබිමද.ලංකා කියලා දාගන්න තිබුණානම් හොඳයි. ඒත් කාටදෑ සල්ලි තියෙන්නෙ ඕවා ගන්න?
ඒ කොහොමවුණත් මේ tk free domain එකෙන් ඒක මම එළිදැක්වූවා. ඊයෙ හවස පටන්ගත්ත වැඩේ අද උදේ පාන්දර වෙද්දි ඉවර කරගත්තා. කොච්චර මහන්සි වුණත් “everything for free” කියන slogan එකට වැඩකරන නිසාත්, මුදලට වඩා සිතේ සතුට අගයන නිසාත් මෙය සම්පූර්ණයෙන් ම නොමිලේ සැපයෙන්නක්!

මේක PHP Script එකක්. ඊට පුළුවන් අපි ලබාදෙන ඕනෑම අඩවියක HTTP, FTP, POP3 සහ SMTP කියන පැතිකඩ සියල්ල ම පරීක්‍ෂා කරන්න. ඊට පස්සෙ වගුවකින් සියළුම තොරතුරු කියනවා.

 

http://sitecheck.thambaru.com

මේ වගේ සේවාවන් කීපයක් ම ඉදිරියෙදිත් ආරම්භ කරන්න අදහස තියෙනවා. බලමුකො. හැබැයි අවුල තියෙන්නෙ මගේ මේ free host එකෙන් දීලා තියෙන Sub Domain 20න් 6ක් ම දැන් ඉවරවෙලා! (:පී)  Updated: දැන් ඕන්න .com එකක් ගත්තා paid hosting එක්කම!
මේ නොමිලේ සේවාව වැදගත් කියලා හිතෙනවා නම්, Share කරන්න.

Comments

5 responses to “උඩින් බිමින්-වර සයිට් බලන්-වර!”

  1. eSupun Avatar

    There is no need to worry about sub-domain limit. I will extend it for you when you need it. Just ask for it. 🙂

    I see you are having a good use of that. That’s why I thought to help you out.

  2. Pathum Chamara Vanniarachchi Avatar
    Pathum Chamara Vanniarachchi

    Mae Mona mala wikaarayakda bn,….
    therennaa naaae mata..

    1. Thambaru Wijesekara Avatar

      හනේ.. හනේ? IT කොරන ළමයි නෙව? 😛

      (I’ll describe it at school 😉 )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page