සිංහල විකිපී–යාව


නිදහස් යැ සකසන්ට
සිංහලෙන් දැනුම දෙන
IPය පෙන්වා
Reg නොම ගන්වා
ස්‍වදේශීකරණයෙන්
2005දී ඇරැඹුණී යැ

අළුත් අයට ආයුබෝ කියන
ලිපි ලියනට දිරිය දෙන
සැම විට මැ අවුල් ද වෙන
sockpuppetsලද ගෙනෙන
සිහල පරිපාලක වෙසෙන
පරිශීලක එකමුතුව!

admin ඉල්වන්ට ඉඩනොදෙන
විරුඬව රචනා ලියන
පරණවුන් රජකරන
අපේ විකිපී–යාව

හොඳත් නරකත් එකට මුහුවූ
තෝරාගන්නට හංස-නෙත නැති
ප්‍රාරම්භකයන් යහපත පැතුව ද
තම තම අධිපතිකම් විදහාලන

ඇතැමෙක් රවටා පෙරැවූ රජය ද
ගත්තෝ මුදලුත් ලියු ලියු ලිපියට
ලිව්වොත් අයුතු ලිපි සැණින් මකාලන
Copyright ගැන අවදිවැ සොයමින්

කෙනෙක් නැඟී ගෙන එන බව් දුටහොත්
වහා එකතු වී හේ පෙරලාලන
පෙන්වා හොඳ හිත යටින් හීන් නූල්
යහපති වැජැඹෙති සිංහල විකි–යා

See Also: http://bit.ly/g62GeQ

Comments

2 responses to “සිංහල විකිපී–යාව”

  1. budhajeewa Avatar

    මොකක් නමුත් අස්පට් එකක් වගේ! :O

  2. /බිඟු...! Avatar

    ඔව් ඔව්… මොකක් හරි අලයක් තියෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page