Google වලින් සොයන සැටි සළරුවෙකින් කියාදෙමු

ගූගල් වලින් ඕනෑම දෙයක් සොයන හැටි  පොඩි සළරූ පොඩිත්තකින් හැමෝටම පෙන්වන්න හොඳ ක්‍රමයක් තියෙනවා. වැඩි විස්තරයක් කියන්න ඕනැ නෑ. මෙන්න මේ URI එකට ගිහින් බලන්නකො.  http://tinyurl.com/4ekqt5eමේක කරන්න හරිම ලේසියි. මේ වැඩේ නම් කරලා තියෙන්නේ let me Google that for you කියලා.  LMGTFY කියන කණ්ඩායම තමා මේක හදලා තියෙන්නෙ. මින් ලැබෙන URI මගින් සොයන සැටි පෙන්වලා ඉන්පසු සෙවුම් ප්‍රතිඵලවලට යනවා.

මෙන්න මේ වෙබ් අඩවියට ගිහින් http://lmgtfy.com/ තමන්ට සොයන්න ඔනෑ දේ එහි ඇති පෙළකොටුවේ(Textbox) ටයිප් කරලා [Google search] හෝ [I’m feeling lucky] කියන බොත්තම ඔබන්න. (සාමාන්‍ය ලෙස ම ඒ ඒ බොත්තමෙන් විය යුතු දේ සැකසේවි.)

සැනෙකින් ඊට පහළින් තිබෙන කොටුවක URI එකක් ලැබේවි. ඕනනම් ඒක එතනදීම ම short කරගන්නත් පුළුවන්.

එම ලිපිනය අන් අය හා බෙදා හදා ගන්න පුළුවන්. එසේ ම එය සැමට විනෝදයක් ද වනු ඇති.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page